වත්තල පොලීසිය අධිකරණ නියෝගය පැහැර හරියි!

police torture sri lanka supreme court Wattala Police OIC name

ව්‍යාජ චෝදනාවක් මත අත්අඩංගුවේ සිටි පුද්ගලයෙකුට වධහිංසා එල්ල කළ වත්තල පොලීසිය අධිකරණයෙන් රෝහල්ගත කරන ලෙස ලබා දුන් නියෝගය ද පැහැර හරියි.

ජාඇල තුඩැල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවරිදි එච්. උදේශ් මධුෂංක තරුණයා ඉකුත් 16 වනදා ජා ඇල පොලීසිය විසින් ව්‍යාජ නඩුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව අගෝස්තු මස 14 වන දා නිවසක් බිඳීම හේතුකොට ගෙන පුද්ගලයකු විසින් දුන් ව්‍යාජ තොරතුරක් මත එම නිවැස් හිමියන් විසින් ඔහුව හොරු විසින් බිඳීමකට ලක්කළා යැයි පවසන නිවසට උදේශ් නැමැති තරුණයාව රැගෙන ගොස් පහර දී ඇත. පසුව ඔහුව ජාඇල පොලීසිය වෙත භාර දී ඇති අතර ඔහුගේ මව 19 වන දා ජාඇල පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේදි උදේශ් පවසා ඇත්තේ ඔහුගේ පුරුෂ ලිංගයට කොච්චි කොටා අතුල්ලා මිරිස් කුඩු ද දමා එල්ලා පහර දුන් බවයි. එමෙන්ම ඔහුගේ මව ඔහුගේ දෑත් නිල් පැහැති රෙද්දකින් ගැටගසා පොලිස් සිර මැදිරියට රැගෙන යන අයුරු දැක ඇත. සිය පුතාව දුටු මව කෑගසා අඬා ඇති අතර එම අවස්ථාවේ පොලීසිය ඇයට තර්ජනය කොට එලවා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මැය විසින් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් දුරකථනය හරහා සිදුකර ඇති අතර මානව හිමිකම් කොමිසමෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලීසියෙන් විමසීමක් සිදුකළ විට එවැනි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව පවසා ඇත. පසුව මෙම උදේශ් නැමැති පුද්ගලයාව හෙරොයින් මිලිග්‍රෑම් 500ක් ලඟ තබාගත් බව පවසමින් ව්‍යාජ චෝදනාවක් එල්ල කරමින් ඉකුත් 20 වන දා වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. එවිට ඔහුව දින 05ක් රඳවා තබාගෙන වධහිංසා කිරීම හේතුකොටගෙන වත්තල මහේස්ත්‍රාත් අධිකරණය මඟින් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කරන ලෙස නියෝගයක් නිකුත්කර ඇත. එලෙසින් නියෝග නිකුත් කර තිබියදීත් 2024 අගෝස්තු මස 23 වන දින වනවිටත් ඔහුව රෝහල්ගත ගත කර නොමැත. මේ වනවිට ඔහුගේ කකුල ඉදිමී තුවාලවලින් සැරව ගැලීමක් සිදුවන අතර තැලුම් වේදනා ද පවතින බව ඔහු පවසා සිටියි.

Social Sharing
අවකාශය නවතම