ශ්‍රී ලංකාවේ දරුවන් 16,0000ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළන බවට වාර්තාවක්

school children

ළමා මන්දපෝෂණය සම්බන්ධව සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාවන්ට අනුව දරුවන් 16,000කට ආසන්න පිරිසක් උග්‍ර මන්දපෝෂණයෙන් පීඩා විඳින බව හෙළි වී ඇත.

ඒ අනුව රටේ පවුල්වලින් හතරෙන් එකක් අසල්වාසීන්ගෙන් ලැබෙන ආහාරවලින් ජීවත්වන බව ද එම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

තවද එම වාර්තාවලට අනුව පසුගිය වර්ෂයේ මාර්තු මාසයේ පැවැති ආහාර අනාරක්ෂිත නිවෙස් 17% ක ප්‍රමාණයට සාපේක්ෂව එම වර්ෂයේ තුන්වෙනි කාර්තුවේ දී එය 24%ක් දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ. එමෙන්ම රටේ පවුල්වලින් තුනෙන් එකක් ආහාර පිසීමේ වාර ගණන අඩුකර හෝ නැත්නම් ඔවුන්ගේ පරිභෝජනය සීමා ද කර ඇත.

ජනගහනයෙන් 98%ක් ආහාර මිළ ඉහළ යෑම හේතුවෙන් පීඩාවට පත්ව සිටින අතර නිවෙස්වලින් 74% ක ප්‍රමාණයකට ආහාර හෝ දෛනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකියාව ද නොතිබු බවද මෙම වාර්තාවේ සඳහන් වී ඇත.

එමෙන්ම 2022 වසරට සාපේක්ෂව ළඳරුවන් සහ අවුරුදු 2 දක්වා වන ළමයින් අතර අඩුබර සහ මිටිභාවය වැඩි වී ඇති අතර ඉහළම අඩුබර අනුපාතය වූ 24.6% වාර්තාවන්නේ නුවරඑළියේ දිස්ත්‍රික්කයෙනි. 2023 වසරේ ජුනි මාසයේ ශ්‍රී ලංකාවේ කෘෂභාවයට ලක්වූ දරුවන්ගේ අනුපාතය 10%ක් වූ බවත් අවුරුදු පහට අඩු සියලු දරුවන්ගෙන් 1.2%ක් උග්‍ර මන්දපෝෂණයෙන් පීඩාවට පත්ව ඇති බවද මෙම වාර්තාවේ සඳහන් වී ඇත.

Social Sharing
නවතම පුවත්