දේශපාලඥයන්ට වඩා වෘත්තීය සමිති දූෂිතයි. – වෛද්‍ය ප්‍රියංකර මහගම්මුලගේ

76 වසරක ශාපය ගැන විවිධ අදහස් මතුවුනා. ඒක එහෙම නෙමෙයි කියන්න මම හොඳ නිදර්ශනයක්. මගේ සීයා, සීයගේ තාත්තා,ම ගේ තාත්තා,තාත්තගේ මල්ලි සියළු දෙනාම ගොවියෝ. මම ගිය විශ්ව විද්‍යාලයේ මගේ අධ්‍යාපනයේ මූල්‍යමය වටිනාකම ඒ කාලේ ලක්ෂ විස්සක් විතර වෙනවා. ඊට පස්සේ මම නීති උපාධිය කළා. ඒකටත් විශාල මුදලක් වියදම් වෙන්න ඇති. ඒ සියල්ල මේ රටේ නිදහස් අධ්‍යපනයෙන් මට ලැබුණු දේවල්. 76 ක ශාපය කියන්නේ දේශපාලන වාසි ලබා ගන්න කියන බොරුවක් මිසක් ඒක ඇත්ත නෙමෙයි. ඒවා මිථ්‍ය කතාවල්.

මම උපන්නේ අම්බලන්තොට රජයේ රෝහලේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කෙතරම් වර්ධනයක් තියෙනවද? දැන් ළමයින් ගෙවල්වල ඉපදෙන්නේ නෑ. ඉස්සර දරු උපත් ගැන කටයුතු පවුල් සෞඛ්‍ය සේවිකාව. දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන් කීදෙනෙක් ඉන්නවද දැන් ලංකාවේ? ඒ වගේ තත්ත්වයන් තිබුණේ 1980 ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක් හිටියේ නෑ හැම රෝහලකම. අද වෙනකොට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් හමුනොවී දරු උපතක් කරන මවක් සොයා ගැනීමට පවා නොහැකියි. 76 ශාපය කියන මිත්‍යාව කඩා දැමිය යුතුයි.

අනික් මිත්‍යාව තමයි රටේ දූෂණයක් තියෙනවා. හොරු ඉන්නවා කියන එක. ඒ නිසා ඇති වෙලා තියෙනවා හොරු ඇල්ලීමේ මිත්‍යාව. හොරු අල්ලන්නම දේශපාලන කඳවුරක් නිර්මාණ වෙලා තියෙනවා. හොරු ඉන්නේ කොහෙද? හොරු පිට සක්වලකින් ඇවිත් ඉන්නවද? නැත්නම් වෙන විදියකට ඇවිල්ලා ඉන්නවද? හොරු ඉන්නේ අපි අතරෙමයි. සල්ලි හොරකං කරන එක, පෑන පැන්සල හොරකං කරන එක, හාෆ්ෂීට් කොළ ටිකක් අරගෙන යන එක.අනික් හොරකම් විශේෂය තමයි කාලය හොරකං කිරීම.  වෙලාවට වැඩ යන්නේ නෑ කියන්නේ, ඕටී එක දානවා වැඩ කරන්නේ නැතුව. ඒවත් හොරකං. හොයලා බලන්න ඕන ඔය හොරකං හොයන්න යනවා කියන පිරිස කොහෙමද මේ හොරකං හොයන්න යන්නේ කියලා. ව්‍යවස්ථාදායක හරහා ඒ සඳහා නීති රීති සකස්වීම වෙලා වැඩ පිළිවෙළක් හැදෙන්න ඕන.

මගේ අධීක්ෂණය යටතේ තියෙන රජයේ රෝහලේ සේවයකයන් එනවා මෙඩිකල් අත්සන් කරන්න සේවකයන් පැමිණෙනවා. එහෙම එන ඔවුන් කැමති නෑ අපි ඔවුන්ව පරීක්ෂා කරනවට. අපි බොරු අත්සන් ගහන්න ඕනා. එහෙම අත්සන දුන්නේ නැත්නම් අපිත් එක්ක අමනාප වෙනවා. ඔවුන් කරන්නේ වංචාවක්. ඔවුන් එම මෙඩිකල් ගැනීමට එන්නේ රුපියල් 500 ක් ගෙවලා. අපි වගකීම තමයි ඒ පරීක්ෂණය නිවැරදිව කරන එක. නිවැරදි පරීක්ෂණයකින් රාජ්‍ය සේවයට අවශ්‍ය සෞඛ්‍ය සම්පන්න සේවයක් පිරිසක් ගොඩනගන එක.  එතකොට අපිට ඔවුන් බනිනවා. සාමාන්‍ය මිනිස්සුන්ට සලකන්න දන්නේ නෑ, පණිඩිතයෝ වගේ දේවල් තමයි අපිට කියන්නේ. ඔබ හැමතැනම ඉන්නේ හොරු තමයි. දේශපාලඥයෝ තමයි හොරු කිව්වට වැඩක් නෑ. හැමතැනම හොරු ඉන්නවා. මේක එක කණ්ඩායමකට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හොරකං කරන දේශපාලඥයාව අපිට අවුරුදු පහකට වරක් වෙනස් කරන්න පුළුවන්. හැබැයි රජයේ සේවකයන්ව මාරු කරන්න එහෙම බෑ.

මම වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ මම 2014 – 2020 දක්වා අවුරුදු හයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දකුණු පළාත් ලේකම් වෙලා හිටියා. මම හොඳටම දන්න දෙයක් තමයි දේශපාලඥයන්ට වඩා අන්තයි වෘත්තීය සමිති. එතන ලොකු බලයක් තියෙනවා. වෛද්‍ය පාදෙනිය කාබනික වගාව ගැන උපදෙස් දුන්නා. කෝ දැන් පාදෙනිය. ගෝඨාභය ජනාධිපතිවරයා උපරිම තලයක ඉන්නකොට ගොවියන්ට සහනාධාරයක් දෙන්න කියලා අපි සාකච්ඡාවන් කළා. කිසිම දේශපාලන පක්ෂයක් ඊට සහයෝගය දුන්නේ නෑ. මම කතා කළා සිවිල් සංවිධාන වලට. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළුව. මම වෛද්‍ය නිලධාරීන් සංගමයේ ලේකම් හැටියට මං වෛද්‍යවරුන්ට කිව්වා වෛද්‍යවරු හැටියට මේ ගැන කතා කරන්න කියලා. ඔවුන්ගේ තාත්තලා සීයලා ගොවියෝ ඔවුන් දන්නවා මේවනකොට කොහොමද ගොවිතැන කෙරෙන්නේ කියලා.

සම්මන්ත්‍රණයට සාමාන්‍ය සහභාගිවන්නෙක් ලෙස පැමිණි වෛද්‍ය වෛද්‍ය ප්‍රියංකර මහගම්මන මේ අදහස් පැවසුවේ 2024 අගෝස්තු 24 වෙනි දින හම්බන්තොට මිරිජ්ජවිල විහාරමහාදේවී සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති “අපට සිහිනයක් ඇත.” ( We Have A Dream) සිවිල් සංවිධාන සාමූහිකය විසින් සංවිධානය කරන ලද ජනාධිපතිවරණය සහ ආර්ථික අර්බුදය හමුවේ සිවිල් සංවිධාන වගකීම නම් සම්මන්ත්‍රණය අමතමිනි. මෙම සම්මන්ත්‍රණයේ දී මහාචාර්ය එඩ්.ඩී.සිරිල්, ආචාර්ය නීතිඥ නිමල්කා ප්‍රනාන්දු, පිලිප් දිසානායක, නීතිඥ දුලාන් දසනායක යන අය සභාව ඇමතූ අතර, දේශනයන් අවසානයේ දී පොදු සාකච්ඡාවක් ද පැවැත්විනි.

Social Sharing
අවකාශය නවතම විශේෂාංග