සොරකම් කල ධනය නැවතත් රටට ලබා ගැනීමේ දේශපාලනික සටන් පාඨය යථාර්තවාදීද?

එය රටට ආදායම සපයන ප්‍රභවයක් විය හැක්කේ කල්ගත වී මිස හෙට අනිද්දාට නොවේ. රටේ ජාතික ධනය මෙරට පාලක පංතිය සොරකම් කල බව සැබෑවකි. එය මෙරට නැවත මෙරට ජනතාව වෙත ලබා ගැනීමද සාධාරන බලාපොරොත්තුවකි.

එසේම එම බලාපොරොත්තුව මිරිගුවක් බවට පත් නොකොට එය යතාර්තවාදී බලාපොරොත්තුවක් බවට පත් කර ගැනීමට නම් එම උත්සාහයේ ගැඹුර අප දැන සිටිය යුතුව තිබේ.

දුෂණ විමසුම මම අරඹන ලද්දේ 2010 තරම් ඇත භාගයේදීය. රටේ ජාතික වීරයකුව සිටි රාජපක්ෂ පවුල අතින් දුෂණය සිදුවන බව පලමුව කිවේ අපිය. එසේ කියා නිකම් සිටියේ නැත. හෙජින් නඩුව ඇතුලු නඩු ගනනාවක් අප අධිකරනය හමුවේ ගොනු කොට ජයගත්තේය.

මෙරටින් සොරකම් කල ධනය විවිද රටවල ආයෝජනය කර ඇති බවද සත්‍යයකි. එය අප සතු වන අත්දැකීමක්ද වන්නේය.

එසේම සොරකම් කල ධනය. මෙරට විවිධ ව්‍යාපාර තුල ද ආයෝජනය කොට තිබෙන්නට හැකිව තිබේ.

එසේ නම් එම ධනය නැවත සොයා යාම සදහා දියුනු පරීක්ෂණ ක්‍රමවේදයක්ද එසේ පරීක්ෂණ පැවැත්වීමට බලය ලබා දෙන හා එසේ සොයා ගන්නා ධනය රාජසන්තක කිරීමට හෝ එසේ යම් ධනයක් සොරාගෙන අතැයි අධිකරනයක් මගින් ප්‍රකාෂයක් ලබා ගැනීම සදහා නව නීතියක් අවශ්‍ය වන්නේය.

එම නීතිය මේ වනවිටත් කෙටුම්පත් කොට ඇති අතර එම නීතිය පාර්ලිමේන්තුව විසින් අනාගතයේදී සම්මත කරගත යුතුව තිබේ.

එම නීතිය පැනවීමෙන් පසුව අදාල පරීක්ෂණ පවත්වා එම ධනය හිමි පුද්ගලයාට එරෙහිව නඩු පවරා අධිකරනය මගින් අදාල නියෝගයක් ලබා දුන් විටක එම පුද්ගලයාගේ වත්කම් තිබෙන්නේ අමරිකාවේ යයි ඔප්පුවු කල ධනය නැවත ලබා ගැනීමේ ක්‍රියාවලිය තවත් දිග්ගැස්සෙන්නේය.

එම ධනය අමරිකාව හරහා ලබා ගන්නට නම් අමරිකාව හා ශ්‍රීලංකාව අතර ද්විපාර්ෂවික ලාංකික අධීකරන නියෝගය (සොරකම් කල ධනය නැවත අය කරගැනීම සදහා වන) ක්‍රියාත්මක කරවා ගැනීමේ. ගිවිසුමකට එලඹී තිබිය යුතුව තිබේ.

ඉන් අනතුරුව ධනය ඉල්ලා සිටින්නේ අමරිකානු පුරවැසියකුගෙන් නම් අමරිකාවේ FBI ආයතනය මගින් Criminal or Civil Judicial Forfeiture: යටතේ නැවත අමරිකානු අධිකරනයක් ඉදිරියේ නඩු පැවරිය යුතුව තිබේ.

එසේ පැවරු නඩුව ඔප්පුවු කල ඉන් අනතුරුව පැන නගින අභියෝගය වන්නේ එසේ තහනමට ගත් ධනය නැවතත් ශ්‍රී ලංකාවට උද්දර්පනය කිරීමයි. මේ සදහාද අමරිකාව හා ශ්‍රීලාකාව අතර ද්වි පාර්ශවික ගිවිසුමක් අත්සන් කල යුතුව තිබේ.

මේ ආකාරයට වෙනත් ඔනැම රටක පවතින සොරකම් කල ධනය නැවත ගෙන්වා ගැනීම සදහා ද්වි පාර්ශවික ගිවිසුම් වලට එලඹිය යුතුව තිබේ.

සොරකම් කල ධනය නැවත රටකට ගෙන්වා ගැනීම සංකීර්න කාර්යයක් වන අතර ඒ සදහා අවම දශකයකට අධික කාලයක් වැය වනු ඇත.

මේ සදහා වන ජාත්‍යන්තර අත්දැකීම වන්නේ නාසි ජර්මානුවන් විසින් යුදෙව්වන්ගෙන් සොරාගත් ධනය නැවත ලබා ගැනීමට මෙහෙයවු ක්‍රියාදාමයයි.

එකී කාර්යට අතගැසු එක් ආයතනයක් වන්නේ ස්විට්සර්ලන්තයේ බාසල් ඉන්සටිටියුට් නැමති ආයතනයයි.

යහපාලන ආන්ඩුවට මේ සම්බන්ධව කටයුතු කිරීම සදහා මෙරටට එම ආයතනයේ උපදෙස් ලබා ගෙන තිබුනි.

මේ අටුවා ටීකා කියන්නේ මෙරට බහුතරයක් සොරකම් කල ධනය මෙරටට නැවත ගෙනැවිත් රටට ඉක්මනින් ගොඩගත හැකි යයි සිතන නිසාය.

එසේම මාලිමාව සහ සජබය අඩු කරන බදු සදහා දරන්නට වන වැය බර, සුබසාධනය සදහා වන වියදම් නැවත සොයාගන්නා සොරකම් කල ධනයෙන් පියවා ගත හැකි යයි විශ්වාස කරන නිසාය.

සැබැවින්ම එය මිත්‍යාවකි. නමුත් සොරකම් කල ධනය නැවත සොයා යැමේ ප්‍රතිපත්තිය මිත්‍යාවක් නොවේ. එය රදා පවතින්නේ පාලකයාගේ සහ සමාජයේ අධිශ්ඨානය මතය.

නමුත් මිරිගුවක් වීමට ඇති ඉඩද ඉහලය.

– නීතිඥ ශිරාල් ලක්තිලක

Social Sharing
අවකාශය නවතම