අම්බලන්තොට, කොග්ගල්ල, උතුර කඩවර පදිංචි එස්.එච්. පොඩිනෝනා යන අයට 2006 වර්ශයේ පැවැති ඉඩම් කච්චේරියකින් ගොඩ හා මඩ ඉඩමක් ලැබීමට තේරී ඇත. නමුත් මහවැලි අදිකාරියේ වරදකින් පොඩිනෝනා යන අයගේ නම සුදුනෝනා ලෙස තේරීම් ලේකනයේ සටහන්ව ඇත. අදාල ඉඩම් පෙන්වීම කරන අවස්තාවේ ඇයගේ නමේ වෙනස හේතුකොටගෙන මහවැලි අදිකාරිය මයුරපුර විසින් මැයට ඉඩම පෙන්වා නොදී, නම සංසෝදනය කරගෙන පැමිණෙන ලෙස දන්වා ඇත, අනතුරුව වසර දෙකක් පමණ නිලධාරීන්ගේ පිටුපස යැමේ ප්රථිපලයක් ලෙස 2008.03.05 වන දින නේවාසික කළමණාකාර ඇඹිලිපිටිය විසින් කොට්ටාශ කළමනාකාර මහවැලිඅධිකාරිය මයුරපුර වෙත ලිකිතව නියෝගයක් කරන ලදි. ඒ අනුව අදාල නම සංසෝධනය කරමින් දිගින් දිගටම පරික්ෂණ කරමින් මහවැලි අදිකාරිය පසුවිය..
* 2007 සිට 2024 දක්වා, නම සංසෝදනය කර ඉඩම ලබා දෙන්න රස්තියාදු කරලා.
* තේරීම් ලේකණයේ නම වැර්දීම සිදුවූයේ මහවැලියෙන් බව පිළිගනී.
* නම සංසෝදනය කර, ඉඩම පෙන්වීමට ඇඹිළිපිටිය ම.අධිකාරියෙන් මයුරපුර ම.අධිකාරියට 2008 දී නියෝග….
* ඉඩම නෑ, වෙනත් ඉඩම් කොටසක් අල්ලාගන්නා ලෙස මයුරපුර මහවැලිය 2023.12 මස කීවා.
* ඉඩම අල්ලා ඩෝසර් කලා, ඉඩමට ඇතුළුනොවන ලෙස මහවැලිය මයුරපුර කියයි.
පොඩිනෝනා විසින් අදාල සියළුම රාජ්ය නිළධාරීන් මෙන්ම දේශපාලන අධිකාරීන් වෙත 2008 සිට මේ වෙනකම් පැමිණිළි කරමින් පසුවුනත් සාධාරණයක් ඉටුවී නැත, පොඩිනෝනා යන අයට මහවැලි අදිකාරි කාර්යාලය තහනම් කලාපයක් කර තිබූ බව ඇය කියා සිටී, අවසන් වශයෙන් පොඩිනෝනා යන අය කොට්ටාශ කළමණාකරු මයුරපුර යන අයව 2023 දෙසැම්බර් මස එකතරා දිනක හමුවී ඇයට සිදුවූ අසාධාරණය කියමින් ලේඛනයට නම වරදවා ලීවෙ මහවැලි අධිකාරියෙන්, ඒකෙ වගකීම මහවැලි අදිකාරිය දැරිය යුතුයි.මට මගේ ඉඩම ඕනි කියා තදින් කතාකර ඇති අතර, කොට්ටාශ කළමනාකරු විසින් පොඩිනෝනාට කොහෙන් හෝ ඉඩමක් අල්ලා ගන්නා ලෙසටත්, ඒකට බලපත්රයක් සදා දෙන්නම් යනුවෙන් කිව නිසා ඇය විසින් ඩෝසරයක් උපයෝගි කරමින් ඉඩමක් සුද්දකර ඇත. අනතුරුව ඒ ඉඩම සංවර්දනය කිරීමද ඒ අදිකාරිය විසින් තහනම් කර ඇත,මේ වනවිට ඉඩමත් නැ, ඉඩම සුද්ද කිරීමට ගිය මුදලුත් නෑ. පොඩි නෝනා කියා සිටින්නෙ ඇයගේ ඉඩම මහවැලි අදිකාරිය විසින් වෙනත් අයකුට ලබාදී ඇති බවයි.
https://www.youtube.com/watch?v=jRIYO5jBgwc