ජනාධිපතිවරණය ඡන්ද විමසීම ඇරඹේ

Presidential election voting begins

 

2024 ජනාධිපතිවරණය සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 ක දී ඡන්දය විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ වූ අතර පස්වරු 4.00ට එය අවසන් වීමට නියමිතයි.

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය සලකුණු කීරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 17,140,354 ක් වන අතර තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාව 712,318 කි.

සමස්ත දිවයිනම ආවරණය කරමින් පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී ඡන්දය සලකුණු කිරීමට අද දිනයේ අවස්ථාව ඇති අතර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1,713 ක දී ඡන්ද ගණන් කිර‍ීමේ කටයුතු සිදු කිරීමට නියමිතයි.

Social Sharing
අවකාශය නවතම පුවත්