වේදනාවකින් තොරව ජීවිතය ගත කිරීම මිනිස් අයිතිවාසිකමක් වේ. මේ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) වාර්තාවල ද සඳහන් වේ. එය එසේ සඳහන්වුවත් සාමාන්‍යයෙන් පුද්ගලයෙකු වේදනාවෙන් ඉපදෙනවා සේම වේදනාවෙන්ම මිය යයි. එහෙත් නවීන ලෝකයේ වේදනාවෙන් තොරව ඉපදීමටත් වේදනාවෙන් තොරව මියයෑමටත් අද හැකියාව තිබේ. වර්තමානයේ බොහෝ රටවල මෙලෙසින් වේදනාවෙන් තොරව දරුවෙකු බිහිකිරීමේ හැකියාව මෙන්ම අයිතිය ද මවකට පවතින අතර වේදනාවකින් තොරව දරුවාව බිහි කිරීම සඳහා අවශ්‍ය සේවාව ලබාදීමට ඊට අදාල විශේෂඥ වෛද්‍යවරුන් හා හෙදියන් බැඳි සිටිති.
අපට දැනෙන වේදනාව බොහෝවිට කායිකව ඇතිවෙන වේදනාවක් හෝ මානසිකව ඇතිවෙන වේදනාවක් විය හැක. කායික වේදනාව මෙන් නොව මානසික වේදනාව බොහෝ විට සමීපතයෙක්ගේ මත ද ඇතිවේ. එනම් සිය පවුලේ සාමාජිකයෙක්, යහළුවෙක් හෝ වෙනත් සමීපතයෙක් යම් වේදනාවකට පත්ව ඇත්නම් එවිට අපටද වේදනාවක් ඇති විය හැකිය. සෑම විටම යහපත් ශරීර සෞඛ්‍ය තත්තවක් පවත්වා ගැනීම මඟින් ඕනෑම පුද්ගලයෙකුගේ සියලුම ලෙඩ රෝගවලට පිළියම් ලැබෙනු ඇත. ඒ සඳහා සමබර ආහාර වේලක් ගැනීම, ව්‍යායාම, මානසික සංසුන්භාවය, සිත එක තැනක පවත්වාගැනීම යන කරුණු වැදගත්වන අතර ඒ තුළින් වේදනාවකින් තොර ජීවිතයක් ගත කළ හැකි බව ජාතික රෝහලේ වේදනා කළමනාකාර ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනී, වජිරා කුමුදුනී විජේසිංහ මහත්මිය ඊයේ දින පළවූ ඉරිදා ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කළාය. ඇය පවසන ආකාරයට අප යම් කිසි ශල්‍යකර්මයකට මුහුණ දෙනවානම් එම අවස්ථාවේ දී වේදනාවකින් තොරව ශල්‍යකර්මය සිදු කරගැනීමට අපට අයිතියක් (මානව අයිතිවාසිකමක්) පවතින බවයි. මේ අයුරින් සේවාව ලබා දීමට, ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරුන් මෙන්ම හෙදියන් ඇප කැපවන බව ද ඇය පවසයි.
වේදනාවකින් තොරව ඉපදීමට පමණක් නොව මරණයක් ලබා ගැනීම ද මානව අයිතියක් ඇති බව ඇය පවසන අතර ඇතැම් පුද්ගලයන්ට වේදනාවකින් තොරව සිය මරණය සාමකමිව ලැබීමට හැකියාව ද පවතියි. එලෙසින්ම මිය යෑමට ආසන්න පුද්ගලයෙකුට කරදරයකින් හා වේදනාවකින් තොරව සිය මරණය ලඟා කර ගැනීමට ඉඩ සලසා ගැනීමට වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීම් කළ හැකි වුවත් ඒ සඳහා බොහෝ නීතිමය බාධාවන් පවතින බව ඇය පවසා සිටියි. මේ වනවිට එම නීතින් පුළුල් කරමින් සිටියත් ඒ පිලිබඳ අවබෝධයක් නොපවතින බවත් මේවන විට වෙනත් රටවල මෙම තත්වයට වඩා ඉහළ ස්ථානයක සිටින බවත් ඇය පෙන්වා දෙයි. ඒ අනුව තමන්ගේ ඉපදීම, ජීවිතයට එන ගැටලු, ප්රශ්නවලදී වේදනාවකින් තොරව ජීවත්වීමට ද, තමන්ගේ මරණයත් වේදනාවකින් තොරව අවසන් ගමන් යෑමටත් හැකි බවත් එම සාමාන්‍ය දැනුම රටේ ජනතාවට තිබිය යුතු බවද ඇය පවසයි.
වේදනාවකින් තොරව ජීවත් වීමට නම් අප කළ යුත්තේ අපට ඇති ගැටලුව සම්බන්ධව සමීප හා සුදුසු විශේෂඥ වෛද්‍යවරයකු මුණගැසීමයි. ඔවුන් ලබාදෙන ප්‍රතිකාර මඟින් වේදනාවකින් තොර ජීවත් වීමටත් ශාරීරික වේදනාවන් සඳහා පමණක් නොව මානසික වේදනාවන් හා දරා ගැනීමේ නොහැකියාව සඳහා ද සුදුසු වෛද්‍යවරයකුගෙන් උපදෙස් හා ප්‍රතිකාර ගෙන සිතේ ඇති පීඩාව අවම කරගත හැකි බව වජිරා කුමුදුනි මහත්මිය පවසයි. එමෙන්ම සමබර ආහාර රටාවක් ලබා ගැනීම හා ව්‍යායාමවල යෙදීම තුළින් ද වේදනාවකින් තොරව ජීවත් වීමට බලපානු ලබයි. ඒ සඳහා ආහාර ගැනීමේ රටාව මෙන්ම ප්‍රමාණය ද නිසි ආකාරව සිදු කළ යුතුය. එහිදි වයස අනුව ආහාර ලබා ගත යුතු ආකාරය ද වෙනස් වනු ඇත. මන්ද වැඩිහිටියන්ගේ ශරීරය වර්ධනය වී අවසන් වී ඇති බැවින් ඔවුන් ආහාර ලබා ගත යුත්තේ ඔවුන්ගේ ශරීරය පවත්වා ගැනීමට හා එදිනෙදා කටයතු පවත්වා ගෙන යාමට අවශ්‍ය ශක්තිය සඳහා ය. නමුත් අප රටේ බත් ආහාරයට ගැනීම ඉහළ මට්ටමක පවතින නිසා ලෙඩ රෝග මෙන්ම තරබාරු බව ඉහළ යෑමක් සිදු වේ. එම නිසාවෙන් ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය වන අතර ඒ සඳහා සරල ව්‍යායාම කිහිපයක් උදෑසන හා සවස් කාලය තුළ මිනිත්තු පහළවක ප්‍රමාණයක් ප්‍රමාණවත් වන බවත් කායවර්ධන මධ්‍යස්ථාන සඳහා යෑම අත්‍යවශ්‍ය නොවන බවත් වජිරා කුමුදුනි මහත්මිය පවසයි.
අප බොහෝ විට පුරුදු වී සිටින්නේ අප කරන රැකියාවේ හෝ වෙනයම් කාර්යක නියැළෙනවන විට අප දිනකට අවසන් කිරීමට ඉලක්ක කරගෙන සිටින කාර්යයන් අවසන් කිරීමයි. මෙවැනි අවස්ථාවලදී ද අපට මානසික ව්‍යාකූලතාවයන් ඇතිවන බැවින් අප විසින් සිදුකරන කාර්යයන් සමබරව කරගෙන යාම තුළින් මානසික ව්‍යාකූලභාවයෙන් මිදිය හැකි බව ඇය පවසයි.
වේදනා සමනය කර ගැනීම සඳහා කොළඹ ජාතික රෝහල ඇතුළුව, මෙරට බොහෝ රෝහල්වල වේදනා කළමනාකරණ සායන (Pain Management Unit) පවතින අතර එහි සිටින විශේෂඥ වෛද්‍යවරුන් අවශ්‍ය සායන සඳහා යොමුකරන අතර එම සායන තුළින් ඖෂධ හා ඖෂධ නොවන ප්‍රතිකාර ලබා ගැනීමට හැකි වන අතර මෙහිදි රෝගියා කැමැති වේදනා නිවාරණ සායනවලට සහභාගි වීමට නොහැකි අතර විශේෂඥ වෛද්‍යවරු යොමුකරන සායන වලට සහභාගි විය යුතු බව එතුමිය පවසයි.
එමෙන්ම එතුමිය පවසන ආකාරයට වේදනා සමනය රටේ ආර්ථිකයට ද වැදගත්වන බවයි. මන්ද රටක ජනතාව රටේ ආර්ථිකය දියුණු වීමට කැප වී කටයතු කළ යුතු බවත් කායික වශයෙන් හා මනසික වශයෙන් දුර්වල වූ පුද්ගලයන් සිටින රටක ආර්ථික දියුණුවට බාධක ඇතිකරන බවත් එබැවින් වේදනා නිරාවරණය පිළිබඳ දැනුවත් වී ඊට අදාල පියවර ගැනීම අත්‍යවශ්‍ය බව ජාතික රෝහලේ වේදනා කළමනාකාර ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනී, වජිරා කුමුදුනී විජේසිංහ මහත්මිය පවසයි.