මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති නම්, තමාට නියමිත තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද පත්‍රිකා ලබා ගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.ඒම්.ඒ. එල් රත්නායක මහතා පවසයි. අවශ්‍ය නම් මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිස එහි පිටපතක් භාගතකර ගත හැකි බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
මෙම නිල ඡන්ද පත්‍රිකාව ඡන්දය දැමීම සඳහා අනිවාර්ය නොවන බවත් වංලගු හැඳුනුම් පත ඉදිරිපත් කර ඡන්දය ප්‍රකාශ කළ හැකි බවද හෙතෙම පැවසීය.