හොර ඡන්ද දඩය ලක්ෂ 2 දක්වා ඉහළට

The fine for fraudulent votes is up to 2 lakhs

 

මැතිවරණයකදී වංචනික ලෙස ඡන්දය ප්‍රකාශ කරන පුද්ගලයන්ට නියම කර තිබූ රුපියල් 500කට යටත් වන දඩ මුදල රුපියල් ලක්ෂ 2ක් දක්වා ඉහළ දමා තිබේ.
එම චෝදනාවන්ට වරදකරුවන්වන පුද්ගලයන්ට වසරකට නොවැඩි සිර දඬුවමක් ද නියම කෙරෙන බව මැතිවරණ කොමිසම පැවසුවේය. වෙනත් තැනැත්තකුගේ ඡන්දය වංචනික ලෙස දැමීම, වෙනත් අයකු ලෙස පෙනී සිට ඡන්දය භාවිතය ඇතුළු වංචනික ක්‍රියාවන් සම්බන්ධයෙන් 2023 අංක 23 මැතිවරණ විශේෂ විධිවිධාන පනත යටතේ අදාළ නීති දැඩි කිරීමට මේ අනුව පියවර ගෙන ඇතැයි ද කොමිසම කියා සිටියි.

Social Sharing
අවකාශය නවතම පුවත්