පසුගිය හත්වන දා තරුත් දිනාල් නම් 16 හැවිරිදි පාසල් සිසුවා සිය පියාගේ යතුරුපැදියෙන් ඥාතී සහෝදරයෙකු සමඟ අසළ පැවැති කඩයකට ගොස් නැවත පැමිණෙන අතර එහි දී එම ඥාතී සහෝදරයාට හිස් ආවරණයක් (හෙල්මට්) නොපැළඳ සිටි අතර මේ බව දුටු පයාගල රථවාහන නිලධාරින් “නවත්තපන් නවත්තපන්” කියා කෑගසමින් පොලිස් යතුරු පැදිය නවතා පරුෂ වශයෙන් බැණ වැඳි අතර බිය වූ එම සිසුවා යතුරුපැදිය පණගන්වා පන්සල අසල නිවසකට ගොස් ඇත. එම ස්ථානය පැමිණි පොලිස් නිලධාරින් දෙපළ “උඹලගේ තාත්තා අපි එක්ක හිනා වෙන්නේ නෑ හා අපේ තාප්පේ ගහලා තියෙන්නේ පාරේ කියලා උඹේ තාත්තා කියනවා” යැයි පවසමින් මෙම පාසල් සිසුවාගේ කනට පහරවල් එල්ලකර බූට් දැමු පයෙන් පා පහරක් පිටට ද එල්ල කර තිබෙන අතර එම පහරින් මෙම දරුවා බිත්තියේ වැදී ඇත. පසුව එම සිසුවා තමාට හුස්ම ගැනීමට අපහසු යැයි පවසමින් පහර එල්ල කිරීම නවතන ලෙස පැවසුවත් එම නිලධාරියා සිසුවාගේ බෙල්ල නවා තවත් පා පහරක් එල්ල කර ඇත.
මෙම නිලධාරින් මෙම සිසුවන් දෙපළ පොලිසීයට රැගෙන ගොස් ඇති අතර පසුව මෙම සිසුවාව නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර පස්වන වාට්ටුවේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටියි.
මෙම අමානුෂික පහර දීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන මෙන් ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා පයාගල පොලීසියේ ස්ථානාධිපතිවරයාට දැනුම් දී ඇත.