2024 වර්ෂය සදහා වන ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය’ සඳහා අයිතිය කර්තෘ මණ්ඩල සාමාජික අජිත් පැරකුම් ජයසිංහගේ ”සූදුරු අබා” කෙටි කතාවත් දීර්ඝ ලයිස්තුවට ඇතුලත් වී තිබේ.
මෙම සාහිත්‍ය ත්‍යාගය සදහා කෙටිකතා අත්පිටපත් 118ක් ඉදිරිපත් වී ඇති අතර, ඉන් කෙටි කතා අත්පිටපත් 7ක් දීර්ඝ ලයිස්තුවට ඇතුලත් වී ඇත.
අනෝමා රාජකරුණා, අශෝක හඳගම සහ මහාචාර්ය ටියුඩර් වීරසිංහ යන මහත්ම මහත්මීන් විදර්ශන සාහිත්‍ය ත්‍යාග ඇගයුම් මණ්ඩලය නියෝජනය කරයි. නිර්මාණ හතකින් යුතු මෙම දීර්ඝ ලයිස්තුවෙන් අවසන් වටය සදහා වන නිර්මාණ 3ක් තෝරා ගැනීම අගෝස්තු දෙවැනි සතියේ සිදු කෙරෙන අතර, ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය’ ප්‍රධානය සැප්තැම්බර් 01 වන දින පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.