වසන්ත සමරසිංහගේ හොරු ඇල්ලීමේ මිත්‍යාව – නීතිඥ ජානක එදිරිසිංහ

Wasantha Samarasinghe's Thief Catching Illusion - Lawyer Janaka Edirisinghe

ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් නඩුවක් තිබුණා 355/19 අංකයෙන්. හොරු ඇල්ලීම, දූෂණ විරෝධය සම්බන්ධයෙන් මහා හඩක් නඟන ජනතා විමුක්ති පෙරමුණ නැතිනම් ජනබල වේගයයේ ප්‍රබල සමාජිකයෙක් වන වසන්ත සමරසිංහ මේ නඩුවේ පැමිණිලිකරු. දූෂණ ගණනාවක් පෙන්වමින්, අපි හොරු අල්ලනවා යයි කියමින් ජනතාව අමන්නානන්දයට පත් කිරීමේ වැඩපිළිවෙළක් කාලයක් තිස්සේ ඔවුන් විසින් සමාජගත කර තිබෙනවා.

මේක ඇත්තක්ද? මොකක්ද මේ කරන්න යන්නේ? මේක ගැන ඇත්ත දැනගැනීම වැදගත් එළඹෙන ජනාධිපතිවරණයට පෙර. අපි හැමෝටම ඕනේ ලංකාව සොරකමින් තොර රටක් බවට පත් කරන්න. සොරකමින් තොර රටක් කියන තේමාව සොරකමින් පාවිච්චි කරනවා නම්, එය පාවිච්චි කරන්නේ සොර වැඩකට නම්, මහජනයා පරිස්සම් විය යුතුයි. වසන්ත සමරසිංහ ප්‍රමුඛ කණ්ඩායම හොරකම නැවැත්වීම සඳහා මහජනතාව කලඹන රැල්ලක් හදාගෙන තිබෙනවා. අහිංසක මිනිස්සු දන්නේ නෑ මොවුන් සැබෑ ලෙසම හොරකම නවත්වනවද නැත්නම් සොරකම හිඟන්නගේ තුවාලේ වගේ අවභාවිතා කරනවද කියලා.

ශ්‍රේෂ්ඨාධිකරණයට විශාල ප්‍රචාරයක් ලබා දීලා ඔවුන් කලින් සඳහන් කළ නඩුවක් ගොනු කරනවා. මේ නඩුවේ කරුණෙන් කරුණට ඔවුන් චෝදනා ගොනු කරලා තියෙනවා. නඩුවට වගඋත්තරකරුවන් 26 දෙනෙක් ඇතුළත් කරනවා. මේ නඩුවේ පළමු වගඋත්තරකරු වෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලය. දෙවනි වගඋත්තරකරු වෙන්නේ එල්.ටී.එම් හෝලිඩින්ංස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය. මහා විශාල ධනයක් අයථ ලෙස භාවිතා කිරීම, සොරකම් කිරීම  සම්බන්ධයෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකමක් ( 12/1 ව්‍යවස්ථාව යටතේ ) උල්ලංඝණය වී යැයි චෝදනා ඉදිරිපත් කරනු ලැබුවා. මෙහෙම නඩුව පවරන අවස්ථාවේදී වසන්ත සමරසිංහ ඇතුළු කණ්ඩායම විශාල ප්‍රචාරයක් ලබා දෙනවා. ජනතාව තුළ විස්වාසයක් ඇති වෙනවා මෙන්න ජේ.වී.පී./ එන්.පී.පී. එක නඩුදාලා කියලා. ලංකාවේ ඉහළම අධිකරණයේ හොරුන්ට විරුද්ධ නඩුවක් යනවා කියලා ප්‍රචාරය කරනවා.

ඔවුන් මුලදී මෙවැනි ප්‍රචාරයක් ලබා දුන්නද ඔවුන් නඩුවේ ඊළග පියවර සම්බන්ධයෙන් ප්‍රචාරයක් ලබා නොදෙයි. ඊට පස්සේ ඔවුන් කරන්නේ ඊට වඩා පහත් කුජීත වැඩසටහනක්. සුවිසාල ප්‍රසිද්ධියක් දීලා නඩු පවරලා, වේදිකාවල කතා කරලා පස්සේ වෙන කතාවක් කියනවා. නඩුවේ පසුදිනෙක නඩුවේ වගඋත්තරකරුවන්ට විරුද්ධව තීන්දුවක් ලැබෙනතුරු ඉදිරියට ගෙන නොයන බව අධිකරණයට වසන්ත සමරසිංහ විසින් දැනුම් දෙනවා. නඩුව වසන්ත සමරසිංහ මෙම නඩුව පවරන්නේ මහජන නඩුකරයක් හැටියටයි. ඔවුන් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ඉතා පහත් ලෙස ක්‍රියා කරනු ලබනවා.

මේ වගඋත්තරකරුවන්, රාජ්‍ය ආයතන සඳහා නීතිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අතිරේක සොලිසිටර් මිලින්ද ගුණතිලක මහතා පෙනී සිටියේය. ඔහු අධිකරණයට වසන්ත සමරසිංහ ඉදිරිපත් කර ඇති මේ නඩුවේ දැක්වෙන තොරතුරු අනුව මහජන දේපල අවභාවිතාවක් සම්බන්ධ කරුණක් නැතැයි කියමින් ප්‍රබල කරුණු අනාවරණයක් වී බව පවසනවා. ඒ නිසා මේ නඩුව විභාගයකින් තොරව අවසන් කිරීමට වසන්ත සමරසිංහලාට අවසර නොදෙන ලෙස කරුණු සහිතව අදහස් ඉදිරිපත් කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ නඩුවක් ඉල්ලා අස්කර ගැනීමට නීතියෙන් ඉඩක් නැති බවත් අතිරේක සොලිසිටර් ජෙනරල් පවසනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය රීති ගණනාවක් සලකා බලා ඔවුන්ගේ ඉල්ලීමට ඉඩ දෙනවා. නඩුව ඉල්ලා අස්කරගන්නවා.

නඩු පැවරීමෙනුයි, ඉල්ලා අස්කර ගැනීමෙනුයි කළේ බොරු ප්‍රචාරයක් හොරු ඇල්ලීම ගැන ලබා ගැනීමට. අපි සොරුන්ව යැයි පවසන පුද්ගලයන්ව භාවිතා කරනවා ප්‍රචාරය ලබා ගැනීමට, ඡන්ද ලබාගැනීමට සහ දේශපාලන වාසි ලබා ගැනීමට. ජනතාව මුලා කිරීමට.

Social Sharing
අවකාශය නවතම