විප්ලවය රැකීමට සපථ කරමින් හසීනා ආධාරකරුවන්ට පහර දුන් බංග්ලාදේශ අරගලකරුවෝ

බංග්ලාදේශයේ ශිෂ්‍ය නායකත්වයෙන් යුත් “විප්ලවය” ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දෙමින් සිය ගනනක් ශිෂ්‍ය විරෝධතාකරුවන් සහ දේශපාලන ක්‍රියාකාරීන්, නෙරපා හරින ලද අගමැතිනි ෂීක් හසීනාගේ පියා වන බංගලාදේශයේ නිදහස් නායක ෂීක් මුජිබර් රහ්මාන්ගේ නිවසට පැමිණෙන හසීනාගේ ආධාරකරුවන්ට පහර දී ඔවුන්ගේ පැමිණීම වළක්වා ඇත.

1975 අගෝස්තු 15 වන දින හමුදා කුමන්ත්‍රණයකදී රහ්මාන් සහ ඔහුගේ පවුලේ අනෙකුත් සාමාජිකයන් ඝාතනය කිරීමේ සංවත්සරය සැමරීම සඳහා හසීනාගේ අවාමි ලීග් පක්ෂයේ ආධාරකරුවන් විසින් බ්‍රහස්පතින්දා රැලිය කැඳවන ලදී. හසීනා සහ ඇගේ බාල සොහොයුරිය ජර්මනියේ සංචාරයක නිරත වූ නිසා එකළ ඔවුන් දිවි ගලවා ගත්හ.

හසීනාගේ රජය අගෝස්තු 15 ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි. නමුත් නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්වාර රජය විසින් එම නිවාඩුව අවලංගු කළේය.

උණ බම්බු, යකඩ පොලු සහ බටවලින් සන්නද්ධ සිය ගණනක් ජනයා ඩකාහි දන්මොන්ඩි ප්‍රදේශයේ හසීනාගේ පවුලේ නිවස වන බංගබන්ධු අනුස්මරණ කෞතුකාගාරයට ඇතුළුවීම අවහිර කළහ.

76 හැවිරිදි හසීනා සිය 15 වසරක අයෝමය පාලනය නාටකාකාර ලෙස අවසන් කරමින් අගෝස්තු 5 වන දින ඉල්ලා අස්වී ඉන්දියාවට පලා ගොස් පැය කිහිපයකට පසු විරෝධතාකරුවන් විසින් ඇගේ නිවසට ගිනි තබන ලදී. ඇගේ නෙරපා හැරීම සිදු වූයේ 300 කට වැඩි පිරිසක් මිය ගිය කැරැල්ලකින් පසුවය.

හදිසි නික්ම යාමෙන් පසු ඇයගේ පළමු ප්‍රසිද්ධ ප්‍රකාශයේ දී, මෙම සතිය මුලදී හසීනා ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියේ මල්මාලා පූජා කර යාඥා කරමින් සියලු ආත්මයන්ගේ ගැලවීම සඳහා යාඥා කරන ලෙසයි.

නමුත් හසීනාගේ විරුද්ධවාදීන් කියා සිටියේ සැමරීමේ නාමයෙන් අවුල් සහගත තත්වයක් ඇති කිරීමට උත්සාහ කළ හැකි බැවින් ඇයගේ ආධාරකරුවන් එක්රැස් වීම නවත්වන බවයි. ඔවුන් එක රැයක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් සාදයක් පැවැත්වූ අතර කෞතුකාගාරයෙන් පිටත නටමින් ගීත වාදනය කළහ.

විප්ලවකරුවන් කියා සිටියේ “පලාගිය සහ ආඥාදායක ෂෙයික් හසීනා තම මැරයන්ට විප්ලවවාදී ව්‍යාපාරයක් කඩාකප්පල් කිරීමට ඇගේ ආධාරකරුවන්ට උපදෙස් දුන් බවයි.”

අරගලකරුවන්ගේ සටන් පාඨය වූයේ “අපි මෙහි සිටින්නේ අපගේ විප්ලවය අපේ අතින් ගිලිහී නොයන ලෙස ආරක්ෂා කිරීමටයි.”

අවාමි ලීග් ආධාරකරුවන් යැයි සැක කළ පිරිසකට අරගලකරුවන් විසින් පොලුවලින් පහර දුන් අතර තවත් පිරිසක් බලහත්කාරයෙන් පන්නා දමන ලදී. මේ අතර, බංගලාදේශයේ අන්තර්වාර ආණ්ඩුව බ්‍රහස්පතින්දා නිවේදනය කළේ හසීනාගේ ආණ්ඩුව නෙරපා හරින ලද සති ගනනාවක් පුරා පැවති විරෝධතා අතරතුර සිදු කරන ලද “කෲරකම්” එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් විමර්ශනය කරන බවයි.

යූනුස් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වොල්කර් ටර්ක් අතර බදාදා පැවති දුරකථන සංවාදයකින් පසුව මෙම නිවේදනය නිකුත් කර ඇති අතර අන්තර්වාර රජයේ නිලධාරීන් පවසන්නේ එක්සත් ජාතීන්ගේ විමර්ශකයින් ලබන සතියේ පැමිණීමට ඉඩ ඇති බවයි.

ඇයගේ 15 වසරක පාලන කාලය තුල ඇයගේ දේශපාලන විරුද්ධවාදීන් දහස් ගණනක් සමූහ වශයෙන් රඳවා තබා ගැනීම සහ නීති විරෝධී ලෙස ඝාතනය කිරීම ඇතුලුව හසීනාගේ ආන්ඩුව පුලුල්ව පැතිරුනු මානව හිමිකම් උල්ලංඝනයන් පිලිබඳව චෝදනාවට ලක් වූ අතර, බලයෙන් පහ කරන ලද හසීනා, ඇගේ කැබිනට් සගයන් සහ ඉහළ ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කරන ලද මිනීමැරුම්, ජන සංහාර සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන විමර්ශන ආරම්භ කර ඇත.

Social Sharing
නවතම පුවත් විදෙස්