ළමා මන්දපෝෂණය සම්බන්ධව සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාවන්ට අනුව දරුවන් 16,000කට ආසන්න පිරිසක් උග්‍ර මන්දපෝෂණයෙන් පීඩා විඳින බව හෙළි වී ඇත.
ඒ අනුව රටේ පවුල්වලින් හතරෙන් එකක් අසල්වාසීන්ගෙන් ලැබෙන ආහාරවලින් ජීවත්වන බව ද එම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.
තවද එම වාර්තාවලට අනුව පසුගිය වර්ෂයේ මාර්තු මාසයේ පැවැති ආහාර අනාරක්ෂිත නිවෙස් 17% ක ප්‍රමාණයට සාපේක්ෂව එම වර්ෂයේ තුන්වෙනි කාර්තුවේ දී එය 24%ක් දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ. එමෙන්ම රටේ පවුල්වලින් තුනෙන් එකක් ආහාර පිසීමේ වාර ගණන අඩුකර හෝ නැත්නම් ඔවුන්ගේ පරිභෝජනය සීමා ද කර ඇත.
ජනගහනයෙන් 98%ක් ආහාර මිළ ඉහළ යෑම හේතුවෙන් පීඩාවට පත්ව සිටින අතර නිවෙස්වලින් 74% ක ප්‍රමාණයකට ආහාර හෝ දෛනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකියාව ද නොතිබු බවද මෙම වාර්තාවේ සඳහන් වී ඇත.
එමෙන්ම 2022 වසරට සාපේක්ෂව ළඳරුවන් සහ අවුරුදු 2 දක්වා වන ළමයින් අතර අඩුබර සහ මිටිභාවය වැඩි වී ඇති අතර ඉහළම අඩුබර අනුපාතය වූ 24.6% වාර්තාවන්නේ නුවරඑළියේ දිස්ත්‍රික්කයෙනි. 2023 වසරේ ජුනි මාසයේ ශ්‍රී ලංකාවේ කෘෂභාවයට ලක්වූ දරුවන්ගේ අනුපාතය 10%ක් වූ බවත් අවුරුදු පහට අඩු සියලු දරුවන්ගෙන් 1.2%ක් උග්‍ර මන්දපෝෂණයෙන් පීඩාවට පත්ව ඇති බවද මෙම වාර්තාවේ සඳහන් වී ඇත.