2023 වසරේ මුල් මාස හයට සාපේක්ෂව 2024 වසරේ මුල් මාස හයේ විදේශ සම්ප්‍රේෂණ 11.3% කින් ඉහළ ගොස් ඇති අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්‍ය් රංජිත් සියඹලාපිටිය මහතා පවසන ආකාරයට 2023 වසරේ මුල් මාස හය ඇතුළත විදේශ ප්‍රේෂණ ලැබී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 2823කි. මෙම වසරේ ජනවාරි මස සිට ජූනි මස දක්වා විදේශ සම්ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 3144ක් දක්වා ඉහළ ගොස් ඇත.
2024 වසරේ පළමු මාස හය ඇතුළත විදේශ ප්‍රේෂණ ලැබීම්, සංචාරක ඉපැයීම් සහ ආයෝජන භාණ්ඩ මෙරටට ගෙන්වීම් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර සංචාරක ඉපැයීම් 80%ක් දක්වා වර්ධනය වී ඇත. ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 1557ක අදායමක් සංචාරක ක්ෂේත්‍රය තුළින් උපයාගෙන ඇත. පසුගිය වසරේ මෙම ඉපැයීම් ඇමරිකානු ඩොලර් මිලියන 875කට සීමා විය. මෙම කාලය ඇතුළත අපනයන 4.7%කින් ද ආනයනය 6.4%කින් ද ආයෝජන භාණ්ඩ වර්ධනය 24.7%ක් දක්වා ද වැඩි වී ඇත.
එමෙන්ම එම කාලය ඇතුළත රුපියලේ අගය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 7.1%කින් ඉහළ ගොස් ඇති අතර යූරෝ ඒකකයට සාපේක්ෂව 9.1%කින් ද පවුමකට සාපේක්ෂව 6.2%කින් ජපන් යෙන් ඒකකයට සාපේක්ෂව 15.8%කින් ද චීන යුවාන් ඒකකයට සාපේක්ෂව 9.3%කින් ද ඉහළ ගොස් ඇති බව අමත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.
මේ අනුව විදේශ ප්‍රේෂණ ලැබීම්, සංචාරක ඉපැයීම් සහ ආයෝජන භාණ්ඩ මෙරටට ගෙන්වීම් පෙර වසරට සාපේක්ෂව විශාල වශයෙන් ඉහළ යෑම තුළින් මෙම වසරේ සිට නැවත මෙරට ආර්ථිකය ශක්තිමත් වීමක් සිදුවන බව පෙන්නුම් කෙරේ.