හෝටල් හිමිකරුගේ බලපෑමට ව්‍යාජ නඩුවක් මත අත්අඩංගුවට ගෙන පහර දුන් බෙන්තර පොලීසිය

බෙිරුවල පදිංචි විසිහතර හැවිරිදි හසිත මාලිංග බෙන්තර පිහිටි හෝටලයක සේවය කරනු ලබයි. ඔහු ඉකුත් අට වන දින රාත්‍රියේ සේවයට ගොස් ඇති අතර නවවන දින උදෑසන 08.00ට පමණ නැවත නිවසට පැමිණ ඇත. නමුත් පසු දින උදෑසන 09.00ට පමණ නැවත හෝටලයට පැමිණෙන ලෙස දුරකථන ඇමතුමක් ලැබී ඇත. ඔහු හෝටලයට නැවත ගොස් ඇති අතර පසුව හෝටලයට පැමිණි බෙන්තර පොලිසීය ආහාර ලබා ගැනීමෙන් අනතුරුව හසිත නැමැති තරුණයාව අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුව මෙලෙසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ විදේශිකයකුගේ මුදල් පසුම්බියක් අස්ථානගත වීමක් හේතුකොට ගෙනය. ඒ අනුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලුවලින් හා අතින් පයින් පහර දි වදහිංසා කර ඇත. තමා අපස්මාර රෝගියෙක් බව එම තරුණයා විසින් පොලිසීයට පවසා ඇති නමුත් පොලිසීය ඒ බව නොතකා ඔහුට පහර දී ඇත.

2024.09.10 වන දින එනම් ඊයේ දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරනයේ හසිත නැමැති තරුණයාට විරුද්ධව සොරකම් චෝදනාවක් යටතේ නඩු පවරා ඇත. මෙම තරුණයා සන්තකයේ තිබී කිසිදු භාණ්ඩයක් හමු වී නොමැති අතර අධිකරණයෙන් මොහුට ඇප ලැබී ඇත. පොලිස් පහර දීමෙන් තුවාල වී සිටින මොහුව අධිකරණයෙන් පැමිණි පසුව කළුතර නාගොඩ මූලික රෝහලේ වාට්ටු අංක 32ට ඇතුලත් කර ඇත.

Social Sharing
නවතම විශේෂාංග