සෑම අපේක්ෂකයකුම තම ප්‍රතිපත්ති ප්‍රකාෂයන් ඉදිරිපත් කිරීමට නියමිතය.
පුරවැසියන් ලෙස අප ඉල්ලා සිටිය යුත්තේ බොරු සහ අලංකාරෝක්තීන්ගෙන් බැහැරව තම තමන්ගේ ප්රතිපත්තීන් ඉදිරිපත් කරන ලෙසටය.
එහිලා පුරවැසියන් ලෙස සිය අවධානය යොමු කල යුතු ප්‍රශ්න ගනනාවක් වන්නේය.
- රාජ්‍යයේ ආදායම ඉහල දමා ගැනීමේ වැඩපිලිවල කුමක්ද?
එහිලා රචනා ලිවීමෙන් බැහැරවී දැනට IMF එක විසින් ලබා දී ඇති ඉලක්කය පදනම් කොට ගෙන එම වැඩපිලිවල හඳුන්වාදීම වැදගත් වන්නේය.
එනම් රාජ්‍යයේ දල මුල්‍ය අවශ්‍යතාවය(GFN) දල ජාතික නිශ්පාදනයෙන් 13% ලෙස සලකා එම අවම වශයෙන් එම අගයට සමාන ආදායමක් උපයා ගැනීම සඳහා තමන් හඳුන්වාදෙන ප්‍රතිපත්තිමය වැඩපිලිවල රටට හඳුන්වාදිය යුතුව තිබේ.
එසේම 2028 වන විට නැවතත් නය ගෙවීම ඇරඹෙන්නේය. එවිට එම නය හා වාරික පොලිය රටේ දල ජාතික නිශ්පාදිතයෙන් 4% පමන වන්නේ යයි අනුමාන කරයි.
එසේ නම් රටේ දල මුල්‍ය අවශ්‍යතාවය 17% දක්වා ඉහල යන්නේය. එවන් පසුබිමක රටේ ආදායම වසර දෙකක් තුල ඉහල දමා ගැනීමට අත් කරගත යුතු ආර්ථික වර්ධන ඉලක්කය කුමක්ද සහ එම ඉලක්කය අත්කර ගැනීම සඳහා වන වැඩපිලිවල කුමක්ද යන්න පුරවැසියාට පහදා දිය යුතුව තිබේ.
එහිලා ආර්ථික වෟද්ධි ඉලක්ක ජාම බේරා ගැනීම සඳහා නොව ප්‍රායෝගිකව ජය ගත හැකි ඉලක්ක විය යුතුව තිබේ. 2023 ද අපේ වර්ධන වේගය සෟන 9.5% වු අතර 2024 දී 5.5% ආර්ථික වර්ධනයක් අත්කර ගැනමෙන් පසුවද (පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආර්ථික ප්‍රගතිය පිලිබඳ වසර මැද වාර්ථාවට අනුව) 2024 දී රටේ ආර්ථිකය රැඳෙන්නේ සෟන 4% කය. මෙම වර්ධන වේගයම පවත්වා ගෙන ගියහොත් 2025 එම අගය 1% දක්වා ඉහල දමා ගත හැකි වන්නේය.
වාර්ශික 5% ක වර්ධන වේගයක් යනු ආශ්චර්යයකි. ඒ නිසාම අනාගත ජනාධිපතිවරයා තනන පක්ෂ වලින් අපට තව තවත් ප්‍රශ්න ඇසිය යුතුව තිබේ.
- IMF වර්ථමාන ගිවිසුම (GFN එක 13% පවත්වාගෙන යාම) එලෙසම පවත්වාගෙන යනවාද?
IMF එක සමග නැවත සාකච්ඡා කරනවා නම් එම සාකච්ඡා සිදු කරන්නේ IMF ගිවිසුමේ කුමන කොන්දේසි පදනම් කරගෙනද?
- ශ්‍රී ලංකාව සිය ආදායම් ඉහල දමා ගැනීමට ඉවහල් වන නිදහස් වෙළඳ ගිවිසුම් වලට එලඹෙනවාද? ඒ කුමන පදනමකින්ද හා කුමන රටවල් සමගද?
- රාජ්‍යයේ ආදායම් ඉහල දමා ගැනීමට අනුගමනය කරන බදු ප්‍රතිපත්තිය කුමක්ද? එම ප්‍රතිශතය කුමක්ද?
එහිලා මුලික ආදායම බදු සීමා වෙනස් කරනවාද? එම වෙනස් කිරීම් බලාත්මක කරන කාලවකවානු සඳහන් කරනවාද?
- ඉදිරි වසර දෙක තුල රටේ ආදායම ඉහල දමා ගැනීම සඳහා මුලෝපායික වන්නේ නිශ්පාදන කේෂේත්රයද ? සේවා කේෂේත්රයද? කෟෂි ක්ෂේත්රයද?
එම කේෂේත්රය වර්ධනය කර ගැනීම සඳහා වන වැඩපිලිවල කුමක්ද?
ඒ සඳහා වන ප්‍රාග්ධන ආයෝජනය සපයා ගන්නේ කෙලෙසද?
- රාජ්‍ය ආදායම ඉහල නංවාලීම සඳහා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, රේගුව හ සුරාබදු දෙපාර්තමේන්තුව අරබයා ගෙන එනු ලබන ප්රතිසංස්කරන මොනවාද?
පැහැර හැර ඇති බදු නැවත අයකර ගැනීමේ ක්‍රමවේදය කුමක්ද?
නය පැහැර හරින ලද්දන්ගේ නම් ලයිස්තුව රට ප්‍රකාෂ කරනවා?
- රාජ්‍ය වියදම අඩු කිරමෙහි ලා රාජ්‍ය ආයතන ප්රතිසංස්කරන වැඩපිලිවල කුමක්ද?
ඒ සඳහා වන වාර්ශික වැඩපිලිවල කුමක්ද? එහිලා රාජ්‍ය විසින් ඉලක්ක ගත කරනු ලබන අලාබය අවම කිරීමේ ඉලක්කය කුමක්ද?
- රාජ්‍ය බැංකු ප්‍රතිව්‍යුහගත කරනවාද?
එම ප්‍රතිපත්තිය කුමක්ද?
රාජ්‍ය බැංකුවල පවතින බොල් නය ප්‍රතිපත්තිය කුමක්ද?
බොල් නය කරුවන්ගේ ලයිස්තුව රටට හෙලි කරනවාද?
- නව දුෂණ මර්ධන පනතට පදනම් කොට ගෙන හෝ ඉනි එපිටින් ගොස් දුෂනය අක්රමිකතාවය හා නාස්තිය මැඬලමින් රාජ්‍යයේ ආදයම් ආරක්ෂා කරගැනීමටත් වියදම පාලනය කරගන්නේ කෙසේද?
- රටෙන් සොරාගත් ධනය නැවත රටට ගෙන ඒම සඳහා අනුගමනය කරනු ලබන පියවර කුමක්ද?
එහිලා සොරාගත් ධනය නැවත සොයා යැමේ පනතක් (Stolen asserts recovery Act) රටට හඳුන්වාදෙනවාද?
අමරිකා එක්සත් ජනපදය හා බටහිර රටවල් සමඟ මෙන්ම වෙනත් රටවල් සමඟ සොරා ගත් ධනය නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා ද්වි පාර්ශවික ගිවිසුම් වලට එළඹෙනවාද?
සොරාගත් ධනය ඇස්තමේන්තු කිරීම සඳහා ස්වාධීන යාන්ත්රනයක් හඳුන්වාදෙනවාද?
මෙන්න මේ දස වැදෑරුම් ප්‍රශ්න සඳහා වන ප්‍රතිපත්තින් පලමුව හඳුන්වාදීමෙන් පසුව වෙන ඕනෑම රචනාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂකයන්ට ඇති නිදහසට අප ගරු කරන්නෙමු.
ඉහත දස වැදෑරුම් ප්‍රශ්න සඳහා ලැබෙන පිලිතුරු ප්‍රතිඥා නියෝජනය කරන්නේ 9 වැනි ජනාධිපතිවරයා සමඟ පුරවැසියන් එලඹිය යුතු සමාජ සම්මුතියේ හරයයි.
- ශිරාල් ලක්තිලක