තණමල්විල ප්‍රධාන පාසලක 16 හැවිරිදි දැරියක් එනම් 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක් වසරක් තිස්සේ මත්පැන් පොවා අවස්ථා හතකදී සිසුන් 22ක් විසින් අපයෝජනයට ලක් කර ඇත. පළමුව මෙම සිසුවිය සිය පාසලේම සිසුවකු හා මිතුරුකමක් පවත්වා ඇති අතර එම සිසුවා අතින් පළමුව අපයෝජනයට ලක් කර ඇත්තේ ඔහුගේ මිතුරෙකුගේ නිවසකදි ය. පසුව එම සිසුවාගේ මිතුරන් මෙම සිදුවීම වීඩීයෝ කරගෙන ඇති අතර එම වීඩීයෝ පටය පෙන්වමින් මැයව වසරක් තිස්සේ විවිධ ස්ථානවල සමූහ අපයෝජනයට ලක් කර ඇත. ඒ අනුව මෙම දැරිය සිය පාසලේම සිසුන් 20 දෙනෙකු හා යාබද පාසලක සිසුන් දෙදෙනෙකු අතින් මෙලෙස අපයෝජනයට ලක්ව ඇත.
මෙම සිදුවීම පිළිබඳ මුලින්ම අනාවරණය කොට ගෙන ඇත්තේ එම පාසලේ විදුහල්පතිවරයා ඇතුළු විනය කමිටුවයි. මෙම සිදුවීම පිළිබඳ කරුණු විමසා බලා එය පාසලට කැළලක් ඇති වේ යැයි සිතා විදුහල්පතිවරයා ඇතුළු විනය කමිටුව මෙම සිදුවීම වසන් කර ඇත. මෙම සිසුන් අතර ගුරුවරියකුගේ පුතෙකු හා එම කලාපයේම ගුරු උපදේශකවරයෙකුගේ පුතෙකු සිටිම ද මෙම සිදුවීම වසන් කිරීමට තවත් හේතුවක් වී ඇත.
ඒ අනුව මෙම සිදුවීම පොලීස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත ස්ථානාධිපතිවරයා විසින් සිදුකළ මූලික විමර්ශනයකින් මෙම කරුණු අනාවරණය කරගෙන ඇත. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයා ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර මෙම සිදුවීමට සම්බන්ධ සිසුන් අතුළුව කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
දණ්ඩ නීති සංග්රහයේ අංක 360 වගන්තිය අනුව ළමුන් ලිංගික ක‍්‍රියාකාරකම් සදහා යොදා ගැනීම වරදකි. ඒ අනුව දූෂණය දණ්ඩ නීති සංග්රහයේ අංක 363 යටතේ අර්ථකථනය කර තිබෙන අතර ඒ අනුව නිශ්චිත තත්වයන් පහක් යටතේ සිදුවන ලිංගික සංසර්ගයන් දූෂණය යටතට ගැනේ. ඒ අනුව,
· අකැමැත්තෙන් සිදුවන ලිංගික සංසර්ගය
· කාන්තාව නීතිමය හෝ නීති විරෝධී ලෙස රඳවා තබාගෙන සිටියදී ලබාගන්නා කැමැත්තෙන් හෝ බලහත්කාරය, තර්ජන හෝ බලය පාවිච්චි කර ලබා ගන්නා කැමැත්තෙන් හෝ ලිංගික සංසර්ගයේ යෙදීම.
· කාන්තාව මානසිකව අයෝග්‍ය තත්වයක සිටියදී හෝ අදාළ පුද්ගලයා හෝ වෙනත් අයකු විසින් ඇය මත් කිරීමට භාජනය කර සිටියදී කැමැත්ත ලබාගෙන ලිංගික සංසර්ගයේ යෙදීම
· පිරිමියා සමග විවාහ වී සිටින බව විශ්වාස කරන නිසා කාන්තාව ලබාදෙන කැමැත්තෙන් ලිංගික සංසර්ගයේ යෙදීම.
· කාන්තාව වයස අවුරුදු 16ට අඩු වයසක සිටියදී, ඇය පිරිමියාගේ බිරිඳ නම්, ඇය වයස අවුරුදු 12ට වැඩි නම් හා ස්වාමියාගෙන් නීත්‍යානුකූලව වෙන් වී නොමැතිනම් හැර, කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ලිංගික සංසර්ගයේ යෙදීම
දණ්ඩ නීති සංග්රහයේ 1995 අංක 22 දරන සංශෝධන පනත අනුව ලිංගික හිංසනයක වරදකරුට බරපතල වැඩ සහිතව වසර හතක අවම සිර දඬුවමක් හා දඩයක් ද නියම වන්නට ඉඩ තිබේ. මෙම දඬුවමේ උපරිමය අවුරුදු 20ක් ද විය හැකි ය.
වැඩිදුර විස්තර සඳහා https://rb.gy/08qudi