වයිරල් වුණ වීඩියෝවේ පොලිස් නිලධාරියාට බුලත් විට චෝදනා!

sri lanka police officer

පරීක්ෂාවට භාජනය කළ මෝටර් රථයක් තුළ තිබී සොයාගත් කංසා නැමැති නඩු භාණ්ඩය ආරක්ෂා කර නොගැනීම සහ බුලත්විට සපමින් මහජනයාට අප්‍රසන්නතාවයක් ඇතිවන අයුරින් රාජකාරි සිදු කිරීම යන චෝදනා ද්විත්වය මත යුක්තිය 02 මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය නිවාරණ වැටලීමකට සම්බන්ධ වී සිටි පොලිස් නිලධාරියකුගේ වැඩ තහනමට ලක් වී ඇත.

මෙලෙස වැඩ තහනමට ලක් වූ පොලිස් නිලධාරියා විසින් ඉකුත් 25 වන දා  කොල්ලුපිටිය පොලිස් වසමේ පිහිටි ආනන්ද කුමාරස්වාමි මාවතේ කර්නල් ටී බී ජයා මාවත අසළ සිය රාජකාරි කටයතු සිදු කරමින් සිටින අවස්ථාවක ඔහු විසින් මෝටර් රථයක් පරීක්ෂා කර ඇති අතර එහිදී එම පොලිස් නිලධාරියා විසින් මෝටර් රථය පරීක්ෂාකොට ඇත්තේ ඔහුගේ සහායට කිසිදු නිලධාරියෙකු නොමැතිවය. එමෙන්ම රියැදුරු හෝ එහි පැමිණි කිසිවකුත් මෝටර් රථය අසළ නොමැති මොහොතක මෙම පරීක්ෂාව සිදු කොට ඇති බව කියැවේ.

මෙම නිලධාරියා විසින් රථය පරීක්ෂා කොට එයින් පිටතට පැමිණ ඇත්තේ එම රථය තුළ තිබී කංසා හමු වූ බව පවසමින්‍ ය. මේ අයුරින් පරීක්ෂාවන් සිදු කරන රථවල වාහන හිමියාට ද නොදැනුවත්ව මෙලෙසින් මත් ද්‍රව්‍ය සොයා ගන්නා නිසාවෙන් අදාල රථයේ ගමන්ගත් තරුණයින් පිරිස ජංගම දුරකථනයෙන් කරන ලද වීඩීයෝවක් සමාජ මාධ්‍යයට මුදාහැර ඇත. ඒ අනුව මෝටර් රථයේ සිටි පිරිසට ඔවුන් කංසා ලඟ තබා නොගත් බව දැඩි විශ්වාසයෙන් පැවසීමේ හැකියාව තිබූ අතර මෙම සිදුවීම සම්බන්ධව පොලිස් නිලධාරියා සමඟ ඔවුන් තර්ක කරමින් ඔවුන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට උත්සහ ගන්නා ආකාරය පෙන්වන එම වීඩීයෝව පසුගිය දිනවල සමාජ මාධ්‍ය‍යේ වයිරල් ආකාරයෙන් සංසරණය විය.

යුක්තිය මෙහෙයුම්වලදී පොලිසිය ව්‍යාජ ලෙස මත්ද්‍රව්‍ය දමා පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බවට දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් තිබේ.

එම සිදුවීම සම්බන්දයෙන් සමාජ මාධ්‍යයේ පල වූ වීඩියෝ …

https://www.facebook.com/100065960071143/videos/pcb.773126931562636/3640292942950687

https://www.facebook.com/100065960071143/videos/pcb.773126931562636/465174773045861

අජිත් පැරකුම් ජයසිංහ
Social Sharing
අවකාශය නවතම