තුනක් තියාගෙන එකක් ගහන්න එපා! – රජිත් කීර්ති තෙන්නකෝන්

ජනාධිපතිවරණයක එක් ඡන්ද දායකයෙකුට එකම වටිනාකමින් යුතු ඡන්ද තුනක් හිමි වේ. එයින් එකක් වෙනුවට ඡන්ද දෙකක් හෝ තුනක් ප්‍රකාශ කළ හැකිය.  වැඩිම කැමැත්ත ඇති කෙනා නැතත්, තරමක් හෝ කැමැත්ත ඇති කෙනා ජනපති කිරීම හැකිය.  අන් සියල්ලටම වඩා තමන් අකමැතිම කෙනා ජනපතිවීම වලක්වා ගත හැකිය.!

1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පනතේ මනාප සලකුණු කිරීමේ අවස්ථාව හා ගණන් කිරීම සිදුවන්නේ මෙලෙසය.

2024 ජනාධිපතිවරණය ප්‍රධාන දේශපාලන ධාරා 04 ක (තරඟකරුවන් 35) තරඟයකි. කිසිදු අපේක්ෂකයෙකුට ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50% හා ඊට වඩා තවත් එක් ඡන්දයක් ලබා ගැනීම අපහසුවීමේ ප්‍රවණතාවයක් ඇති විය හැක. මෙවන් ඡන්ද විමසීමකදී පළමු වටයේ වැඩිම ඡන්ද ලබන අපේක්ෂකයා ජයග්‍රාහකයා නොවේ. එබැවින් ජයග්‍රාහකයා තේරීමට අනුගමනය කිරීමට සිදුවිය හැකි ඡන්ද ගණන් කිරීමේ “දෙවන වටය”  පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සුදුසුය.

ඡන්දය දෙන ආකාර –  ඡන්ද පත්‍රිකාවේ ආකෘතියක් ඇසුරින්

 මනාප එකක් පළකර ඇති අවස්ථා

A

B       X

C

 මනාප එකකට වඩා පළකර ඇති අවස්ථා

A

B        2

C        1

D

නැතිනම්,

A

B      2

C     X

D

ඡන්ද ගණන් කිරීමේ “දෙවන වටය”  – (දෙවන හා තෙවන) මනාප ගණන් කිරීම සරල උදාහරණයක් ඇසුරෙන්

සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාව 100 ක් යැයි සිතමු.

වැඩිම ජන්ද සංඛ්‍යාව ලබාගත්තද A ජයග්‍රාහකයා නොවේ. ( වලංගු ජන්ද සංඛ්‍යාවෙන් 50%+1 නොමැති නිසා). මේ අනුව තරඟය පවතින්නේ  ඉහලම ඡන්ද ප්‍රමාණයක් ලබාගත්  පළමුවැන්නා හා දෙවැන්නා වු  A හා B අතර පමණක් වේ.  C, D හා E තරඟයෙන් ඉවත් වේ.

දෙවන වටයේ දී  තරඟය පවතින්නේ A හා B අතරය. මෙහිදී A  හා B ට මනාපය පළ කර ඇති ඡන්ද පත්‍රිකා පසෙක තබනු ලැබේ.

C,D හා E වෙත පළමු මනාපය පමණක් සලකුණු කර ඇති ඡන්ද  පත්‍රිකා පසෙක තබනු ලබයි. පළමු මනාපය C, D හෝ E සඳහා ලකුණු කරන ලදුව දෙවන මනාපය A හෝ B සඳහා සළකුණු කර ඇත්නම්,

 A ට  නම් A ට අදාළ පෙට්ටියටද

 B ට නම් B ට අදාළ පෙට්ටියට දමනු ලැබේ.

පළමු හා දෙවන මනාප පමණක් ලකුණු කරන ලදුව, ඒවා C, D හා E අතර පමණක් බෙදී ඇති විට, එම ඡන්ද පත්‍රිකා පසෙක තබනු ලැබේ.

පළමු මනාපය, දෙවන මනාපය හා තෙවන මනාපයන්, C, D හා E සඳහා  පමණක් සළකුණු කර ඇති විටක හෝ තෙවන මනාපය සලකුණු කර නැති විට එම ඡන්ද පත්‍රිකා පසෙකින් තබනු ලැබේ.

ඉහත අවස්ථාවේම තෙවන මනාපය Aට හෝ  B ටසලකුණු කර ඇති විට ඒවා ද  A හෝ B ගේ පෙට්ටි වලට දමනු ලැබේ.

අනතුරුව A හා B ගේ පෙට්ටිවල ඇති දෙවන හා තෙවන මනාප ගණනය කරණු ලැබේ.

  1. A ලැබූ දෙවන හා තෙවන මනාප වල එකතුව = 03
  2. B ලැබූ දෙවන හා තෙවන මනාප වල එකතුව = 10

ඡන්ද ගණන් කිරීමේ  පළමු වටය තුළ

  1. A අපේක්ෂයා ලැබු ඡන්ද සංඛ්‍යාව – 40

ii.B අපේක්ෂයා ලැබු ඡන්ද සංඛ්‍යාව – 35

ඡන්ද ගණන් කිරීමේ “දෙවන වටය”  – (දෙවන හා තෙවන) මනාප ගණනයෙන් පසු එකතු වු ඡන්ද

A අපේක්ෂයා – 03

B අපේක්ෂයා‍ – 10

ඒ අනුව සමස්ත ඡන්ද සංඛ්‍යාව වන ඡන්ද 88 න්

A අපේක්ෂයා ලැබු ඡන්ද සංඛ්‍යාව – 40+03 = 43

B අපේක්ෂයා‍ ලැබු ඡන්ද සංඛ්‍යාව –  35+10 = 45

සමස්ත ඡන්ද සංඛ්‍යාව වන 88 න් අඩකට වඩා එනම් 45 ක් ලබාගත් B  අපේක්ෂකයාට ජයග්‍රහණය හිමි වේ

 පළමු වටයේ දී වලංගු ඡන්ද සංඛ්‍යාව 100 ක් ලෙස සලකා ඉන් අඩකට වඩා එනම් 51 ක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැත.

 දෙවන වටයේදී  A අපේක්ෂකයාට දෙවන හා තෙවන මනාප ඡන්ද 08 ක් හා B අපේක්ෂකයාට දෙවන හා තෙවන මනාප ඡන්ද 05 ක් ලැබුණේ නම් ,

වලංගු ඡන්ද ගණන 88 යි.  88 /2  =  44 යි. 48 > 44 බැවින්,

A ජයග්‍රහණය කරනු ලැබේ.

දෙවන වටයේ විශේෂ කරුණු

දෙවන වටයේ දී A ට හෝ B ට කිසිදු දෙවන හෝ තෙවන මනාපයන් නොලද හොත් පළමු වටයේ ලද වලංගු ඡන්ද සංඛ්‍යා ව අනුව

A අපේක්ෂයා ලැබු ඡන්ද – 40

B අපේක්ෂයා ලැබු ඡන්ද – 35

මෙහිදී  A ජයග්‍රහණය කරනු ලැබේ.

දෙවන හා තෙවන මනාප ගණනය කළ පසුව A  හා B අපේක්ෂකයින් සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබා ඇති අවස්ථාවක මැතිවරණ කොමිෂන් සභාව කුසපත් ඇදීමක් මඟින් ජයග්‍රාහකයා තෝරා ගනී

නිරීක්ෂණය වන විශේෂ කරුණ

2024 ජනාධිපතිවරණයේ දී ජයග්‍රාහකයා තීරණය කිරීමේ දී දෙවන, තුන්වන මනාපය තීරණාත්මක සාධකයක් වනු ඇත. ඔබ වඩාත් කැමති අපේක්ෂකයාට පළමු මනාපය දෙන්න.  තරමක් හෝ කැමති කෙනෙකුට දෙවන, තෙවන මනාප දෙන්න. නැතිනම්, ඔබ අකමැතිම අපේක්ෂකයා  ජනපති ධූරයට පත් විය හැකිය.

Social Sharing
අවකාශය නවතම