13 හැවිරිදි සිසුවා අපයෝජනය කළ සහකාර විදුහල්පති හා වැඩ පරීක්ෂකවරක අත්අඩංගුවට.

The assistant principal who abused the 13-year-old student

හොරණ ප්‍රසිද්ධ පාසලක ගුරු නිවාසයක් තුළදී 13 හැවිරිදි පාසල් සිසුවෙකුව මාස දෙකකට ආසන්න කාලයක් බරපතල ලෙස ලිංගික අපයෝජනය කළ එම පාසලේ සහකාර විදුහල්පතිවරයකු හා පෞද්ගලික ආයතනයක වැඩ පරීක්ෂකවරයෙකු බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිසුවා බණ්ඩාරගම පාසලක අධ්‍යාපනය ලබන අතර සිය සහෝදරියගේ නිවසේ සිට පාසල් යන අතර මීට මාස දෙකකට පමණ ඉහතදී 36 හැවිරිදි සැකකාර වැඩ පරීක්ෂකවරයා බණ්ඩාරගම ප්‍රදේශයේ මාර්ගයකදී මෙම සිසුවා හා හිතවත් වී ඔහුගේ ජංගම දුරකතනයෙහි අංකය ලබාදී ඇත. පසුව මෙම සිසුවා සිය සහෝදරියගේ දුරකථනයෙන් ඇමතුමක් ලබා දීමෙන් අනතුරුව වැඩ පරීක්ෂකවරයාගේ ආරාධනාවෙන් දින කීපයක් සිසුවා හා වැඩ පරීක්ෂකවරයා හමුවී ඇති අතර වැඩ පරීක්ෂකවරයා විසින් වරින් වර මෙම සිසුවාට ලිංගික අපයෝජන සිදු කර ඇත.

පසුව සැකකාර වැඩ පරීක්ෂකවරයා විසින් මෙම සිසුවාව හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරු නිවාසයකට රැගෙනවිත් එහි 38 හැවිරිදි සහකාර විදුහල්පතිවරයා සමඟ එක්ව මෙම සිසුවාව ලිංගික අපයෝජනයට ලක් කර ඇත. මෙම දෙපළම අවිවාහක පුද්ගලයන් ද වේ.

මෙම සිසුවා පසුව මානසික ව්‍යාකූල තත්වයට පත්ව ආවේගශීලීව හැසිරෙමින් වරක ගෙල වැලලා ගැනීමට ද උත්සහ දරා ඇත. පසුව සිසුවාගේ මස්සිනා විසින් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමේදී මෙම කරුණු අනාවරණය කරගෙන ඇති අතර පසුව සිසුවා ලවා පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව මෙම සැකකාර වැඩ පරීක්ෂකවරයා හා සහකාර විදුහල්පතිවරයා ඉකුත් 03 වන දා අත්අඩංගුවට ගෙන ඇත.  ඔවුන් දෙපළ 15 වෙනි දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් ඉන්ද්‍රානි උඩවත්ත මහත්මිය නියෝගකර ඇත.

Social Sharing
අවකාශය නවතම