නව සම සමජ පක්ෂයේ නායක, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අද (25) දින අභාවප්‍රාප්ත විය. එතුමා මිය යන විට 81 වෙනි වියෙහි පසුවිය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වන මොහු කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙක් වන අතර, සිය ආචාර්ය උපාධිය ලබන්නේ කේම්බ්‍රජ් සරසවියෙනි. ඔහු විද්‍යාඥයෙකි. දේශපාලනය කළ කාලය තුළත් ඔහු විවිධාකාරයේ පර්යේෂණ කළේය.
වසර හතලිහකට වඩා කාලයක් වාමාංශික දේශපාලන කඳවුර වෙනුවෙන් සිය උපරිම කැපවීම හා දායකත්වය ලබාදුන් එතුමන්ට අපගේ උත්තමාචාරය පුදකරමු.