බංගලි සුළුතර ප්‍රජාව බලහත්කාරයෙන් ඉස්ලාමයට බඳවා ගැනීම ඉහළට

Forced conversion of the Bengali minority community to Islam is on the rise

 

බංග්ලාදේශයේ ඉස්ලාම් අන්තවාදී දේශපාලන සංවිධානයක් වන ජමාටි ඉස්ලාම් විසින් හින්දු ඇතුළු සුළුතර ජාතිකයන් බලහත්කාරයෙන් එම සංවිධානයට බඳවා ගන්නා බවත්, ඔවුන්ට ඉස්ලාම් දහම අදහන ලෙස තර්ජනය කර ඇති බවත් මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ සමාජ ක්‍රියාකාරීන් රැසක් හෙළිදරව් කර ඇතැයි වාර්තා වේ. රට පුරා ඉස්ලාම් අන්තවාදය පැතිරීමේ චෝදනාව මත එවකට හිටපු අගමැතිනිය ශෙයික් හසීනා විසින් ජමාටි ඉස්ලාමීය සංවිධානයට පනවනු ලැබූ තහනම අන්තර්වාර රජය බලයට පත්වීමෙන් පසු ඉවත් කළ බව ද වාර්තා වේ.

මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍යජාලා අතර සටහන් තබමින් බංග්ලාදේශයේ මානව හිමිකම් සහ සමාජ ක්‍රියාකාරීන් ජමාටි ඉස්ලාම් සංවිධානයේ වත්මන් ක්‍රියාකලාපය හෙළිදරව් කර ඇති අතර, ඉස්ලාම් දහම වැලඳ ගැනීම සහ එම සංවිධානයට බැඳීම ප්‍රතික්ෂේප කරන සුළුතර ජාතිකයන් මරා දමන බවට සහ රටින් පිටුවහල් කරන බවට තර්ජනය කර ඇතැයි එහි සඳහන් වේ.

පසුගියදා එරට ග්‍රාමීය පළාත්වල පදිංචි වී සිටින දිළිඳු හින්දු ජාතිකයන් 27 දෙනකු එසේ ජමාටි ඉස්ලාම් සංවිධානයට බඳවා ගෙන ඇතැයිද, ඔවුන් දැනටමත් ඉස්ලාම් දහම වැළඳගෙන ඇතැයි ද බංග්ලාදේශයේ මානව හිමිකම් ක්‍රියාකාරීන් සමාජ මාධ්‍යජාලයේ සටහන් කර ඇතැයි වාර්තා වේ.

Social Sharing
අවකාශය නවතම පුවත් විදෙස්