මැතිවරණයට ආදාළ මාධ්‍ය උපමානවලදි දුස් තොරතුරු වාර්තාකරණය පිළිබද කොතෙකුත් මාධ්‍ය උපමාන තිබුණද දුස් තොරතුරු වාර්තා කිරීම් සමාජ මාධ්‍යවලදි මෙන්ම ප්‍රධාන ධාරාවේ ජනමාධ්යතුළද බහුලව සිදුවන්නකි. මෙයින් මැතිවරණයකට අදාළව ජන මනස විකෘති කිරීම් සිදුවන නිසා මේ සම්බන්ධව දැන සිටීම වැදගත්ය.
අද වන විට මෙවන් ආකාරයේ පුවත් පළවීම් හී අඩුවක් නොමැති අතර, මැතිවරණ කොමිසන් සභාවද කලින් කලට ඇතිවන තාක්ෂණික දියුණුව මෙන්ම විපරිතතාවන් පිළිබද මනා අධ්‍යයනයකින් සිටින බව ඔවුන් කරන මැතිවරණයට අදාළව නිකුත් කරන මාධ්‍ය උපමානවලදි පෙනීයයි.
ඉදිරි ජනාධිපතිවරණය අළළා මැතිවරණ කොමිසන් සභාවේ නිල වෙබ් අඩවිය හරහා මෙකී තත්ත්වයනන්ට නිරන්තරව හසු නොවන ලෙසින් දැනුවත් කිරීම් සිදුකලද මේවාට එරෙහිව වැට බැදීම් සමාජ මාධ්‍ය ප්රචලිතවීම නිසා ඉමහත් අසීරුව පවතී. සිය වෙබ් අඩවිය හරහා කොමිසම නිකුත් කරන ප්රකාශ්යන් අධ්ය්යනයේදි පෙනී යන්නේ පෙරදී මෙන් මැතිවරණ කොමිසන් සභාව සමග සෙල්ලම් කළ නොහැකි බවය.
මෑතම උදාහරණය නම් තැපැල් ඡන්දය සම්බන්ධව දුස් තොරතුරු රැසක්ම ප්‍රචලිත වු අතර ඒවාට එරෙහිව ක්ෂනික ප්‍රතිචාර දැක්වීම් කොමිසම වහ වහා නිකුත් කරන ලදි. මෙහිදි ව්‍යාජ පුවත් වලට හසුනොවන ලෙස නැවතත් ඉල්ලා සිටින අතර තම වෙබ් අඩවියේ සදහන් ආකාරයට එය කළ හැකිබව නැවත අවධාරණය කර තිබේ.
දුස් තොරතුරු අවසන් ප්‍රතිඵලයට බලපෑම් එල්ල කරනවාද?
මැතිවරණ සමයේදී දුස් තොරතුරු පළකිරීම් සිදුවීම් ඉහළ යන අතර ඒවායින් සිදුවිය හැකි බලපෑම නොසිතා ඒවා ප්‍රචාරය කරන්නන් දිගින් දිගටම සිදුකරවයි. ඔවුන් මෙය ඇතැම්විට සිය වෙබ අඩවි හෝ ෆෙස්බුක් පේජ් හෝ යු ටියුබ් වැනි නාලිකාවල රීච් වැඩිකරගැනිමේ අභිප්‍රායෙන් යුක්තව කටයුතු කළද එය කෙතරම් බලපෑමක් කරන්නේද යන්න ගැන නොසළකා හරිනු පෙනේ.
මෑත ඉතිහාසයේ තිබු ජනාධිපතිවරණවලදී දුස් තොරතුරක් නිසා මුලු මැතිවරණ වේදිකාවම රත් කළ පුවත් අතරින් ප්‍රමුඛතාව ලැබෙන්නේ 2010 ජනාධිපතිවරණයට අදාළළු ආර්. සම්බන්ධන් මහතා ප්රමුඛ දෙමළ ජාතික සංධානය අපේක්ෂක සරත් ෆොන්සේකාට සහය ලබා දෙන බවට තීන්දු කළා යැයි ඉරිදා ලංකාදීප පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දිනියක කළ පළකරන ලද පුවතයි. මෙම පුවත එකල මැතිවරණ වේදිකාවන් මෙන්ම පක්ෂ අභ්‍යන්තරව හා රට තුළද විශාල කලබගෑනියක් සිදු කර ලදි. සමාජ මාධ්‍ය හා තාක්ෂණය අද මෙන් එතරම් නොදියුණු සමයේ මෙම පුවත එතරම් ප්රබලව සමාජයට දැනුනා නම් එවන් පුවතක් අද පළ වුයේ නම් ඇතිවන තත්ත්වය කෙබදු වේද?
ඉන් අනතුරුව 2019 ජනාධිපතිවරණය ඉලක්ක කරමින් සිංහල බෞද්ධ ඡන්ද ඩැහැගැනීමට ඉතා විශාල කුමන්ත්‍රණයක් සිදුවු අතර එමි වින්දිතයා වුයේ ජනප්‍රිය මුස්ලිම් නාරිවේද ශල්‍ය වෛද්‍යවරයකු වු සාෆි ය. 2019 ඡන්දයෙදි මුස්ලිම් ජනතාවගේ ඡන්ද පවතින ආණ්ඩුවේ අපේක්ෂකයාට අහිමි කරවීමේ වගකීම සිදුකිරීමට වෛද්‍ය සාෆි සම්බන්ධව කෙතරම් කාර්යභාරයක් සිදුකළෙද යත් ජාත්‍යාලය හා ආගම ඉදිරියට දා ‘‘රට බේරා ගැනීම“ යනුවෙන් ජනප්‍රිය සටන් පාඨයක් පවා යොදා ගනිමින් අනෙක් පාර්ශවයේ අපේක්ෂකයා ඉදිරියට ගෙන ඒමට විශාල ප්‍රමාණයේ සැලසුමක් දියත් කෙරුනේ දෙස් විදෙස් ජනමාධ්‍ය පවා වැඩි ආකර්ශනයක් හිමිවන පරිද්දේනි. එහි ඉලක්ක කළ අයුරින් අවසන් ප්‍රතිපලයේදි ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර ඡන්ද ප්‍රමාණය ලක්ෂ 15ක් වැනි ඉහළ ප්‍රමාණයකින් වෙනස් විය. එතරමම් ඉහළ ඡන්ද ප්‍රමාණයක වෙනසක් ඇතිවු පළමු ජනාධිපතිවරණය ලෙසද එම වර්ෂය පෙන්වා දිය හැකිය.
දුස් තොරතුරු හදුනා ගැනීමද ලේසි පහසු නැත. මේවා බහුලව යොදා ගන්නේ සමාජ මාධ්යයන්හීය. විශේෂයෙන් ෆෙස්බුක්, හා වෙබ් අඩවී හි මේවා පළ කෙරේ. ඉකුත් මැතිවරණ ඉතිහාසයන් හි ප්‍රධාන දුස්තොරතුරු ගත්විට ඒවා සත්‍ය මෙන්ම පෙනෙන ආකාරයට හෝ සත්‍යයට ඉතාම ආසන්න බව පරිශිලකයාට පෙනෙන අන්දමින් පළ වීම නිසා පරිශිලකයින් මේවාට කෙතෙකුත් රැවටීම් සිදුවේ. ඇතැම් පුවත් නිර්මාණය වී ඇත්තේ ප්‍රධාන ධාරාවේ ජාතික පුවත්පතක පිටුසැලසුමක් ආකාරයට එහි පළවු ප්‍රධාන පුවතක් ලෙසිනි. වත්මන්හි පුවත්පත් මිලට ගැනීම් සිදු නොවන මුත් ඒවායේ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ඉල්ලුමක් පවතින නිසා ඒවා මෙන් පෙනෙන ආකාරයේ පුවත් නිර්මාණය කිරිමි නිරන්තරව සිදුකෙරේ.
තවත් ව්‍යාජ හෝ දුස් තොරතුරු පළවන්නේ ප්‍රධාන ධාරාවේ ජනප්‍රිය රූපවාහිනි හෝ ගුවන්විදුලියක සමාජ මාධ්‍ය ගිණුමක පෝස්ටුවක් මෙන් පෙනෙන ආකාරයටය. ඒ නිසාම මහජන ආකර්ශනය වැඩි වශයෙන් ඒ පුවතට ලැබෙන අතර එවයින් ලැබෙන ප්‍රතිපලය අතිශයින් තීරණාත්මක විය හැකිය.
එවිට මේ සම්බන්ධව දැනුමක් ඇති ආයතන විසින් දැනුවත් කිරීම් සිදු කරයි. ප්‍රධාන වශයෙන් #genration , fact checker වැනි ආයතන විසින් මේ සම්බන්ධව නිරන්තර අවධියෙන් සිට ප්‍රකාශ නිකුත් කරයි. මේ සම්බන්ධ ක්ෂනික දැනුවත් කිරීම් සදහා whatsapp group රැසක්ම පවතින අතර බොහෝ පරිශිලකයින් තමන්ට ලැබෙන පුවත් හි සත්‍ය අසත්‍යතාව විමසීමට ඒ හරහා යොමුවීම්ද ඉහළ යමින් පවති. එසේ පසු විපරම් කිරීමට දැනුමත් අවබෝධයක් ඇති පරිශිලකයින් මේවා විමසීමෙන් හෝ සත්‍යාසත්‍යතාව දැන ගත්තද ඇතැම් බොහෝ දෙනාට මේ සම්බන්ධ දැනුමක් අවබෝධයක් නොමැති නිසා මේවා වැඩි වශයෙන් හුවමාරු කරගනී.
මැතිවරණ කොමිසන් සභාව මේවා සදහා කෙතරම් වැට බැන්දද ඒවායේ හිඩැස්වලින් රිංගා අවසන් ප්‍රතිපලයට කළ හැකි උපරිම බලපෑම් කිරිම මෙවන් තත්ත්වයන් නිර්මාණ කරන්නන්ගේ අභිප්‍රායයි.
තවද සමාජ මාධ්‍ය පරිශිලකයින්ට එක් එක් දේශපාලනඥයන් ගැන ප්‍රසාදය වැඩි කිරීමටද එය නැත්තට නැති කිරීමටද මෙවන් දුස් තොරතුරු හරහා කළ හැකි නිසා මෙය භයානක තත්ත්වයකි. ඇතැම් දේශපාලනඥයින් තමන්ට වැඩි ජනතා ආකර්ශනයක් ඇතැයි පෙන්නීමට face book bots භාවිත කරයි. මෙය මුදල් ගෙවා ලබාගත හැකි ව්‍යාජ ගිණුම් බව සාමාක්‍ය පරිශිලකයින් නොදන්නා නිසා මෙම තත්ත්වයද මැතිවරණයකදි අතිශයින් තීරණාත්මක බලපෑමක් සිදු කරයි.
සමාජ මාධ්‍ය භාවිතය ගැන අවසන් වශයෙන් කිව යුත්තේ දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග වැනි යෙදුමකත් විනා අන් කිසිවක් නෙවේ.
සටහන පුෂ්පා වීරසේකර