මානව හිමිකම් කොමිසමෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ වාර්තාවක්!

report-of-disappearances human rights commission

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් වගවීම සහ යුක්තිය සඳහා තීරණාත්මක පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ ප්‍රශ්නය ඉස්මතු කරමින් පුළුල් වාර්තාවක් නිකුත් කර තිබේ. “ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සඳහා වගවීම්” යන මාතෘකාවෙන් යුත් මෙම වාර්තාව තුළින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ශක්තිමත් නීතිමය රාමුවක අවශ්‍යතාවය අවධාරණය කරන අතරම, අපරාධකරුවන්ට දඬුවම් කිරීම පිළිබඳ නිරන්තර අභියෝගය මෙහිදි ඉස්මතු කෙරේ.

විශේෂයෙන්ම 1983 සිට 2009 දක්වා පැවති සිවිල් ගැටුම් සමයේදී බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදහන් කිරීම් පිළිබඳ මෙහි අවධානය යොමු කර තිබේ. දශකයට පෙර යුද්ධය අවසන් වුවද තවමත් දහස් ගණන් නඩු නොවිසඳි ඇති අතර තවමත් පවුල් සමාජිකයෝ තවමත් අතුරුදහන් වූ තම ආදරණීයයන් සොයමින් සිටිති. මානව හිමිකම් කොමිසමේ වාර්තාව ඇස්තමේන්තු කර ඇති පරිදි පුද්ගලයන් දස දහස් ගණනක් අතුරුදහන් වී ඇති අතර ගෝලීය වශයෙන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වැඩිම රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක් වේ.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් විමර්ශනය කිරීමට සහ නඩු පැවරීමට ඵලදායි නීතිමය සහ ආයතනික යාන්ත්‍රණයක් නොමැතිකම වාර්තාව විසින් පෙන්වා දී ඇත. සත්‍යය සහ යුක්තිය සෙවීමට පහසුකම් සැලසෙන ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කළ යුතු බව මෙම වාර්තාවෙන් අවධාරණය කර ඇත. එහි විමර්ශන හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා අතුරුදහන්  වූවන් පිළිබඳ පුළුල් දත්ත ගබඩාවක් ස්ථාපිත කිරීමත්, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්‍යාලය (OMP) ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවත් ඔවුන් පෙන්වා දී ඇත.

බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් පිළිබඳ ගැටලුවට ප්‍රමුඛත්වය දෙමින් තීරණාතමක ක්‍රියාමාර්ග ගන්නා ලෙස පවසමින් ශ්‍රී ලංකා රජයට මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවට නිර්දේශ මාලවක් ද සපයා ඇත. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් අපරාධයක් බවට පත් කිරීම සඳහා නිශ්චිත නීති සම්පාදනය කිරීම, විමර්ශන ආයතනවල ස්වාධීනත්වය සහතික කිරීම සහ වින්දිතයින්ගේ පවුල්වලට ප්‍රමාණවත් සහයෝගයක් සහ වන්දි ලබා දීම මෙම නිර්දේශවලට ඇතුළත් වේ.

මානව හිමිකම්වලට ගරුකරන සහ ආරක්ෂා කරන සමාජයක් ගොඩ නැගීමේදී වගවීමේ සහ විනිවිදභාවයේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරේ.

 

වාර්තාවට සබැඳිය මෙතැනින්: https://www.dailyreporter.lk/rights/human-rights-commission-releases-comprehensive-report-on-enforced-disappearances-in-sri-lanka/

Social Sharing
අවකාශය නවතම