මොණරාගල පොලීසිය අමානුෂික ලෙස පහර දී රෝහල්ගත නොකරම උසාවියට ඉදිරිපත් කරලා

monaragala police torture case

මොණරාගල, සිරිවිජයපුර පදිංචිකරුවකු වූ පාලිත දිනුකට එරෙහිව පොලිස් වරෙන්තු තුනක් තිබී ඇත. ඔහු කොළඹ නගරයේ මාස තුනක් සිය රැකියා කටයතු කරමින් සිට ඇත. ඔහුගේ බිරිඳ පවසන ආකරයට වරෙන්තු සඳහා ඉදිරිපත් වීමට ඔහු නැවත සිය නිවසට පැමිණ ඇත. ඔහු නිවසට පැමිණ ඇති බව දැනගත් මොනරාගල පොලීසියේ නිලධාරින් දස දෙනෙකු පමණ ඔහුගේ නිවසට පැමිණ ඇති අතර පසුව ඔහුගේ දෑත් සහ දෙපාවලට මාංචු දමා එම ස්ථානයේ සිටම අමානුෂික ලෙස පහර දී ඇත. පසුව ඔවුන් ගිනි අවිය ඔහුගේ හිසට එල්ල කරමින් “මූට වෙඩි තියන්න ඕනෑ” යැයි පවසමින් තර්ජනය කර ඇති අතර ඔහුගේ සහෝදරිය හා මව ඔහුට පහර නොදෙන ලෙස ආයාචනා කරමින් වැඳ වැටී ඇති අතර වරෙන්තුව සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද පවසා ඇත.

23 රාත්‍රීයේ හා 24 වන දා පාන්දර ද පොලිසිය තුළදී ඔහුට පහර දී ඇත. පසුව ඔහුව 24 වන දා උදෑසන 9ට පමණ උසාවියට ඉදිරිපත් කර ඇති අතර ඔහුව රෝහල්ගත කරන ලෙස පවසා තිබුණ ද ඔහුව රෝහල් ගත නොකරම නැවත සිරගත කර ඇත. පසුව පාලිතගේ බිරිඳ 25 වන දා පොලීසියට යන විට ඔහු පවසා ඇත්තේ ඔහුට පොලීසිය දැඩි ලෙස  පහර දුන් බවයි. පසුව ඔහුගේ බිරිඳ කොළඹ ප්‍රධාන උප පොලිස් කාර්යාලය අමතා මෙම සිදුවීම දැන්වීමෙන් පසු මොනරාගල පොලීසියට දන්වා ඇත්තේ පහර නොදී කටඋත්තර ලබා ගන්නා ලෙසයි. මොහුගේ බිරිඳ පවසන්නේ සිය සැමියා වරදක් සිදු කළත් මේ අයුරින් පහර දීම අසාධාරණ බවයි.

වීඩියෝව පහතින්…

Social Sharing
අවකාශය නවතම