වසර 2ක් තුළ ලංකාව ඩොලර් බිලියන 5ක් විදෙස් ණය ගෙව්වා – මුදල් අමාත්‍යාංශය

පසුගිය වසර දෙකේදී (2022 සහ 2023 වසරවල දී) ශ්‍රී ලංකාව විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක පමණ විදේශ ණය වාරික හා පොලී ගෙවා ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

මින් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් ණය වාරික ගෙවීම් වන අතර ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ පොලී ගෙවීම් වේ.

මේ අනුව 2022 වසරේ අප්‍රේල් මාසයේ විදේශ ණය ගෙවීම් තාවකාලිකව අත්හිටුවීමෙන් පසුව ශ්‍රි ලංකාව විදේශ ණය ආපසු නොගෙවන බව ප්‍රකාශ කිරීම අසත්‍යයක් බවද, එම ණය ගෙවීම අත්හිටුවීම අදාළ වනුයේ විදේශීය වාණිජ ණය හා නිල ද්විපාර්ශ්වික ණය සඳහා පමණක් බවද මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

විදේශීය බහුපාර්ශ්වීය ණය රජය විසින් අඛණ්ඩව ගෙවමින් සිටින බවත්, 2022 අප්‍රේල් මස ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමෙන් පසුවද එම බහුපාර්ශ්වීය ණය ගෙවන ලද බවත් මුදල් අමාත්‍යාංශය තවදුරටත් පවසයි.

දිවයින

Social Sharing
නවතම පුවත්