ඉන්දියාව කුල සංගණනයකට සූදානම් වෙයි

India prepares for a caste censusකුල සංගණනයක් සිදු කිරීමට ඉන්දියාව සූදානම් වෙයි. ඉන්දියාවේ පළමු වරට කුල සංගණනයක් සිදු කරනු ලැබුවේ 1931 දීය. මෙහිදී එරට වැසියන්ගෙන් 52% පහළ කුල වලට අයත් බව හෙළි විය. මීට වසර කිහිපයකට පෙර බිහාර් ප්‍රාන්තයේ පමණක් කුල සංගණනයක් සිදු කෙරිණි. එහිදී හෙළි වූයේ එහි ජනගහනයෙන් 84% ක්ම පහළ කුලවලට අයත් වන බවත් ඉහළ කුලයේ ජනගහනය 15% ක් පමණක් වන බවයි.

තමා බලයට පත් වුවහොත් අනිවාර්යයෙන්ම කුල සංගණනයක් සිදු කරන බව විපක්ෂ නායක රාහුල් ගාන්ධි පවසන නිසා වර්තමාන මෝදි ආණ්ඩුව කුල සංගණනයක් සඳහා සූදානම් වේ. පසුගිය කාලය පුරාම කුල හීනයන්ට හා විවිධ සුළු ජන කොටස් වලට නොයෙකුත් අසාධාරණකම්වලට මුහුණ පෑමට සිදුව ඇති නිසා විපක්ෂ කණ්ඩායම් මේ සංගණනය අනිවාර්යයෙන් සිදු කළ යුතු බව පවසති.

Social Sharing
අවකාශය පුවත් විදෙස්