ලක්ෂ 3ක් දක්වා නේවාසික ප්‍රතිකාර
සියලුම පාසල් දරුවන්ට අගෝස්තු මස පළමු දා සිට සිසු රක්ෂණය නැවත ලබා දීමට අධ්‍යාපන අමත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව සියලුම රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ උපකෘත විශේෂිත පාසල්වල අධ්‍යාපන ලබන සිසු සිසුවියන් වෙනුවෙන් වසර තුනක කාලයක් සඳහා මෙම රක්ෂණය පිරිනමනු ලැබේ. ඒ අනුව රුපියල් මිලියන 7112ක (කෝටි 711.2) මුදලක් මේ සඳහා ආයෝජනය කර ඇති බවත් අදාල ගිවිසුම් සඳහා ඊයේ දින එනම් අගෝස්තු මස පළමු දා අත්සන් කළ බවත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
අධ්‍යාපන අමත්‍යාංශය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එක්ව සුරක්ෂා රක්ෂණාවරණය ක්‍රියාත්මක කරන අතර ඒ අනුව ප්‍රතිලාභ වශයෙන්,
රජයේ හෝ පෞද්ගලික රෝහල් නේවාසික ප්‍රතිකාර සඳහා | රුපියල් ලක්ෂ 03ක් |
බාහිර ප්‍රතිකාර ලබා ගැනීම සඳහා | රුපියල් 20,000ක් |
අසාධ්‍ය රෝග ප්‍රතිලාභ වශයෙන් | රුපියල් 1,500,000ක් |
අනතුරු රක්ෂාණාවරණය මඟින් පූර්ණ සදාකාලික අකර්මණ්‍යතාවයකදී | රුපියල් 200,000ක් |
අනතුරු රක්ෂාණාවරණය මඟින් සදාකාලික අර්ධ අකර්මණ්‍යතාවයකදී | රුපියල් 150,000ක් |
අනතුරු රක්ෂාණාවරණය මඟින් තාවකාලික අකර්මණ්‍යතාවයකදී | රුපියල් 25,000 සිට 100,000ක් |
තවද ජීවිත රක්ෂණාවරණය යටතේ වාර්ෂික ආදායම රුපියල් 180,000ක ට වඩා අඩු ආදායම්ලාභී පාසල් සිසුන්ට අමතරව ‘අස්වැසුම’ වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබන පවුල්වල සිසුන්ගේ මවුපිය, හා නීත්‍යානුකූල භාරකරුගේ වියෝවකදී සිසු දරුවකු සඳහා රුපියල් 75,000ක් ද එක් මරණයක් වෙනුවෙන් උපරිම වශයෙන් රුපියල් 225,000ක් දක්වා වෙන් කරන බව ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත. ඒ අනුව මෙම මුදල පවුලේ සිසුන් අතර සමානව වෙන් කරන බවත් මවුපියන් දෙපළගේ හෝ නීත්‍යානුකූල භාරකරුගේ මරණ සඳහා වෙන් වෙන් වශයෙන් මෙම රක්ෂණාවරණය හිමි වේ. රක්ෂණාවරණය සඳහා ඩිජිටල්කරණය කරන ලද කාඩ්පතක් නොමිලේ පාසල් සිසුන්ට ලබා දීමක් ද සිදු කෙරේ.