රජය විසින් තාවකාලිකව විදේශීය ණය ගෙවීම අත්හිටුවීමට ගත් තීරණයත් සමඟ ගත වූ මාස 24ක කාලය තුළ නොගෙවා ඇති මුළු ණය හා වාරික මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 8606ක් බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නවතම වාර්තාව දැක්වේ.
රජය විසින් වසර 2022 අප්‍රේල් 12 වැනිදා සිට තාවකාලිකව විදේශීය ණය සහ වාරික ගෙවීම තාවකාලිකව අත්හිටුවීමත් සමඟ මේ වසරේ අප්‍රේල් 30 වැනිදා දක්වා නොගෙවා ඇති ණය හා වාරික ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 8606ක් බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
මේ අනුව 2022 අප්‍රේල් 12 වැනිදා සිට 2024 අප්‍රේල් 30 දක්වා නොගෙවා ඇති ණය වාරික ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 6020කි. එම කාලය තුළ නොගෙවා ඇති පොළී ප්‍රමාණය ඩොලර් මිලියන 2586කි.
මෙම තොරතුරු අනාවරණය වනුයේ මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ මේ වසරේ මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙනි. එම වාර්තාව මුදල් ඇමැතිවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉකුත් දා පාර්ලිමේන්තුවට ඉකුත් කර ඇත.
වසර 2003 අංක 3 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පණතේ 10 වන වගන්තිය යටතේ මෙම මූල්‍ය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන ප්‍රකාශ කළේය.
රජයේ රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය අනුව රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරකම්වල යාවත්කාලීන තොරතුරු සැපයීම මෙවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීමේ එක් අරමුණක් බව ද මුදල් ලේකම්වරයා කීය.