තැපැල් ඡන්දය සලකුණු කළ ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගැසූ ලංගම රියදුරා අත්අඩංගුවට

 

Langama driver arrested for taking photo of postal vote marked ballot paper

 

මුතූර් ලංගම ඩිපෝව තැපැල් ඡන්ද මධ්‍යස්ථානයේ තැපැල් ඡන්දය සලකුණු කළ එම ඩිපෝවේ සේවය කරන රියදුරෙකු සිය ජංගම දුරකථනයෙන් සලකුණු කළ සිය ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් බව මූතූර් පොලිසිය කියයි. එම තැපැල් ඡන්ද මධ්‍යස්ථානයේ සහතික කිරීමේ නිලධාරියා වශයෙන් කටයුතු කළ ඩිපෝ උප කළමණාකාර මොහොමදු අනිපා අන්වර් සදත් නැමැති අය මුතූර් පොලිසියට කළ පැමිණිල්ලකට අදාළව සැකකරු මෙසේ අත්අඩංගුවට ගනු ලැබීය. සැකකාර රියදුරාට එරෙහිව නඩු පැවරීමට නීතිපති උපදෙස් ලැබෙනතුරු පොලිස් ඇප මත මුදා හැරීමට මුතුර් පොලිසිය විසින් කටයුතු කෙරිණි.

Social Sharing
අවකාශය නවතම පුවත්