කාන්තාවන් පුනරුත්ථාපනයට වවුනියාවේ මධ්‍යස්ථානයක්

A center in Vavuniya for the rehabilitation of women

 

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම පිණිස වවුනියාව පුන්තෝට්ටම් ප්‍රදේශයේදී නව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පෙරේදා (17) ආරම්භ කොට තිබේ. මෙම මධ්‍යස්ථා නයේදී වරකට කාන්තාවන් සියයකට පමණ නේවාසිකව සිට පුනරුත්ථාපනය වීමට අවස්ථාව සලසා දී තිබේ. දිවයිනේ විවිධ පළාත් වලින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන කාන්තාවන් මෙම මධ්‍යස්ථානය වෙත යොමු කරවීම පිණිස පුනරුත්ථාපන අමාත්‍යංශය විසින් අධිකරණ සේවා කොමිෂන් සභාව හරහා සියලුම අධිකරණවල විනිශ්චරයකාරවරු දැනුම්වත් කොට තිබේ. ඒ අනුව පිටස්තර පළාත්වල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවන් අධිකරණ නියෝග මත පුනරුත්ථාපනය කිරීම පිණිස මින් ඉදිරියට වවුනියාවේ පිහිටුවන ලද මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කළ හැකි වේ.

Social Sharing
නවතම පුවත්