පිටසක්වළ ජීවීන්ගේ කතාව ඇත්ත – පෙන්ටගනයේ හිටපු බුද්ධි නිලධාරියෙක් කියයි

The story of aliens is true - says a former intelligence officer of the Pentagon

පෘථිවියෙන් පිටසක්වළ ජීවීන්ගේ මළසිරුරු සොයා ගැනීම සත්‍ය බවත්, ඒ පිළිබඳ අමෙරිකානු රජය දැන සිටි බවත් පෙන්ටගනයේ හිටපු බුද්ධි නිලධාරියකු වන ලුයිස් එලිසොන්ඩෝ විශ්මයජනක හෙළිදරව්වක් සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පිටසක්වළ ජීවීන් පමණක් නොව හඳුනා නොගත් ආකාශ වස්තූන් සම්බන්ධයෙන් ද රජය දැනුවත්ව සිටි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
හඳුනා නොගත් ආකාශ වස්තූන් පිළිබඳ පෙන්ටගනයේ මෙහෙයුම් භාරව සිටි ලුයිස් එලිසොන්ඩෝ පසුගියදා ‘පෙන්ටගනයේ හඳුනා නොගත් ආකාශ වස්තු දඩයම’ නමින් කෘතියක් එළි දැක්වූ අතර, ඒ පිළිබඳ මාධ්‍ය සාකච්ජාවක දී ලුයිස් මේ ප්‍රකාශය සිදු කර තිබේ.
කලක් අමෙරිකානු හමුදාවේ බුද්ධි අංශ නිලධාරියකු ලෙසත් සේවය කර ඇති ලුයිස් එරට ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පර්යේෂකයකු ලෙස දිගු කාලයක් කටයුතු කර තිබේ. හෙතෙම සැප්තැම්බර් 11 නිව්යෝක් ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් අනාවරණය කර ගැනීම සඳහා විශිෂ්ට කාර්යභාරයක් ඉටු කළ නිලධාරියකු ලෙසද කීර්තියට පත් විය.

Social Sharing
අවකාශය නවතම පුවත් විදෙස්