මාලදිවයිනේ ආර්ථික අර්බුදය උත්සන්න වෙයි – ආයෝජකයෝ බුරුතු පිටින් ඉවත් වෙති

Maldives economic crisis intensifies - investors pull out

 

ඉස්ලාමීය සරියා නීතිය යටතේ ලොව පුරා මුස්ලිම් රටවල ක්‍රියාත්මක වන මූල්‍යකරණයට අනුව නිකුත් කරනු ලබන සුකුක් බැදුම්කර ණය ගෙවීම් පැහැර හැරීමේ අවදානමකට මුහුණ පා සිටින මාලදිවයිනෙන් ආයෝජකයන් ඉවත් වෙමින් සිටින බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කළේය. වසර 2026දී සැලකිය යුතු ආකාරයෙන් එකවර කල්පිරුණු සුකුක් ගෙවීම් ඇතුළුව ණය ආපසු ගෙවීමේ දුෂ්කරතාවට මේ වන විට මාලදිවයින මුහුණ දී සිටින බවත්, ආපසු ගෙවිය යුතුව ඇති සුකුක් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර පැහැර හැරීමේ අවදානමකට ලක්වී ඇත්තේ විදේශ විනිමය සංචිතය පහත වැටීම හේතුවෙන් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 2001දී බහරේන් මහ බැංකුව ලොව පළමු සුකුක් බැඳුම්කරය හඳුන්වාදීමෙන් පසු මේ වන විට ලොව පුරා මුස්ලිම් රටවල ෂරියා නීතිය යටතේ පවතින එම බැදුම්කර ක්‍රමවේදයට අනුගත වී ඇති අතර, ලොව සුකුත් වෙළෙඳපොළ වර්තමානයේදී අමෙරිකානු ඩොලර් බිලියන 300කට ආසන්න බව ද වාර්තා වේ. මෙතෙක් ලොව කිසිදු මුස්ලිම් රටක් සුකුක් බැඳුම්කර ගෙවීම් පැහැර හැරීමක් සිදු කර නැති බවත්, මාලදිවයිනට එවැනි පැහැර හැරීමක් සිදු කිරීමට ලොව මුස්ලිම් රටවල් ඉඩ නොදෙනු ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

Social Sharing
ආර්ථික නවතම පුවත් විදෙස්