සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන්, සිරකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ම වෙන්වුණු ක්ෂණික දුරකථන අංකයක්

 

සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරකීමේ කමිටුව (CPRP) විසින් සිරකරුවන් සිහිපත් කිරීම උදෙසා සංවිධානය කරන ලද වැඩසටහනේ දී සිරකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, වින්දිතයන් අගතියට පත්වීම වළක්වීම, හා ක්ෂනිකව ක්‍රියාත්මක වීම සඳහා පැය 24 පුරා දින 7ම ක්‍රියාත්මවන ක්ෂණික දුරකථන අංකයක් අද දින හඳුන්වා දෙන ලදි. ඒ අනුව ඔවුන්ගේ ක්ෂනික දුරකථනය අංකය 076 742 4238 වේ. සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් මෙම වැඩසටහන සංවිධානය කර ඇත්තේ අගෝස්තු මස 10 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනය සිහිපත් කිරීම උදෙසා.

Social Sharing
නවතම පුවත්