රිමාන්ඩ් බන්ධනාගාර ගතවූවන් 23,000කට ඡන්ද අයිතිය අහිමි වෙයි?

23,000 remand prisoners have lost their right to vote

 

 

 

සිරකරුවන්ගේ ඡන්ද අයිතිය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමේ පෙත්සමිකරු සහ සිරකරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයේ සභාපති සුදෙෂ් නන්දිමාල් පවසන ආකාරයට ඔහු ජනතාවත් සමග එක්වී කැරලි ගැසීමේ චෝදනාව මත සැකකරුවෙකු ලෙස අත්ඩංගුවට ගෙන  වසර හයක් බන්ධනාගාරගතව සිටි බවත් එම කාලය අතරතුර ඔහුගේ ඡන්ද අයිතිය අහිමි වූ බවත් සඳහන් කළේය. එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ සිරකරුවන්ගේ ඡන්ද ප්‍රමාණය සමස්ත මැතිවරණ ප්‍රතිඵලයට විශාල බලපෑමක් නෙවෙයි කියලා හිතන්න බෑ. නමුත්, බන්ධනාගාර ගත වූවන්ට ඇති අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව අපි පෙන්වා දෙනවා ලෙසය.

මෑත කාලීනව දිනකට හත්සීයක් වැනි පිරිසක් යුක්තියේ මෙහයුම හරහා අත්අඩංගුවට ගැනුන අතර, සැකකරුවන් ලෙස බන්ධනාගාර ගත කිරීම් වැඩිවීමත් සමග 2024 වර්ෂයේ සිරකරුවන්ගේ සංඛ්‍යාව විශාල ලෙස  වැඩි විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 ව්‍යවස්ථාවේ දක්වා ඇති සුදුසුකම් සපුරාලන සිරකරුවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කරන ලෙස මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ වනවිටත් ඉල්ලීම් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 (U) (1) වගන්තිය යටතේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් මෙම නඩුව පවරා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 වගන්ති උල්ලංඝනය කිරීමක් බව සහ 14 (1) (අ). වැනි ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය කිරීමක් ලෙසයි. ඒ සඳහා අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නව දෙනෙකු සඳහන් කරමින්   මැතිවරණ කොමසාරිස්, සහකාර මැතිවරණ කොමසාරිස්,  බන්ධනාගාර කොමසාරිස්, ඇතුලු  සාමාජිකයන් පිරිසක් වග උත්තරකරුවන් ලෙස ලැයිස්තුගත කර තිබේ.

කෙසේ වෙතත් සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබා දීමේදී ප්‍රයෝගිකව මතු විය හැකි ගැටළු අතර, මැතිවරණය සම්බන්ධව බන්ධනාගාර ගත වුවන් දැනුවත් කිරීමට ඇති අපහසුතාව, බන්ධනාගාරවල සිටින සැකකරුවන් විවිධ ප්‍රදේශවල පුද්ගලයන් වීම, දේශපාලන පක්ෂ පදනම්කරගෙන සිරකරුවන් අතර ගැටුම් ඇති විය හැකි වීම යනාදිය ගත හැකියි.

මෙවැනි ප්‍රායෝගික ගැටලු හේතුවෙන් ඉදිරියේදී රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින පුද්ගලයන්ට ඡන්දය තවදුරටත් අහිමි විය හැකියි.

සැකකරුවකු අධිකරණයක් මඟින් වැරදිකරුවෙකු කරන තෙක් ඔහු වරදක් කර නොමැති නිර්දෝශී පුද්ගලයෙකු බවට නීතිය ඉදිරියේ පිළිගනු ලබයි. ඒ අනුව සැකකරුවන් වශයෙන් බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ගේ ඡන්ද අයිතිය සුරැකීම කෙරෙහි මානව හිමිකම් සුරකින සමාජයක අවධානය යොමු විය යුතුය.

Social Sharing
අවකාශය නවතම පුවත්