තලතාට හා රෝහිණීට තේරුණ ජනාධිපතිවරණ යථාර්තය

දැනට පවතින තොරතුරු අනුව කිසිදු අපේක්ෂකයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේ දී 50% +1 ඡන්ද ප්‍රථිශතයක් ලබා ගැනීමට නොහැකි වනු ඇත. එවැනි අවස්ථාවක වැඩිම ඡන්ද ප්‍රථිශතයක් ලබාගෙන ඇති ප්‍රධාන තරගකරුවන් දෙදෙනා ඉවත්කර අනෙක් තරගකරුවන් වෙත ලබා දී ඇති දෙවැනි මනාපය ඉහත අපේක්ෂකයින් දෙදෙනාට ලබාදී ඇති ප්‍රමාණයන් ගනනය කිරීමෙන් පසුව දෙවැනි මානාපය වැඩියෙන්ම ලබාගෙන ඇති අපේක්ෂකයා නම වන ජනාධිපති ලෙස පත්වීමට නියමිතය.

ජනාධිපතිධූරය ස්ථාපිත කිරීමෙන් අනතරුව මෙවැනි ගැටළුවක මුහුණ දෙන ප්‍රථම අවස්ථාව මෙය විය හැකි බැවින්, මෙම ඡන්දයේ දී පළමු මානපය මෙන්ම, දෙවැනි මනාපය ලබා ගැනීමත් ඉතා වැදගත් සාධකයක් වනු ඇත.

රට මෙවැනි සංකීරණ තත්ත්වයකට මුහුණ දෙන්නේ එකම කදවුරක සිටි පිරිසක් දෙපැත්තට බෙදී ජනාධිපතිවරණය සදහා තරග කිරීම හේතුව නිසාය. මේ අනතුර පිළිබදව සමගි ජන බලවේගයේ බොහෝ පිරිසකට අවබෝධයක් නොමැති වුවත්, සමගි ජන බලවේගයේ කාන්තා නායිකාවන්ට මෙම අනතුරු පිළිබදව පැහැදිලි අවබෝධයක් ඇති බව ඔවුන් කර තිබෙන ප්‍රකාශයන්ගෙන් පෙනෙන්නට තිබේ.

රත්නපුර දිස්ත්‍රික් සමග ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිණී මේ අනතුර පිළිබදව පාර්ලිමේන්තුවේ දී බරපතල විවේචනයක් කරමින් සමගි ජන බලවේගයේ නායකයා වගකීම් විරහිතව කටයුතු කරන හදිසි කාරයෙකු බවත්, මෙවැනි අනතුරුදායක තත්ත්වයක් තුළ පක්ෂය තුළ තව දුරටත් කටයුතු කිරීම නොහැකි බව පවසමින් පසුගිය දා පක්ෂයේ තණතුරුවලින් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද ඉවත් වීමට කටයුතු කළාය.

තලතා අතුකෝරල මියගෙන් පසුව, පවතින අනතුරු පිළිබදව ප්‍රකාශයක් කරන සමගි ජන බලවේගයේ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝහිණී කවිරත්න මිය, දෙවන මනාපය නොවරදවාම සජිත් වෙත ලබාදෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ හිතවතුන් ගෙන් ඉල්ලා සිටියි.

රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය එවැනි ඉල්ලීමක් කර ඇත්තේ, අද (03) විශේෂ පුවත්පත් නිවේදනයක් නිකුත් කරමිනි. ”රටේ ම ඉන්න එජාපයේ අය, රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කැම්පේන් කරන අයත්, අනිවාර්යයෙන්ම දෙවැනි මනාපය හරි සජිත් ප්‍රේමදාසට දෙනවා. පොහොට්ටුවේ ඉතිරිවෙලා ඉන්න අපේ ගරු මන්ත්‍රීතුමන්ලා විතරක් නෙවෙයි, ගමේ ඉන්න, පොහොට්ටුවේ ලේබල් වැදුණු හැමෝට ම කියන්න තියෙන්නේ, දෙවන මනාපය නොවරදවාම සජිත්ට දෙන්න කියලා” යයි ද මන්ත්‍රීවරිය සිය නිවේදනයේ සඳහන් කර ඇත.

 

පහත දැක්වෙන්නේ ඇය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය යි

 

ජනාධිපති සමග ම තුන් දෙනයි

‘පාර්ලිමේන්තු මන්ත්‍රිණී හරිනි අමරසූරිය කියනවා අනුර කුමාර ජනාධිපති වූනොත් සැප්තෑම්බර් විසි දෙක පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා කියලා.  රටේ අවසානාවකට වැරදිලා හරි එහෙම වුනොත් ඊට පස්සේ වෙන දේත් මම පියවරෙන් පියවර සහසුද්දෙන්ම කියන්නම්.

දෙදහස් විසි හතරෙ සැප්තෑම්බර් විසි දෙක අනුර පාර්ලිමේන්තුව විසිරුවව්වොත් එදාට ජවිපෙන් කැබිනට් එකට පත් කර ගන්න ඉන්නේ විජිත හේරත් සහ හරිනි අමරසූරිය විතරයි. අඩුම ගානේ ලක්ෂමන් නිපුණආරච්චිට පාර්ලිමේන්තුවේ දිව්රුම් දෙන්නවත් ලැබෙන්නේ නෑ.  ජනාධිපතිත් එක්ක තුන් දෙනයි කැබිනට් එකට දාගන්න පුළුවන් වෙන්නේ. එතන ඉදන් රට අන්ත දරුණු අගාධයකට යන මාවත කැපෙනවා.  ඒක පියවරෙන් පියවර මම කියන්නම්.

 

මගේ එක ම පැතුම…!

 

අනුරලා දිනුවොත් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය තියන්න දෙදහස් විසි හතරෙ සැප්තෑම්බර් විසි දෙකේ ඉඳන් දවස් දවස් හැට පහක් හැත්තෑවක්වත් ගත වෙනවා.  ඒ කියන්නෙ… දෙසැම්බර් මුල් සතියේ ඡන්දය තියන්න පුළුවන්. ජනාධිපතිවරණය දවසේ ඉදන් පාර්ලිමේන්තු මැතිවරණය දක්වා ඒ දවස් ටික අතර,  අර දෙදහස් විසි දෙකේ මැයි නම වෙනිදා පැය හයකට රටේ බලය අතට ගත්තා වගේ ගෙවල් පුච්චන, වාහන ගිනි තියන වගේ වැඩ සිද්ධ නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

එක්දහස් නමසිය අසූ අටේ ජනාධිපතිවරණ සමයේ දී එජාප, ශ්‍රිලනිප, කොමියුනිස්ට්, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ, නව සමසමාජ පක්ෂවලට අයත්  හයසිය අසූ එක් දෙනෙක් ජවිපෙ විසින් ඝාතනය කළා. ජනාධිපතිවරණය දවසේ  හැට තුන් දෙනෙක් දෙනෙකු ඝාතනය කළා. ඒ අතර, මැතිවරණ රාජකාරියට ආපු රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් හිටියා. ඊට පස්සේ,  දවස් හැත්තෑවකින් එක්දහස් නමසිය අසූ නමයෙ පෙබරවාරි පහළොස් වෙනිද මහා මැතිවරණය දවසේත්, ඊට කලින් දවස් දෙකෙත්  ජවිපෙ තමන්ට විරුද්ධවාදී දේශපාලනය කළ හාරසිය තිත්තුනක්ක්  මැරුවා.  මහා මැතිවරණය දවසේ  අසූ හතරදෙනෙකු ඝාතනය කරා.   ඡන්ද මධ්‍යස්ථානවලට බෝම්බ ගැසීම් එකසිය විසි එකක් වාර්තා වුණා. මම ප්‍රාර්ථනා කරනවා, ජනාධිපතිවරණය සහ මහා මැතිවරණ අතර කාලයේ දී ආයෙ සැරයක් එහෙම භීෂණකාරී දවස් හැත්තැවක්, ඇති නොවෙයි කියලා. එහෙම වුනොත්, විරුද්ධ මතයක් තියෙන කෙනෙකුට ඡන්දය ඉල්ලන්න බැරි වෙන්නත් පුළුවන්.

 

ජවිපෙ මහ බැංකුව ස්වාධීන කරන්නෙ නෑ

දෙසැම්බර් මාසේ දෙදහස් විසිපහට අවශ්‍ය අය වැය සම්මත කර ගන්න ඕනි.  හැබැයි අලුත් ආණ්ඩුව ඇවිත් ප්‍රතිපත්ති හදනකල් අය වැය සම්මත කර ගන්න ලැබෙන්නේ නෑ.  ලංකාවේ රුපියල් අර්බුදය එතනින් පටන් ගන්නවා. ඒ කියන්නේ දෙදහස් විසිපහේ උදය ආර්. සෙනෙවිරත්න කමිටුවේ යෝජනා කරපු රුපියල් හත් දහසේ සිට රුපියල් දාහතර දාහ දක්වා වන වැටුප් වැඩිවීම ලැබෙන්නේ නෑ. සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කරන එයටත් වැඩි වැටුප් වැඩිවීම ලැබෙන්නෙත් නෑ. එය අස්සේ, ආයෙත් සැකයක් නැතුව ම  කපුටාස් සහ කබ්රාල් සල්ලි අච්චු ගැහුවා වගේ සල්ලි අච්චු ගහන එක ස්ථිරයි. මොකද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ම ඒක ලියලා තියනවා. මහ බැංකුව ස්වාධීන කරන පනතට විරුද්ධව ජවිපෙ මේ පාර්ලිමේන්තුවේ ඡන්දය පාවිච්චි කරා. ආණ්ඩුව පොලිය තීරණය කරනවා කියන්නේ ම – සල්ලි අච්චු ගහනවා කියන එක.  මහ බැංකුව ස්වාධීන කරන්න ජවිපෙ කවමදාකවත් කැමති නෑ.

 

රටේ ඩොලර් අර්බුදය ආයෙත් පටන් ගන්නවා

අයි එම් එෆ් එකත් එක්ක තියෙන ගිවිසුම වෙනස් කරන්න යනවා කියන්නේ ම, දෙදහස් විසි හතරෙ දෙසැම්බර් ලැබෙන්න තියෙන ඩොලර් මිලියන හත්සීය ලැබෙන්නේ නෑ කියන එක. අපිට මතකයි මැදමුලනේ ගෝඨාභය යහපාලන ආණ්ඩුව පවත්වාගෙන ගිය අයි.එම්.එෆ්. වැඩසටහන විසිකරලා රට විනාශ කරපු හැටි. එන් පී පී ආණ්ඩුවේ මුදල් ඇමති හිල් තියෙන යට ඇඳුම් ඇඳගෙන ගිහින්, කොටස් වෙළෙදපොල සූදුව ගැනයි, ණය ප්‍රතිව්‍යහගත කරණය ගැනයි  කිව්වා; ආයෙත් කපුටාස් හිට් ද ප්ලේන් කාළේ වගේ තමයි. රටේ ඩොලර් අර්බුදය පටන් ගන්නවා.  අයි එම් එෆ් පළමු සාකච්ඡාවේ පිස්සුවක් නැටුවාම ඩොලර් එවන්න කවුරුවත් ජවිපෙ ට නෑ. දෙදහස් විසි හතරෙ ඔක්තෝබර් සිට දෙදහස් විසි පහේ අප්‍රේල් දක්වා ලංකාවට බහූ පාර්ශවීය ණය ගෙවන්නට තිබෙනවා.  ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුවට මේ ගෙවාගෙන ආවා වගේම ණය සහ පොලිය ගෙවිය යුතුයි. දැනට තියෙන අතිරික්තය ඔය මාස තුනට තෙල්, ගෑස් විදුලිය, ඖෂධ ගේන්න පුළුවන් වෙයි.

 

ගෝඨාභය කළෙත් ඔය ටික ම යි

ජවිපෙ දෙන පොරොන්දුව අනුව වැට් අඩු කරනවාලු. බදු අඩු කරනවා ලු. ඒ කියන්නේ අර මැදමුලනේ ගෝඨාභය කරා වගේම ආදායම නැති වෙනවා. මට ඇහුණා කොටස් වෙළඳපොළ සූදුවක් කියනවා. ජවිපෙ ආණ්ඩුවක් එන හුළඟ දැනුණු ගමන් රටේ ලොකුම සමාගම් ටිකේ කොටස් මිල පහත වැටෙනවා. දස දහස් ගානකට රස්සාවල් නැති වෙනවා. කොටස් වෙළඳ පොළ කඩා වැටෙනවා. හරිම සරලයි. මැදමුලනේ ගෝඨාභය යටතේ වුණා වගේම, රටේ ඩොලර් ටික ඉවරයි. තෙල් ටික නැති වෙනවා. ගෑස් ටික නැති වෙනවා. රට හොම්බෙන් යන්න පටන් ගන්නවා. මිත්‍රවරුණි, මැදමුලනේ ගෝඨාභය හොඳටම කළෙත් ඔය ටිකම තමයි. දැන්, තඹුත්තේගම දෙවන ගෝඨාභය කරනවා කියන දේවල්වලින් වෙන්නෙත් ඔය දේ ම තමයි.

 

 

Social Sharing
අවකාශය නවතම