ජනාධිපතිවරණ වේදිකාවේ මේවනවිට රසකතා, විහිළු රැසක් තියෙනවා. ඒ වගේම පොරොන්දු රාශියක් ඉදිරිපත් වෙමින් තිබෙනවා. අපගේ ජනතාව වැඩියෙන් කැමති මේ ඇඟ උණු වෙන, වෛරය ඇතිවෙන කතාවල්. ඒ අතරින් විශේෂයෙන්ම සඳහන් කරන කතාවක් තමයි, 76 වසරක් වෙනවා නිදහස ලැබිලා. මේ කාලය තුළ පත්වුනු රජයන් මොනවද කළේ කියන එක. හොරා කාපු එක ඇරෙන්න අවුරුදු 76 කදි මොනවද කලේ කියලා.
නිදහස ලැබෙද්දි ලංකාවේ ලිවීමේ කියවීමේ හැකියාව ඇති ජනතාව සියයට 44 ක් විතර වුනා. ඒ පිරිසත් ඉගෙන ගත්තේ පන්සල් වලින් සහ පිරිවෙන් වලින්. ලංකාවෙම පාසැල් තිබුණේ 98 ක් පමණ ගානක්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ එකම පාසැලක්වත් තිබුණේ නැහැ නිදහස ලැබෙද්දි. වැඩිම පාසැල් ප්‍රමාණයක් තිබුණේ කොළඹ, කළුතර, ගාල්ල සහ යාපනය, මඩකලපුව වගේ ප්‍රදේශ වල තමයි පාසැල් තිබුණේ. ඒ පාසැල් වලින් තමයි ඒ කාලේ අධ්‍යාපනය ලැබුණේ.
අද ලංකාවේ ජනතාවගෙන් සියයට 94කට පුළුවන් ලියන්න කියන්න. ලංකාවේ අධ්‍යාපනයට පහුගිය වසර 76 තුළ කිසිවක් කළේ නැත්තම් නිදහස ලබද්දී ලියන්න කියන්න පුළුවන් ජනගහනය සියයට 94 දක්වා වැඩිවෙලා තියෙන්නේ කොහොමද? ආසියාවේ රටවල් වලින් ජපානයට පමණයි අපි අධ්‍යාපනයෙන් දෙවෙනි වෙන්නේ. කාලයක් තිස්සේ සිදුවුණු වර්ධනය නිසා තමයි එවැනි වර්ධනයක් සිදුවෙලා තියෙන්නේ. අනූ ගණනකට තිබුණු පාසැල් සංඛ්‍යාව අද වනවිට 10,000 ගණනක් වෙලා තියෙනවා. එය දියුණුවක් නොවෙයිද? අද රාජ්‍ය විශ්ව විද්‍යාල තියෙනවා 17 ක්. පෞද්ගලික විශ්ව විද්‍යාල, විදේශීය රටවල් වලට අනුබද්ධිත විශ්ව විද්‍යාල ගණනාවක් තියෙනවා. සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපනය නිසා අද ගැමි, දුප්පත් ජනතාවට පුළුවන් වෙලා තියෙනවා අධ්‍යාපනය ලබලා විශ්ව විද්‍යාලයට ගිහින් ඉදිරියට යන්න. මමත් අම්බලන්තොට අඳ ගොවියෙක්ගේ පුතෙක්. අපි ඉදිරියට ආවේ පරම්පරාවෙන් ලැබුණු සල්ලි හින්දා නෙමෙයි. නිදහස් අධ්‍යාපනයෙන් ලැබිය හැකිව තිබෙන වාසි නැත්වුණේ දේශාපාලනය විශ්ව විද්‍යාල වලට ගෙන ගිය නිසා. එයින් අවුරුදු හතරකින් උපාධිය ලබලා පිටවෙන ශිෂ්‍යයෙක්ට ඒ සඳහා අවුරුදු හයක් හෝ ඊට වැඩි කාලයක් ගත වුනා. ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය නිසා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් වැඩියෙන් ඉන්නේ මහා පාරේ. එක් වාරයකට සතියක් දෙකක් ඔවුන් වර්ජනයේ. ලැබෙන අධ්‍යාපනය අඩුවෙනවා, එහි ගුණාත්මක බව අඩුවෙනවා.
තරුණ වයසට තමන් පිළිගන්න අදහසක් නිසා ලේ උණුසුම් වෙලා, ඕනම දෙයක් කරන්න පුළුවන් කොටසක්. ඒ නිසා ඔවුන්ගේ මනසට විකෘති අදහසක් දැම්මට පස්සේ මැරෙන්න උනත් ඉස්සරහට එන ජාතියක් තමයි තරුණයෝ. ඒ නිසා ඔවුන්ව නීති විරෝධී හරි රාජ්‍ය විරෝධී හරි ව්‍යාපාරයන්ට ඔවුන්ව යොමු කිරීම පහසුයි. ඒ දේශපාලනය තමයි ජනතා විමුක්ති පෙරමුණේ තිබුණෙත්, ඉදිරියට තියෙන්නෙත්. ඒකෙන් රටට සෙතක් වෙලා නෑ. එකෙන් වෙන්නේ අධ්‍යාපනය ලැබීමට එන ළමයින්ගේ ජීවිතය පස්සට යන එක.
ලාංකිකයන් ලෝකයේ විවිධ රටවලට ගිහිල්ලා රැකියාවන් කරන් ජීවත්වෙන්නේ ලැබූ නිදහස් අධ්‍යාපනය නිසා. ජනතා විමුක්ති පෙරමුණ හැමදාම කළේ මේ අධ්‍යාපනය විනාශ කරන එක. බාධා කරන එක.
නිදහස ලබද්දි ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ වී තිබුණේ තේ,පොල්, රබර් නිසා. අධිරාජ්‍යවාදීන් කවදාවත් අපේ ආහාර පද්ධතිය දියුණු කරන්න උත්සාහ කලේ නැහැ. ඔවුන්ට වුවමනා වුනේ ඔවුන්ට අවශ්‍ය ද්‍රව්‍ය ලංකාවේ නිෂ්පාදනය කරලා ඒ රටවල් වලට අරගෙන යන්න. නිදහස ලැබූ පසුව තමයි අපේ රජයන් කෘෂිකර්මාන්ත දියුණු කරන්න යම් යම් පියවරයන් ගත්තේ. නිදහස ලැබෙන කාලය වන විට ලංකාව සහල් පරිභෝජනයෙන් සියයට 60 ආනයනය කළා. දැන් යම් යම් අවස්ථාව වලදී ගැටළු මතුවුනත් දැන් රට සහලින් ස්වංයපෝෂිතයි. ඩී.එස් සේනානායකගේ සිට මේ වනතුරු රට පාලනය කළ නායකයින්ගේ උත්සාහයන් නිසා තමයි ඒ තත්ත්වයන් ඇති කරගෙන තිබෙන්නේ.
මේවා 76 දී සිදුවුනු දේවල් නොවෙයිද? 76 ම හොරකං විතර ද වෙලා තියෙන්නේ? රජවරු හැදූ වැව් වලට වඩා වැව් සංඛ්‍යාවක් නිදහසින් පසුව පැමිණි රජයන් විසින් සාදා නිම කර තිබෙනවා. ඒ වගේම නිදහස ලබන කාලයේ ලංකාවේ විදුලි බලය තිබුණේ සියයට 40 ට පමණයි. නමුත් අපිත් කුප්පි ලාම්පුවෙන් පාඩම් කළේ. නමුත් අද ලංකාවේ 98 කට පමණ විදුලි බලය තිබෙනවා.
පැවති සියළුම රජයන් විසින් සිදුකරන ලද සෑම දේම නිවැරදි නෑ. අඩුපාඩු රාශියක් තිබෙනවා. නමුත් කිසිම දෙයක් වුනේ නෑ කියලා අපට කියන්න බෑ. සෞඛ්‍ය සේවයේ දියුණුව, පෝෂණයේ වෙනස්කම් නිසා වර්තමානය වන විට ආයු කාලය 70 – 75 පමණ වෙනවා.
මහාචාර්ය එච්.ඩබ්ලිව්. සිරිල් (කෘෂි සහ පශු සම්පත් මණ්ඩලයේ සභාපති)