මෙවර ජනාධිපතිවරණයේදි තැපැල් ඡන්ද පළ කිරීම් සිදු වූ කාලය තුළ සිය ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ලබාගෙන සමාජ මාධ්‍යය තුළ බෙදා හැරීම් සිදුකළ පුද්ගලයන් සම්බන්ධව වාර්තා වූ අතර ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයක සිට සිය ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ලබා ගැනීම, ප්‍රදර්ශනය කිරීම, ඡන්ද මධ්‍යස්ථානයේ සිට සිය මනාපය පළ කරන අපේක්ෂකයාගේ නාමය ප්‍රකාශ කිරීම සම්බන්ධව මැතිවරණ නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වේ.
මෙම හේතූන් නිසාවෙන් ඡන්ද මධ්‍යස්ථානයට ජංගම දුරකථන රැගෙන යාම සම්පූර්ණයෙන් තහනම් කර ඇත. නොවැළක්විය හේතුවක්මත ජංගම දුරකථනය රැගෙන ගියහොත් ඡන්ද මධ්‍යස්ථානයෙන් පිටත සිටින සිය සමීපතයෙක් හට ජංගම දුරකථනය භාර දී ඡන්ද පළ කිරීමට අදාල මධ්‍යස්ථානය වෙත යා හැකි බවත් එහි වගකීම ලබා ගැනීමට කිසිදු වගකිව යුතු නිලධාරියෙක් ඡන්ද මධ්‍යස්ථානය තුළ නොමැති බවත් මැතිවරණ කොමසාරිස් ප්‍රකාශ කරයි.
පොලිස් නිලධාරින් විසින් ජංගම දුරකථන පරීක්ෂා කිරීම සිදුකරන අතර මැතිවරණ නිරීක්ෂණ නිලධාරින් ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම් සිදු කරනු ඇත. ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානය වෙත ජංගම දුරකථනයක් රැගෙන ගියහොත් සිර දඬුවම් හා දඩ නියම කරන බවත් එම දඬ මුදල රුපියල් 500,000ක් දක්වා නියම කළ හැකි බවත් මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කරයි.