බස් කොන්දොස්තරට තිස්ස පොලීසිය ප්‍රසිද්ධියේ පහර දෙයි.

Police torture at Tissamaharama Police Station

හොරකමක් පිළිබදව අනාවරනය කර ගැණිමට අමාණුසික ලෙස පහර දීලා වරදක් වූ බව පවසා පොලිසිය බස් කොන්දොස්තර මුදා හැරලා.

කාන්තාවක් රවටා ඇය සතු වීසා කාඩ් පත රැගෙන ATM යන්ත්‍රයකින් මුදල් ලබාගත් බවට සැකකර, තිස්සමහාරාම පොලීසිය විසින්  දූරගමන් සේවා බස් රථයක කොන්දොස්තරවරයකු ප්‍රසිද්ධ ස්ථානයකදී බසය නතරකර ප්‍රසිද්ධියේ පහරදී අත්තඩංගුවට රැගෙන, පොලිසිය වෙත ද රැගෙන ගොස් සොරකම පිලිබදව අනාවරණය කර ගැණිමට පහරදී, පසුව පොඩි වරදක් සිදූ වූව බව පවසමින් පොලීසිය විසින් ශරීර ඇපයක් මත මුදාහැර ඇත.

මෙලෙස පොලීසිය විසින් පහරදී අත්තඩංගුවට රැගෙන මුදාහැර ඇත්තේ තිස්ස මාතර ධාවනය කරණු ලබන කිංස්ලි සුපර් සර්විස් යන බස් රථයේ කොන්දොස්තර වරයා වූ  අම්බලන්තොට මාමඩල, නුගේවල, අංක 16, දරණ  ලිපිණයේ පදිංචි අවිවාහක 23 හැවිරිදි විතාරණ හෙට්ටි ආරච්චිගේ අමීෂ මධුරංග නැමති අයයි.

මොහු 2024 අගෝස්තු මස 02 වන දින ඔහු සේවය කරන බස් රථයෙන් සුපුරුදූ පරිදි තිස්ස මාතර පළමු ගමන් වාරය නිමකර දෙවන ගමන් වාරය යෑම සදහා තිස්සමහාරාම බස් නැවතුමෙන් බසයට මගීන් නන්වාගෙන එදින ප.ව. 04.25 ට තිස්සමහාරාම බස් නැවතුමෙන් ගමන් වාරය ආරම්භකර බස් ස්ටෑන්ඩි එකෙන් පාරට ගෙන බසය දාවනය කරන අතර. තිස්සමහාරාම පොලීසියේ සිවිල් ඇදූමින් සැරසි එක් පොලිස් නිලධාරියකු පැමිණ බස් රථයේ පිටුපස දොරෙහි සිටි අමීෂ මධුරංග නැමති බසයේ කොන්දොස්තරවරයාට බස් රථය නතර කනා ලෙසට අණකර ඇත. ඒ අනුව අමීෂ මධුරංග විසින් බසයේ රියදූරු වූ සමන් නැමති අයට කියා බසය නතර කරවා ඇත. එම අවශ්ථාවේ එම ස්ථානයට පොලිස් නිලධාරින් තිදෙනකු පැමිණ කොන්දොස්තරට ඉතාමත් පහත් අන්ධමින් ප්‍රසිද්ධියේ බැන වදිමින් අනුන්ගෙ බැංකු කාඩ් එකෙන් හොරෙන් ගත් සල්ලී කෝ කියා විමසමින් එහි සිටි එක් පොලිස් නිලධාරියකු විසින් අමීෂ මධුරංග යන අයගේ ඔළුවට, මුහුණට  ඉතාමත් අමාණුසික අන්ධමින් ප්‍රසිද්ධියේ පහරදී මොහුගේ දෑත්වලට විලංගු දමමින් බසයේ සිටි මගීන්ට මූ හොරෙකු යයි ප්‍රකාශ කරමින් අමීෂ මධුරංග යන අයව අත්තඩංගුවට රැගෙන එම පොලිස් නිලධාරින් විසින් තිස්සමහාරාම පොලීස් ස්ථානය වෙත රැගෙන ගොස් එම නිළධාරින්ගේ ජංගම දූරකථනයක තිබූ CCTV වීඩියෝ දර්ශණයක් පෙන්නා 2024.07.30 දින මේ ඉන්නේ ඔහු නේද යනුවෙන් විමසිමින්, බැංකුවෙන් සල්ලි ගත්නෙ ඔහු බවට චෝදනා කරමින්, අත්තඩංගුවට රැගෙන පෙර පහර දූන් පොලිස් නිළදාරියා විසින් ඔහුට ඉතාමත් අමාණුසික අන්ධමින් නැවතත් පහරදී  වරද පිලිගන්නා ලෙසට බලපෑම්කර ඇත. අනතුරුව පොලිස් නිලධාරීන් විසින් මොහුව පොලීසියේ කාමරයක් වෙත රැගෙන ගොස්, උබෙන් ඇත්ත වමාරන හැටි දන්නව යනුවෙන් ප්‍රකාශ කරමින් පොලිස් නිලධාරින් විසින් මොහුට නැවතත් පහර දී ඇත.. කොන්දොස්තර විසින් මේ සොරකම නොකළ බව ප්‍රකාශ කරමින් මෙම පොලිස් නිළධාරින්ට වැදල කීවත් මෙම පොලිස් නිළධාරින් එය පිළිනොගෙන යකඩ බටයක් රැගෙන පහරදීමට උත්සාහ කර ඇති අතර, එම අවශ්ථාවේ මේ නිළධාරින්ගෙන් තවදූරටත් පහර කෑමට නොහැකි හේතුව මත අමීෂ මධුරංග විසින්  වරද පිලිගෙන, අදාල මුදල් ඔහුගේ නිවසෙහි තියෙන, ඔහුගේ රතුපාට සර්ට් සාක්කුවෙ තියෙන බව ප්‍රකාශකර ඇත.. ඒ අනුව මෙම නිළධාරින් විසින් පහරදීම  නතරකර එම කාමරයට දමා දොර වසා එම නිලධාරින් අම්බලන්තොට මොහුගේ නිවස වෙත ගොස්  එම නිවස පරික්ෂාකර බලා  අදාල කාමරයට ගොස් සියල්ල පරික්ෂාකර බලා ඔහුගේ ෂර්ට් සාකුකුවේ තිබූ 30 වනදා ඔහු විසින් කොළඹින් ලයිට් බඩු ගන්නා ලද දිනය හා වේලාව සටහන් ඇති  බිල් තුනක්  රැගෙන විත් ඇත,

ඉන් අනතුරුව පෙර පහරදූන් පොලිස් නිළධාරියා විසින් එම බිල් රැගෙන විත් මේ බිල් මොනවද යනුවෙන් අමීෂ මධුරංගගෙන් විමසා ඇති අතර, ඔහු විසින් ප්‍රකාශකර ඇත්තේ, සර්ල මට කිසිම දෙයක් කියන්න දූන්නෙ නෑ  නේ. මම 2024 ජූලි මාසෙ.29දා මගේ ගෑණු  ළමය සමග නුවර ගියා, එදා රෑ මම මගේ ගෑණු ළමයා සමග රාත්‍රී හිටියෙ නුවර දලදා මාලිගාව අසල පිහිටි Hotel Bamiyan එකෙ. අපි ඒ හෝටලයෙන් පිටත් වූනේ  2024.07.30 උදේ 09.00 ට විතර,  ඒ හෝටලයේ  ඉදල මම කොළඹ ඇවිත් බස් එකට ලයිට් බඩු ගත්තෙ පළමු හරස් වීදියේ කඩවලින් බවත්, ඔය  හොරකම කරල තියෙන වේලාවේ මම හිටියෙ කොළඹ කියා ප්‍රකාශකර ඇත,  ඉන් අනතුරුව 2024.08.03 වන දින මාගේ පවුලේ අය තිස්සමහාරාම පොලීසියට පැමිණිමෙන් අනතුරුව සුළු වැරදීමක්  වූ බව ප්‍රකාශ කරමින් අමීෂ මධුරංගගේ පියාගේ හැදූනුම්පත ඇපයට තබා පොලිසිය විසින් මොහුට ශරිර ඇපයක් එදින පෙ.ව 10.00 ට පමණ ලබා දූන්බව  බස්රථයේ කොන්දොස්තර වූ  විතාරණ හෙට්ටි ආරච්චිගේ අමීෂ මධුරංග යන අය අප සමග කියා සිටී .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටේ නීතියේ කසේරුකාව වේ, 13 වන වගන්තියේ ඉතා පැහැදිලිව දක්වා තිබෙනුයේ පුද්ගලයකු අත්තඩංගුවට ගැණිමේදී නීතියේ විධිවිධාන යටතේ අත්තඩංගුවට ගත යුතුය යනුවෙනි., පොලීසිය යම් පුද්ගලයකු අත්තඩංගුවට ගැණිමේදී ඔහු වචනයෙන් හෝ ක්‍රියාවෙන් අවනත නොවුවහොත් ඔහුගේ ශරීරය  ස්පර්ශකර අත්තඩංගුවට ගැණිමට හැකිය. ඉහත වගන්තිය අනුව සැකකරුවකු අත්තඩංගුවට ගැණිමට යෑමේදී ඊට එරෙහිව කිසිවක් නොකරයි නම් ඔහු සාමකාමීව සිටිනවානම් එම සැකකරු අත්තඩංගුවට ගත යුත්තේ චෝදනා කියා දීය. එනම් අහවල් චෝදනාවට අත්තඩංගුවට ගන්නවා කියමිනි. නමුත් ඉහත කී බස් රථයේ කොන්දොස්තර වූ අමීෂ මදුරංග අත්තඩංගුවට ගන්නා හේතුව කියාදී නැත.සාමකාමීව සිටි අමීෂ මධුරංග අත්තඩංගුවට ගෙන ඇත්තේ ප්‍රසිද්ධියේ පහර දී බසයේ සිටි මගීන්ට ද ඔහු හොරෙකු බව පවසමින්ය.

1994 අංක 22 දරණ වද හිංසා සහ කෘාර අමාණුසික හෝ  අවමන් සහගත සැලකීම්වලට හෝ දණ්ඩනයන්ට එරෙහිව සම්පුති පනතේ 2.1 වගන්තිය අනුව යම් පුද්ගලයෙක්ව වදහිංසාවට  හෝ කෘාර අමාණුසික හෝ අවමන් සහගත සැලකීම්වලට හෝ දණ්ඩණයට  ලක් කිරීම වරදක් බව ඉතා පැහැදිලිව දක්වා ඇත. ඒ අනුව පොලිස් නිළදාරින් ස්වකීය රාජකාරි කටයුතු කරද්දී හෝ රාජකාරිය අතරතුරු අත්තඩංගුවට ගනු ලබන පුද්ගලයන්ව යම් වද හිංසාවකට, අමාණුසික සැලකීමකට දණ්ඩණයට ලක් කිරිම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය කිරිමක් සේම මෙම පනත යටතේ යම් වරදක් සම්බන්ධයෙන් මහාධිකරන නඩු විභාගයක් පවත්වා වරදකරුවන්ට දඩුවම් ලබාදීමේ හැකියාව පවතී.

පොලීසිය රාජකාරි කල යුත්තෙ නෛතික සීමාව ඇතුලතයි.එම නෛතික ප්‍රථිපාදන උල්ලංගණය කරමින් වධ හිංසා කලොත් මෙම පනත යටතේ  හෝ දණ්ඩනීති සංග්‍රහය හා අපරාද නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව එම පොලිස් නිලදාරින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුය යනුවෙන් ශ්‍රේෂ්ඨාධීකරනයේ පැවැති නඩු තීන්දූවල සදහන් වේ

සටහන –
තරංග එල්.පටබැදි.
හම්බන්තොට.
Social Sharing
අවකාශය නවතම