සැකකරුවෙකු මිය යෑමේ සිද්ධියකට කොස්තාපල්වරුන් දෙදෙනෙකුට වැඩ තහනමක්!

Two constables in Peduru Tudu have been suspended for the death of an arrested suspect.

යාපනයේ පේදුරුතුඩුවේ පොලිසියේ අත්අත්අඩංගුවේ පසුවු සැකකරුවෙකු මිය යෑමේ සිද්ධියක් හේතුකොටගෙන කන්කසන්තුරේ පොලිස් අධිකාරිවරයා විසින් නඩුව අවසන් වන තුරු කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ සේවය 29 වන දා සිට අත්හිටුවා තිබේ.

මේ අයුරින් මියගොස් ඇත්තේ පේදුරුතුඩුවේම පදිංචි වී සිටි තරුණයෙකු වන අතර ඔහුව අත්අඩංගුවට රැගෙන ඒමෙන් පසුව බරපතළ ලෙස පහර දීම මරණයට හේතුව ලෙස සැක කෙරේ. ඔහුට සිදුකළ බරපතළ පහර දීම් හමුවේ දැඩි තුවාල ඇති වී ඇති අතර ඔහුව ප්‍රතිකාර සඳහා පේදුරුතුඩුවේ රෝහලට ඇතුළත් කර තිබේ. මෙම තරුණයා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණයෙන් හෙළි වී ඇත්තේ ඔහුගේ සිරුරේ අභ්‍යන්තර අවයවයන්ට දැඩි ලෙස හානි වී අධික ලෙස රුධිර වහනයක් ඇතී වීමෙන් හා දැඩි කම්පනයෙන් මෙම මරණය සිදු වී ඇති බවයි.

මේ අනුව පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ කොස්තාපල්වරුන් දෙපළ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් 50,000ක ශරීර ඇප මත ඔවුන්ව නිදහස් කර තිබේ.

Social Sharing
අවකාශය නවතම