අඛණ්ඩව සිදුවන විදුලිය බිඳ වැටීම වහාම යථා තත්ත්වයට පත් කරන ලෙස ඉල්ලා දහස- කට ආසන්න පුද්ගලයන් පිරිසක් ඊයේ මධ්‍යම බංග්ලාදේශයේ ගොසිපූර් නුවර කැපොසියා ප්‍රදේශයේ විදුලි ඉංජිනේරු කාර්යාලය වටලා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. දිනකට වාර ගණනාවක් විදුලිය බිඳ වැටීම හේතුවෙන් ව්‍යාපාරික කටයුතු අඩාළ වී ඇතැයි ද, මහජනතාව දුෂ්කරතාවට පත්වී ඇතැයි ද කියමින් විදුලි අර්බුදයට විසඳුම් ඉල්ලා ඔවුන් කලාපීය සහකාර සාමාන්‍යාධිකාරිවරයා එම කාර්යාලය තුළ සිර කළ බව එරට ‘ඩේලි ස්ටාර්’ පුවත් සේවය වාර්තා කළේය.
දිනකට අවම වශයෙන් 10 වතාවක් පමණ විදුලිය බිඳ වැටීම වහා යථා තත්ත්වයට පත් කරන ලෙස බල කරමින් විරෝධතාකරුවන් විදුලි ඉංජිනේරු කාර්යාලය අවට රැඳී සිටි බවත්,ඔවුන් ඉවත් කිරීමට හා කාර්යාලය තුළ සිරකළ සහකාර සාමාන්‍යාධිකාරීවරයා නිදහස් කරගැනීමට කැපාසියා ප්‍රදේශයේ පොලිස් කණ්ඩායම් කිහිපයක් කාර්යාල පරිශ්‍රයට පැමිණ සිටින බව ද ඩේලි ස්ටාර්’ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
කැපාසියා ප්‍රදේශයට දිනකට මෙගාවොට් 22ක විදුලිය අවශ්‍ය වුවද, විදුලි හිඟය හේතුවෙන් එය මෙගාවොට් 7කට සීමා වී ඇති බව කාර්යාලය තුළ සිර වී සිටින සහකාර සාමාන්‍යාධිකාරීවරයා ජනතාවට පැහැදිලි කර ඇතැයි ද වාර්තා වේ. විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කරමින් තත්ත්වය පැහැදිලි කරදීමට පොලිසිය මෙන්ම විදුලි ඉංජිනේරු කාර්යාලයේ නිලධාරීන් ද උත්සාහ දරමින් සිටින බව ඩේලි ස්ටාර් පුවත් සේවය සඳහන් කළේය.