මම ස්වාධීන පුද්ගලයෙක් නෙමෙයි. මට දේශපාලන මතකයක් තියෙනවා. ඒ මතයෙනුත් ඔබ්බට යාමට මගේ අදහසක් තියෙනවා.
මම නං ඉන්නේ බයෙන්. මට අනුව ඒ බය ඇතිවෙන්නේ කොහොමද කියලා මම අදහස් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. පුරවැසියන් වශයෙන් අපි දන්නවා මේ රට බංකොලොත් වුනා. රට බංකොලොත්වීමත් සමගම ආර්ථිය, නීති පද්ධතිය, සමාජ සංස්කෘතික ජීවිතය අඩාල වුනා. රටක් බංකොලොත්වන අවස්ථාවේ මෙවැනි දෙයක්වීම ස්වභාවිකයි. තමන් ගැනත් තමන්ගේ අනාගතය ගැනත් බයක් ඇති වුනා. තමන්ගේ පවුල ගැන පවුලේ ස්ථාවරය ගැන බයක් ඇති වුනා. තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන බයක් ඇති වුනා. අපි සියළු දෙනාම මෙන්න මේ බය නිසා ඇති වුනු සාංකාවකින් තමයි ජීවත් වෙන්නේ. ඒක තමයි යථාර්ථය. අපි කාටත් විශාදයක් තියෙනවා. ඒක දේශපාලන විශාදයක් (Political Anxiety ) ඒ නිසා අද දින ඡන්දදායකයන්නේ හැසිරීම ගැන පුදුම වෙන්න දෙයක් නෑ. විශාදයට පත්වුනු පුද්ගලයෝ තීන්දු ගන්නේ අතාර්කිකව. හැගීම් වලින්. එවැනි තීන්දු ගන්න පුද්ගලයන් හිතනවා. අපි ශ්‍රී ලංකා එකේ, යූ.එන්.පී එකේ, මෛත්‍රීපාලගේ බුෆේ එකෙනුත්, රාජපක්ෂගේ බුෆේ එකෙනුත් කාල තියෙනවා. අපි කාල නැත්තේ ජේ.වී.පී. එකේ බුෆේ එකෙන් තමයි කාලා නැත්තේ. ඒ නිසා මේ පාර ඒ බුෆේ එකෙනුත් කන්න බලාපොරොත්තු වෙනවා. මෙවැනි චර්යාවක් අපිට මේ සමාජය තුළ දැකීමට තියෙනවා. ඒක අපිට 21 වෙනිදා තමයි බලන්න වෙන්නේ.
මේ දේශපාලන විෂාදය නිසා ලංකාවේ මෙතෙක් අපි රැකගෙන පැමිණි කරුණු දෙකක් අභියෝගයට ලක් වෙනවා. පළමුවැන්න තේරවාද බුද්ධාගම. අනික තමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. නියෝජිත ප්‍රජාතන්තුවාදය අප තුලින් ගිලිහීයන අවස්ථාවක අපි ඉන්නවා වගේ බයක් මට ඇතිවෙලා තියෙනවා. පරිකල්පනය ගොඩනැගෙන්නේ අපේ අත්දැකීම් තුළින්. අත්දැකීම් නැති නිසා පරිකල්පනයක් ඇතිවෙන්නේ නැහැ කියන එකට හොඳම උදාහරණයක් තමයි සුනාමි පැමිණීම. සුනාමි කිව්වම අපි ගණන් ගත්තේ නෑ. මුහුද ගොඩ ගලන්නේ නැහැ කිව්වා. ඒ නිසා අපි ආරක්ෂා වුනේ නෑ. මොකද සුනාමිය ගැන අපිට පරිකල්පනමය අදහසක් තිබුණේ නෑ. අපේ රටේ, අපේ අනාගතය ගැනත් එහෙම තමයි. අපි ඒ ගැන පරිකල්පනය කරන්න අමාරුයි.
අප රට තුළ ඇතිවීමේ අවධානමක් තිබෙන්නේ ඒකාධිපතිත්වයක් (Dictatorship) සර්වාධිකාරීවාදී (Totalitarianism) තත්ත්වයක්. බොහෝ දෙනෙක් ඡන්ද දෙන්න හිතන්නේ ඒකාධිපතිත්වයක් වෙතයි. හිට්ලර් බලයට ආවෙත් සමාජවාදී පක්ෂයකින් ඡන්දෙයන්. බොහෝ ඒකාධිපතීන් බලය පැමිණ තිබෙන්නේ පුරවැසියන් ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දය භාවිතා කිරීමෙන්. 1931 ඡන්දබලය ලැබීමෙන් පසුව ලංකාවේ පුරවැසියන් ඒකාධිපති රජයක් බිහි කිරීමට පළමු වතාවට කරන උත්සාහය මෙය විය හැකියි.
මෙම තත්ත්වය සිදුවිය හැකි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මෙම තත්ත්වය මතුවිය හැකි දේශපාලන ආර්ථික තීරණයක් හයක් මට සඳහන් කළ හැකියි. පළමුවැන්න නව රජයක් විසින් IMF ගිවිසුමට හරයාත්මක හෝ කාර්ය පටිපාටිමය සංශෝධනයක් කලහොත්, මාස 06 ක අවමයකටත් ඊට වැඩි කාල පරාසයක් තුළ IMF ගිවිසුමට අහෝසිවීමට හෝ නැවතීමට තිබෙන ඉඩකඩ වැඩියි. මාලිකාව කියනවා DSA (Debt Sustainability Analysis) ඇතුළත් පරාමිතීන් ගැන සාකච්ඡා කරනවා කියලා. ගිවිසුමේ නීතිය අනුව එවැනි යෝජනාවක් ඉදිරිපත් වූ වහාම එම ගිවිසුම නවතිනවා. ගිවිසුමේ හරයක් ( Core Issue ) වෙනස් කිරීමේ හැකියාවක් නෑ. තවත් විපක්ෂ දේශපාලන පක්ෂයක් වන සමගි ජන බල වේගය නියෝජනය කරන ආචාර්ය හර්ෂ ද සිල්වා කියනවා අපි DSA එක වෙනස් කරන්නේ නෑ අපි ණය (Debt Sustainability Agreement ) විස්තීරණ ගිවිසුම නැවත සාකච්ඡා කරනවා යනුවෙන් පවසනවා. ඒකෙන් ඔහු අදහස් කරන්නේ අපි ගේ වෙනස් කරන්නේ නෑ. ඒත් කාමර තියෙන විදිය වෙනස් කරනවා කියලා. එවැනි දෙයක් කරන්න අඩුම වශයෙන් මාස 06 ක් වත් යනවා. එවැනි තීරණයක ප්‍රතිඵලය කුමක්ද? එහි ප්‍රතිපලය වන්නේ දෙසැම්බර් මාසයේදී අපට ලැබෙන්න තියෙන ඩොලර් මිලියන 400 පමණ වූ ණය මුදල නොලැබී යනවා. එයින් සිදුවන හානිය අප අත්දැක්කා. ඩොලර් ද්‍රවශීල අර්බුදයක් එනවා. ආර්ථිකය නවතිනවා. දේශපාල අස්ථාවරත්වයක් රට තුළ නැවතත් ඇතිවෙනවා. දෙවැනි කරුණ ආදායම් උත්පාදනය ගැන අදහසකින් තොරව සුබසාධන වැඩ පිළිවෙළ ඉදිරියට ගෙනයාමයි. මේ සුබසාධන ක්‍රියාවන් සම්බන්ධයෙන් මාලිමාව සහ සජබෙ දැන් තරඟයට පොරොන්දු දෙනවා. ණය විස්තීරණ ගිවිසුමේ තිබෙන ප්‍රධාන කොන්දේසියක් තමයි දළ රාජ්‍ය වියදම 13 % තබා ගැනීම. 2028 අපි ණය වාරිකයේ පොලිය 4% වෙන අවස්ථාවේ දී රාජ්‍ය දළ වියදම 17 % ක නැවතිය යුතුයි. ඒකට ආර්ථික තිරසරභාවය කියන්නේ. පොරොන්දු වන දේවල් කරන්න බැරි වෙනවා මේ අනුව. එවිට තමයි පළමුවන දේශපාලන ඉච්ඡාබංගත්වය ඇතිවෙන්නේ. උපයනවිට ගෙවන බදු අඩු කරන බව පැවසුවත් කවදාවත් ඒක කරන්න වෙන්නේ නෑ. ඒක තමයි යථාර්තය. අපිත් ආදායම් ගෙවන නිසා අපටත් අමාරුයි. මිනිස්සු ආර්ථිකව දැන් මිරිකිලා ඉන්නේ. ගෙයක් බංකොලොත්වුනත්, කොම්පැනියක් බංකොලොත් වුනත්, රටක් බංකොලොත් වුනත් තුනම එකයි. දුක් විඳින්න ඕන. අපි අවුරුදු 76 කට සාප කළත්. ඒක තමයි යථාර්ථය. ඒක සමාජයට කියලා දුන්නේ නෑ. IMF ගිවිසුම සිංහලට දෙමළට පරිවර්තනය කරන්න කිසිම සංවිධානයක් ඉදිරිපත් වුනේ නෑ. ජනතාව මේ ගැන දැනුවත් නෑ. ජනතාව තවමත් හිතන්නේ මහින්ද මහත්තයා ගෙදර දේවල් ගෙනල්ලා දුන්නා වගේ ලැබෙයි කියලා. ඒ දේශපාලන වැරැද්ද කරලා තමයි අපි දැන් කෑගහන්න වෙලා තියෙන්නේ. මේ තුළින් සිදුවන්නේ ණය තිරසරභාවය නැතිවෙන එක. එහෙම වුනොත් නැවතත් 2028 දී බංකොලොත් වෙන්න ඉඩ තියෙනවා.
ඊට පස්සේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය (Economic Democratization) කියලා සංකල්පයක් එනවා. මොකක්ද මේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය. එහෙම තත්ත්වයක් ඇතිවෙනවා නම් අනිවාර්යනේම ධන බද්ධක් පනවන්න වෙනවා. එන්.එම්.පෙරේරා ඉස්සර කිව්වා මතකද මගුල් ගෙදරට සිය දෙනයි. වර්ග අඩි 1000 ට වඩා විශාල නිවාස හදන්න බෑ. ගෙවල් දෙකක් තියාගන්න බෑ. ගෙවල් දෙකක් තියාගන්න බෑ. සමාජවාදී අර්ථක්‍රමයට අනුව ධනේෂ්වර අර්බුදයක් පාලනය කරන්න හදන හැම උත්සාහයක්ම අවසන් වෙන්නේ අරපිරිමැසුම්දායකත්වයෙන්. ශ්‍රේෂඨ ආර්ථික විශේෂඥ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාටත් මේවා තේරුණේ නෑ. දැන් ඉන්න සමාජවාදීන්ටත් මේවා තේරෙන්නේ නෑ. අවසානයේ දී වෙන්නේ රට තුළ විශාල අස්ථාවරත්වයක් ගොඩනැඟීමයි. එහෙම දෙයක් කරන්න බෑ අධිකාරීවාදී දේශපාලන ක්‍රමයක් නොමැතිව.
මේ අය හිතනවා ප්‍රාග්ධනයක් නිපදවීමෙන් තොරව නිෂ්පාදන ආර්ථිකයකට ආයෝජනය කරන්න. සංස්කෘතික විප්ලවයන් කියපු අයට ඒවා මතක ඇති. නැත්නං කම්බෝලියාවේ සිදුවුනු දේ මතක් කරන්න පුළුවන්.