අපයෝජන සිද්ධිය වසන් කිරීමට උපදෙස් දුන් නියෝජ්‍ය විදුහල්පතිනිය අත්අඩංගුවට!

The deputy principal was arrested

මාතලේ මහවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක හත්වන වසරේ ඉගෙනුම ලබන දොළොස් වියැති සිසුවියක ගුරු විවේකගාරය තුළදී බරපතළ ලෙස අපයෝජනයට ලක් කරන ලද ගුරුවරයෙක් සහ සිද්ධිය වසන් කිරීමට අනුබල දුන් නියෝජ්‍ය විදුහල්පතිවිරිය මහවෙල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම දොළොස් හැවිරිදි දැරියව එම පාසලේ 52 හැවිරිදි ඉංග්‍රිසි ගුරුවරයා ගුරු විවේකගාරයට කැඳවා ඇයව බරපතල ලෙස අපයෝජනයට ලක් කර ඇත. මෙම දැරිය ඇයගේ මිතුරියක් සමග තමා මුහුණදුන් සිද්ධිය පවසා ඇති අතර පසුව ඔවුන් දෙදෙනාම මෙම සිද්ධිය පාසලේ ගුරු උපදේශිකාවකට හා පන්තිභාර ගුරුවරියට පවසා ඇත. ඔවුන්ගේ උපදෙස් මත මෙම සිද්ධිය පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනියට පැමිණිලි කර ඇති අතර ඇය විසින් පවසා ඇත්තේ මෙම සිද්ධිය මව්පියන්ට හෝ වෙනත් කිසිවෙකුට නොකියන ලෙසත් එසේ පැවසුවොත් පාසලෙන් ඉවත් කරන බව පවසමින් තර්ජනය කර ඇත. එපමණක් නොව මෙවැනි සිද්ධියක් සිදු නොවූ බව පවසමින් ලියුමක් ලියා අත්සන් කරන ලෙස බලපෑම්කර ඇත. ඒ අනුව එම දැරිවියට එවැනි ලිපියක් ලියා ගැනීමට තරම් හැකියාවක් නොතිබූ හෙයින් ඇයගේ මිතුරිය විසින් එම ලිපිය ලියා ඇති අතර පසුව එම ලිපියට බලහත්කරයෙන් සිද්ධියට මුහුණ දුන් සිසුවියගෙන් අත්සන් ගෙන තිබේ.

ඒ අනුව සැකකාර ගුරුවරයා හා සිද්ධිය වසන් කිරීමට උපදෙස් දුන් සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරියව අත්අඩංගුවට ගෙන ඇති අතර බරපතළ ලෙස අපයෝජනයට ලක් වූවා යැයි කියන සිසුවියව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇත.

Social Sharing
අවකාශය නවතම