ජමාටි ඉස්ලාම් සංවිධානයේ තහනම ඉවත් කිරීමෙන් ආසියාතික කලාපයේ අන්තවාදය පැතිරීමේ අවදානමක් – මානව හිමිකම් ක්‍රියාකාරීහු අනතුරු අඟවති

Unbanning Jamaat-e-Islam risks spreading extremism in Asia, rights activists warn

ඉස්ලාම් අන්තවාදී සංවිධානයේ තහනම ඉවත් කිරීමට අන්තර්වාර රජ්‍ය පියවර ගැනීම බංග්ලාදේශයට පමණක් නොව සමස්ත ආසියාතික කලාපයටම තර්ජනයක් වන ලකුණු පෙන්නුම් කර තිබෙන බව එරට මානව හිමිකම් සංවිධාන රැසක් පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 1971 සිදු වූ බංග්ලාදේශ නිදහස් අරගලය ප්‍රතික්ෂේප කරන එම සංවිධානය පාකිස්තානයේ ඉස්ලාම් මූලධර්මවාදය අනුගමනය කරන අන්තවාදී සංවිධානයක් බවත්, ඔවුන් 1971 නිදහස් අරගලයේදී පාකිස්තානයට සහාය පළ කළ සංවිධානයක් බවත් මානව හිමිකම් සංවිධාන අන්තර්වාර රජයට තොරතුරු ඉදිරිපත් කර ඇතැයි ද වාර්තා වේ. හිටපු අගමැතිනිය ශෙයික් හසීනාගේ පාලන සමයේදී තහනමට ලක්ව තිබූ ජමාටි ඉස්ලාම් සංවිධානය රජයට එරෙහිව පසුගිය අගෝස්තු මස සිදු වූ ශිෂ්‍ය විරෝධතාව පසුපස සිටි බවත්, ඔවුන් ගෙයික් හසීනාගේ රජය පෙරළා දමා බංග්ලාදේශය ඉස්ලාම් අන්තවාදී රටක් බවට පත් කිරීමේ අරමුණින් යුතුව කටයුතු කළ බවත් හෙළි වී තිබේ.

Social Sharing
අවකාශය නවතම විදෙස්