ප්‍රජා පොලිස් ඒකකයේ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවය කළ ශ්‍රී ලංකා පොලීසියේ දැනට සිටින ජේෂ්ඨතම කාන්තා පොලිස් අධිකාරීවරිය වන බිම්ෂානි ජාසිංහආරච්චි මියගේ මූලික අයිතිවාසිකම් උල්ලඝණය වී ඇති බවට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඊයේ (10) තීරණය කර තිබේ.
ඒ අනුව ලබන ඔක්තෝබර් 5 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ඇය සේවය කළ ප්‍රජා පොලිස් ඒකකයේ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස පත්කිරීම සදහා කරණු සලකා බලන ලෙස ජාතික පොලිස් කොමිසම වෙත නියෝග කර ඇත.
ජේෂ්ඨ පොලිස් අධිකාරිණී බිම්ෂානි ජාසිංහආරච්චි මිය 2020 දෙසැම්බර් 14 වන දින සිට ප්‍රජා පොලිස් ඒකකයේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පත්කර ලද බවත්, එම තනතුරේ කටයුතු කරමින් සිටි අතර තුර 2023 ජුනි 15 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවයට එක්වීම සදහා පිටත්ව ගිය බවත්, එම සේවා කාලය අවසන්ව යලි රටට පැමිණීමෙන් පසුව අදාල වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ධුරයේ රාජකාරි කිරීමට අවස්ථාව ලබා නොදුන් බවත්, ඒ හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් ඇය ඉදිරිපත් කළ පෙත්සමෙහි සදහන් වේ.
මෙම පෙත්සමේ වගඋත්තර කරුවන් ලෙස, ජාතික පොලිස් කොමිසම, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරු හතර දෙනෙකු ඇතුළු 14 දෙනෙකු වගඋත්රකරුවන් ලෙස නම් කර තිබුනි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන එස්. තුරේරාජ, ශිරාන් ගුණරත්න සහ අචල වෙන්ගප්පුලි යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාග කර තිබූ අතර, පෙත්සම්කාරිය වෙනුවෙන්, නීතිඥ ශාන්ත ජයවර්ධන සමග ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා පෙනී සිට තිබුනි.