අනුරාධපුර දිස්ත්‍රික්කයේ පෞද්ගලික රෝහලක කාන්තාවන්හට ශල්‍යකර්ම සිදුකරන අවස්ථාවලදී ඇතැම් ප්‍රසව හා නාරිවේදි විශේෂඥ වෛද්‍යවරුන් ශල්‍යාගාරය තුළට එම ශල්‍යාගාර කටයුතු සඳහා අදාළ නොවන බාහිර පිරිමි පුද්ගලයන් ගෙන්වා ගන්නා බව වාර්තාවන සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ප්‍රසව හා නාරිවේදි විශේෂඥ වෛද්‍යවරයාට හිතවත් කම්කරු සේවයේ යෙදෙන බාහිර පුද්ගලයන් මෙලෙසින් ශල්‍යාගාරය තුළ රැඳි සිටින බව පැවසේ. බොහෝවිට සිසේරියෙන් සැත්කම් සහ ගර්භාශය ඉවත් කිරීම් වැනි ශල්‍යකර්ම සිදු කරන අවස්ථාවලදී මේ අයුරින් බාහිර පිරිමි පුද්ගලයන් ශල්‍යාගාරය තුළ තබා ගන්නා බවට මෙම වෛද්‍යවරයාට චෝදනා එල්ල වී ඇත.
මේ අයුරින් රජයේ හෝ පෞද්ගලික යන ඕනෑම රෝහලක ශල්‍යාගාරයක් තුළ කාන්තාවන් ශල්‍යකර්මයකට භාජනය කරන අවස්ථාවේ විශේෂඥ වෛද්‍යවරයා ඇතුළුව සෙසු රෝහල් කාර්‍ය මණ්ඩලය හැර වෙනත් බාහිර පුද්ගලයන් ශල්‍යාගාරය තුළ රඳවා තබා ගැනීම සෞඛ්‍ය ආචාරධර්මවලට සහ නීතියට පටහැනි බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මෙම පෞද්ගලික රෝහලේ කාන්තාවන් ශල්‍යකර්මයන්ට භාජනය කරන අවස්ථාවේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා විසින් කාන්තාවන්ගේ ශරීර ස්පර්ශ කරමින් සිදු කරෙන යම් යම් කාර්‍ය්න් සිදු කිරීමට මෙම බාහිර පිරිමින් යොදාගන්නා බව ද සඳහන් වේ.