ජනාධිපති අපේක්ෂකයින් සඳහා නව වියදම් සීමාවන්!

Election Commission announces new spending limits for presidential candidates

මැතිවරණ කොමිෂන් සභාව විසින් එළැඹෙන 15 වැනි දා ජනාධිපතිවරණ සඳහා නාමයෝජනා භාරගත් දින සිට දින පහක් ඇතුළත අපේක්ෂකයකුගේ උපරිම වියදම් සීමාව ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කරනු ඇත. අතිරේක මැතිවරණ කොමසාරිස්(නීති, විමර්ශන හා සැලසුම්) චින්තක කුලරත්න මහතා ප්‍රකාශ කළේ, මෙම වියදම් සීමාවට මාධ්‍ය හරහා ප්‍රචාරණය කිර්‍රිම්, රැස්වීම් වියදම්, මැතිවරණ කාර්‍යාල පිහිටුවීම, පත්‍රිකා මුද්‍රණය කිරීම මෙන්ම බෙදා හැරීම යන වියදම් ඇතුළත් වන බවයි.  මෙම වියදම් සීමාව උද්ධමනය අනුපාතය හා පාරිභෝගික මිල දර්ශකය මත පදනම්ව තීරණය කරනු ලබයි.

අතිරේක මැතිවරණ කොමසාරිස්වරයාට අනුව, කිසිදු අපේක්ෂකයෙකුට මෙම වියදම් සීමාව ඉක්මවා වියදම් සිදු කිරීමට ඉඩක් නොලැබෙන අතර සියලුම අපේක්ෂකයන් ඔවුන් විසින් මැතිවරණය සඳහා වියදම් වූ වියදම් වාර්තාව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් දින 21 ඇතුළත ඉදිරිපත් කළ යුතු ය. මෙම අවශ්‍යතාවය මැතිවරණ වියදම් සඳහා නීතිමය රාමුවක් සපයන 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනතට අනුකූල වේ. මෙම වියදම් වාර්තාව තුළ මැතිවරණය සඳහා ලැබුණු සියලුම ආදායම් විස්තර සහ දරන ලද සියලුම වියදම්වල නිරවද්‍යතාවය තහවුරු කිරීමට දිවුරුම් ප්‍රකාශයක් ද ඇතුළත් කළ යුතු ය.

එක් එක් අපේක්ෂකයන් විසින් දරන ලද සියලුම වියදම් පරීක්ෂා කිරීමට මැතිවරණයෙන් දින 10කට පසුව මහජනතාවට අවස්ථාව හිමිවන අතර දින 42ක් ඇතුළත පැමිණිලි ගොනු කිරීමේ හැකියාව ද හිමි වේ. චින්තක කුලරත්න මහතා අවධාරණය කළේ අපේක්ෂකයන් මෙම නීති කඩ කළහොත් නීතිපතිවරයා හරහා නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස රුපියල් 500,000ක් සහ වසර තුනක සිර දඬුවමක් මෙන්ම පාර්ලිමෙන්තු තනතුරු සඳහා නුසුදුස්සකුද වන බවයි. මීට අමතරව ඔවුන්ගේ ප්‍රජා අයිතිය වසර තුනකට ද අවලංගු කළ හැකි බවයි. එමෙන්ම මැතිවරණ කොමිසම පවසන ආකාරයට රාජ්‍ය ආයතන, විදේශීය සංවිධාන, ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති වෙනත් රටවල සංවිධාන සහ කළු සල්ලි මැතිවරණ සඳහා භාර නොගත යුතු බවයි.

– චේතනා ගෝමිස් 
Social Sharing
අවකාශය නවතම