ජනතාව වෙනුවෙන් වඩා යහපත් දේ කිරීමට වඩා යහපත් ශක්තිමත් ආර්ථියක් ගොඩනැගීම සිදු කළ යුතුය.

political situation rohan samarajeewa

මහාචාර්ය රොහාන් සමරජීව

1994 දී හිටපු අමාත්‍ය දිවංගත මංගල සමරවීර ගේ ආරාධනය පරිදි මා ලංකාවට පැමිණියා. ඒ ලංකාවේ විදුලි සංදේශන පද්ධතිය නවීකරණය කිරීම ලද අවස්ථාව වෙනුවෙන්. ඒ දිනවල බිරිඳ ගේ මහගෙදර මම එන්නේ රෑ වෙලා. මා විදුලි සංදේශ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිසා දුරකතනයක් ලබා ගැනීමට බිරිඳගේ මහ ගෙදරට අසල්වාසීන් ලිපි ගොනු සකස් කරගත් පිරිසක් පැමිණෙන පිරිස් මග හැරීම සඳහා.

අද රටේ විදුලි සංදේශන පද්ධතිය එදාට වඩා බොහෝ දුර ගොස් තිබේ. ජනගහනයට වඩා ජංගම දුරකතන ප්‍රමාණයක් රට තුළ තිබේ. ඒ සමගම මංගල ඇමතිතුමා විසින් දියත් කළ සුදු නෙළුම් ව්‍යාපාරයටත්, නව ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමටත්, නව ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා අවශ්‍ය වුනු ජනමත විචාරණය ගැනත් සහයෝගය ලබා දීම අපගේ අරමුණ වුනා. නමුත් දළඳා මාළිගාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සහ නව ව්‍යවස්ථාවට ඇති වූ විරෝධයතාවයන් නිසා සියල්ල වෙනස් වී අවුල් විය.

රටේ ආර්ථික, දේශපාලන, සමාජීය, සංස්කෘතිය අර්බුද විසඳිය හැක්කේ සමගියෙන්, සංවාදයෙන් බව අත්දැකීම් වලින් බව යථාර්ථයකි. සංහිඳියාව ආර්ථික දෘෂ්ඨිකෝණයකින් බැලීමත් කළ යුතුයි. ඒ අතරිනුත් අප වැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේ යටිතළ පහසුකම් සංවර්ධනය ගැනයි. යටිතළ පහසුකම් ගොඩනැගීම ජනතාවට කළ නොහැකි වන්නේ ඒවා අසීරු, වියදම් අධික දේ බැවිනි. එය රජයේ වගකීමකි. පානිය ජලය, දුරකතන සේවා ජනතාවට තනිව ලබාගත නොහැකි ය. නාගරික ප්‍රදේශවල ජනතාව ළිං භාවිතය අසීරු නිසා පිරිසිදු පානීය ජලය අත්‍යවශ්‍ය යටිතල පහසුකමකි.

සංහිඳියාව සහ ජලය

යාපනය අර්ධද්ධීපයේ ජල සම්පාදනයෙන් නල මගින් ජලය ලබාදෙනු ලබන්නේ ජනතාවගෙන් 3% කට පමණි. ඔවුන් ජල පොම්ප ආධාරයෙන් භූගත ජලය භාවිතා කරනු ලබයි. යාපනය ජනතාව ආඬි ළිං වලින් ජලය ලබා ගන්නා බව අප කුඩා කළ සිට අසා තිබෙනවා. නමුත් යුද්ධය අවසන්වීමෙන් පසුව යාපනය අර්ධද්වීපයට විදුලි බලය ලැබිණි. ඔවුන් මෝටර් භාවිතා කරමින් ජලය ලබාගන්නා ලදි. එයින් පසුව ඔවුන්ට ආඬි ළිං වල අවශ්‍යතාවයක් මතු වුයේ නැත. පසුව ගැටළුවක් මතු විය. යාපනයේ පස් තට්ටුව ගැඹුරෙහි තිබෙන හුණුගල් තට්ටුව වෙත මෙම ජල නල ගමන් කිරීම නිසා කාලයාගේ ඇවෑමෙන් පිටතට එන ජලයට හුණුගල් මිශ්‍ර විය. ජලය අපිරිසිදු විය. මේ නිසාම මේ වන විට යාපනය අර්ධද්වීපය සංකීර්ණ ජල අර්බුදයකට මුහුණ දී සිටියි.

අපි ජයග්‍රාහී විලාසයකින් ලංකාවේ විදුලි සංදේශන පද්ධතිය වෙනස් කර තිබෙනවා. යාපනය, කිලිනොච්චි ඇතුළු ලංකාවේ විවිධ ප්‍රදේශ වල ජනතාව මුහුණ දෙන ජල අර්බුදය ගැන සාකච්ඡා කර තිබේ. ලංකාවේ ජල ප්‍රශ්නය විසඳීමට බලාපොරොත්තුවක් තිබෙනවා. නමුත් ලංකාවේ ජල ප්‍රශ්නය එලෙස විසඳන්න නොහැකි බව පැහැදිලි වී තිබේ. රට තුළ තිබෙන දේශපාලන අස්ථාවරභාවය, අසංහිඳියා ව, නොවිසඳීමකින් තොරව, ජල ප්‍රශ්න වැනි ප්‍රශ්න විසඳිය නොහැකියි.

සටන් විරාම කාල තුළ දී උතුරේ ජල ප්‍රශ්න ගැන සාකච්ඡා කර ඊට නිසි විසඳුමක් ලබාදීමට නියෝජිතයන් පිරිසක් කිලිනොච්චියට ගියේය. රාජ්‍ය නිලධාරීන් ඇතුළු නිලධාරීන්, එල්.ටී.ටී.ඊ සංවිධානයේ නියෝජිතයන් පිරිසක් ඔවුන්  හමුවිය. ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපෘතියක් වූ එය ඔවුන්ගේ උපදෙස් මත උතුරු ප්‍රදේශයේ ජල අර්බුදය සංකීර්ණ නිසා එය විසඳීමට පුමුඛස්ථානය ලැබුණි. සැලසුම වූයේ ඉරණමඩු ජලාශය ජල ධාරිතාව වැඩි කර උතුරු ප්‍රදේශයට ජලය ලබා දීමටයි. එල්.ටී.ටී.ඊ සංවිධානය ඒ සඳහා තමන්ගේ විරුද්ධත්වයක් නැති බව පවසා එකගතාවය ලිඛිතව පළ කර තිබුණා.

ඔබ A9 පාර දිගේ උතුරු ප්‍රදේශයට ගමන් කරන විට විශාල කුළුණු, විශාල බට පාර දිගට තිබෙනවා ඔබ දැකීමට පුළුවන්. ඒත් ඒ හරහා ජලය ගමන් කරන්නේ නෑත. යුද්ධය අවසන් වීමෙන් පසුව ඉරණමඩු ජලාශයේ ජල ව්‍යාපෘතිය සඳහා සන්නද්ධ කණ්ඩායමක් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය දුන් අවසරය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයන් විසින් ප්‍රතික්ෂේ කරනු ලැබූවා. මෙම ප්‍රතික්ෂේප කිරීමට හේතු ගණනාවක් තිබිණි. ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සියළු වාරිමාර්ග, සියළු ජලාශ අයත්වන්නේ පළාත් සභාවට ය. නමුත් එම වගන්තියට ව්‍යාතිරේකයක් ඇත. එනම් එම වතුර පලාත් සීමාවන් හරහා ගමන් කළහොත් ඒ ජලය මධ්‍යම ආණ්ඩුවට අයත් වේ. මේ සඳහා දිය හැකි හොඳම උදාහරණය නම් සබරගමුවෙන් ජලය ගෙන එන කුකුළුගමුුවේ ජලය බස්නාහිර පලාතට ගෙන ඒමයි. එම ජල ව්‍යාපෘතිය අයත් වන්නේ මධ්‍යම ආණ්ඩුවට ය.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් තමන්ගේ අප්‍රසාදය පළ කර සිටියේය. ඉරණමඩු ජලාශයට වෙනත් පලාතකින් ජලය ලැබුණහොත් ඉරණමඩු ජලාශය මධ්‍යම ආණ්ඩුවට අයත් වේ. උතුරු පලාතට අයත් උතුරු පලාතෙන්ම මුහුදට ගලා බසින ගංගාවන් 17 තිබෙනවා. එම ගංගාවන් උතුරු පලාත යටතේම පාලනය වෙනවා. ඉරණමඩු ජලාශය මධ්‍යම ආණ්ඩුවට අයිතිවීම ගැන විවේචනාත්මක අදහස් පළ කරනු ලබන්නේ කිලිනොච්චියේ ජනතාව නොව වෘත්තිකයන්, ඉංජිනේරුවන්, ය. මෙම ගැටළු වලට බලපාන වෙනත් දේශපාලන අර්බුදයන් තිබේ. ඉරණමඩු ජලාශය මධ්‍යම රජයට අයිති වුවහොත් රජය විසින් ඒ අවට ඇති ගම්වල සිංහල ජනතාව පදිංචි කර සිංහල ජනපද කරනු ඇතැයි ඔවුන් තුළ බියක්, සැකයක් ඇත. ගල්ඔය යෝජනා ක්‍රමය යටතේ සිංහල ජනපද ඇති කිරීම ගැන ඇති අත්දැකීම ගැන ඔවුන් සිතනවා විය හැකියි. උතුරේ විරෝධතාවය දක්වන ලද පුද්ගලයන්ට ජල ප්‍රශ්න විසඳීම අවශ්‍ය නැත. ඉරණමඩු ජලාශය අවට සිංහල ජනපද ඇති නොවීම පමණක් ප්‍රමාණවත් ය. අපගේ රටේ ජනතාව කාලයක් තිස්සේ සිතන පතන අයුරු පැහැදිලි කිරීමට මෙම සිදුවීමම ප්‍රමාණවත් ය. ආර්ථිකය සංහිඳියාව, දේශපාලනය සංහිඳියාව සහ ප්‍රජාවන් අතර විශ්වාසය ගොඩනැගීම අතර අන්තර් සම්බන්ධතාවයක් ඇත.

සංහිඳියාවට ඇති අභියෝග මොනවාද?

විවිධ රජයන් සංහිඳියාව සම්බන්ධයෙන් කොමිසම් ගණනාවක් පිහිටුවා තිබේ. ඒ සඳහා වූ පරිපාලන නිලධාරීන්, වියදම් ආයතන, සම්පත් ආදිය සඳහා වූ වියදම් ගෙන බැලූ විට ඒ සඳහා විශාල වියදමක් වැය කර තිබේ. මෙම ආයතන ගොඩනැගීම සඳහා අවශ්‍ය අරමුදල් සපයාගන්නේ කෙසේද?

අතීතයේ දී දේශපාලඥයින්ට මුදල් සම්බන්ධයෙන් ගැටළුවක් ඇති නොවීය. පසුගිය අවුරුදු 75 ක කාලයක් තුළම ලද ආදායමට වඩා වියදම් වැඩි විය. ඒ ලංකාවේ ප්‍රාථමික ශේෂයයි. ලංකාවේ සංවර්ධනයන් ඇති වී තිබෙන්නේම ණය වලිනි. 1965 සිට 1970 දක්වා මුදල් ඇමති වූ යූ.බී.වන්නිනායක මුදල් ඇමති ව සිටි කාලයේ දී රටෙහි ආදායමෙන් රටේ වියදම් පියවන ලදි. මංගල සමරවීර මුදල් ඇමති වූ 2018-2019 කාලයේ දී ඉතාමත් සුළු වශයෙන් ආදායම වැඩි විය.  2018-2019 වසර වලදී. අනෙක් හැම වසරකදීම ප්‍රාථමික ශේෂයේ තිබී ඇත්තේ සෘණ ශේෂයකි. ඕනෑම වියදම් කළමණාකරණය කරන ක්‍රමවේදයන් තිබේ. රජයේ වියදම් රජයේ ආදායම් වලට වඩා වැඩි නම් අප ණය ගැනීම් කරනු ලබනවා. ආණ්ඩුවකට අපට වඩා වැඩියෙන් ණය ගැනීමේ හැකියාවක් තියෙනවා. රජයකට ණය ගැනීමට ක්‍රම කිහිපයක් තිබේ. අධිවේගී මාර්ගයන් සඳහා ණය අරගෙන තිබේ. ඒ විදේශීය ණය යි. රටේ පානීය ජල ව්‍යාපෘති වැනි ව්‍යාපෘතීන් සඳහා දේශීය බැංකු වලින් ණය ගෙන තිබේ. මේ සියළු ණය ඇයවැයෙන් පිටත තිබෙන ණයයි. රජය ඇපයට තබා රාජ්‍ය බැංකු වලින් ද විශාල ලෙස ණය ගෙන තිබේ. මෙවැනි ණය මුදා හැරීම නිසා බැංකු පද්ධතිය කඩා වැටීමකට පවා ඉඩ තිබේ. එමෙන්ම මහ බැංකුවෙන් මූල්‍ය ණය ගැනිමේ හැකියාව රජයකට තිබෙන අතර එවිට ණය ලබාදීම සඳහා මුදල් අච්චු ගැසිම සිදු කරනු ලබයි. එයින් මුදල් මැවිමක් සිදුවන නිසා පසුගිය කාලයේ දී 70% උද්ධමනයක් ඇතිවිය. එයින් ආර්ථිකයට වූ හාකියට ජනතාව තවමත් මුහුණ දෙමින් සිටියි. නව මහ බැංකු පනතක් මෑත දී සම්මත විය. ඒ පනතින් අනුව මුදල් අච්චු ගැසීමට නොහැකිය. මෙවැනි නීති රීති නොමැතිව මූල්‍ය පාලනයකට ගියහොත් පහුගිය කාලේ වගේ පෝලිම් වලට, ආහාර, ගෑස්, ඉන්ධන නොමැතිව තත්ත්වයකට නැවතත් ගමන් කිරීමට ඉඩ තිබේ.

2023 වසරේ රටේ මුළු ආදායමෙන් 89% වැය වුනේ ණය පොලී ගෙවීම සඳහා ය. ආදායම් බදු, උපයන විට ගෙවන බදු, වානිජ ආයතන වලින් ගෙවන බදු. වැට්, වැනි බදු. 30 % පමණ එම බදු වලින් ලැබෙනවා. මෙම ආදායම් බදු ගෙවීමට සිදුවූයේ රුපියල් ලක්ෂයකට වඩා මාසික ආදායමක් ලබන පුද්ගලයන් ය. ඉතිරි බදු ආදායම ලැබෙන්නේ ආනයන මත පැනවෙන බදු වලින්. 2022 දී 86 % ක් පමණ රජයේ සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා ය.

හැමදාම සුපුරුදු සටන් පාඨයක් තියෙනවා රජය ආණ්ඩුව IMF එකෙන් කිව්ව නිසා එක එක කොන්දේසි වලට යටත් වෙලා කියලා. ඒක බොරුවක්. රජය තමයි IMF යෝජනා ඉදිරිපත් කරන්නේ. IMF විසින් රජය විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනාවන් රජය විසින් සිදු කරනු ලබනවා දැයි සොයා බැලීමක් සිදු කරනු ලබයි. එම යෝජනාවන් සම්පූර්ණ කිරීම සහතික කිරීම රජය විසින් සිදු කිරීම කරනු ලබනවා. 8%  තිබෙන දළ දේශීය නිෂ්පාදිතය සහ බදු ප්‍රතිශතය 2026 වන විට 14 % කළ යුතුයි IMF යෝජනා කර තිබෙනවා. සියළුම ආකාරයේ බදු වැඩි කිරීම් වලින් පවා මේ වන විට ලබා තිබෙන බදු ආදායම එය 9.5 %  කි. මේ වැනි බදු ප්‍රතිශතයක් තිබිය දී විදෙස්ගතවීමටත්, විරෝධතාවයක් දැක්වීමටත් එක් වූ පිරිස් මෙම ප්‍රතිශතය 2023 වසරේ රටේ මුළු ආදායමෙන් 89% වැය වුනේ ණය පොලී ගෙවීම සඳහා ය. ආදායම් බදු, උපයන විට ගෙවන බදු, වානිජ ආයතන වලින් ගෙවන බදු. වැට්, වැනි බදු. 30 % පමණ එම බදු වලින් ලැබෙනවා. මෙම ආදායම් බදු ගෙවීමට සිදුවූයේ රුපියල් ලක්ෂයකට වඩා මාසික ආදායමක් ලබන අය නමුත් ඊට විරුද්ධව එවැනි ආදායමක් මාසිකව නොලබන ගුරුවරුන් පවා විරෝධතාවයන්ට ගියා. ඉතිරි බදු ආදායම ලැබෙන්නේ ආනයන මත පැනවෙන බදු වලින්. 2022 දී 86 % ක් පමණ රජයේ සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවන්න. අපේ ආණ්ඩුව යන්නේ රිම් එකෙන්. හැමදාම සුපුරුදු සටන් පාඨයක් තියෙනවා ආණ්ඩුව IMF එකෙන් කිව්ව නිසා එක එක කොන්දේසි වලට යටත් වෙලා කියලා. ඒක බොරුවක්. රජය තමයි IMF යෝජනා ඉදිරිපත් කරන්නේ. IMF විසින් රජය විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනාවන් රජය විසින් සිදු කරනු ලබනවා දැයි සොයා බැලීමක් සිදු කරනු ලබයි. එම යෝජනාවන් සම්පූර්ණ කිරීම සහතික කිරීම රජය විසින් සිදු කිරීම කරනු ලබනවා. 8%  තිබෙන දළ දේශීය නිෂ්පාදිතය සහ බදු ප්‍රතිශතය 2026 වන විට 14 % කළ යුතුයි IMF යෝජනා කර තිබෙනවා. සියළුම ආකාරයේ බදු වැඩි කිරීම් වලින් පවා මේ වන විට ලබා තිබෙන බදු ආදායම එය 9.5 %  කි. මේ වැනි බදු ප්‍රතිශතයක් තිබිය දී විදෙස්ගතවීමටත්, විරෝධතාවයක් දැක්වීමටත් එක් වූ පිරිස් මෙම ප්‍රතිශතය 14 % ක් පමණ වන විට කුමන පියවරක් ගනීවි ද? මෙය තමයි අර්බුදය අප දැන් මුහුණ දෙන.

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ ආර්ථික අර්බුදයක් ඇති අවස්ථාවක ජනතාවට තවත් පීඩනයක් ඇති වන අයුරින් බදු වැඩි කිරීමට මා ද විරුද්ධ වුනා. අදායම් ලබන පුද්ගලයන් විසින් ගෙවනු ලබන ආදායම් බදු ගැන ගැටළුවක් ඇති වුනත්, මේ තරම් ප්‍රමාණයකින් වක්‍ර බදු වැඩිවීමට අපගේ විරෝධයක් ඇත. රජය වියදම් අඩු කිරීමට කැමැත්තක් නොදක්වයි. බ්‍රිතාන්‍ය යනු දැඩි ආක්‍රමණශිලී රටවල් ගණනාවක් අත්පත් කරගැනීමට උත්සාහ කරන ලද රටක්. බ්‍රිතාන්‍ය හමුදාවට වඩා විශාල හමුදාවක් ලංකාවට සිටියි. ලංකාවේ හමුදාවට අඩු කිරීම කළ හැකි බව හිටපු හමුදා නිලධාරියෙක් වන හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ ද එකඟත්වයක් ඇත. ඔහුගේ අදහස අනුව ලංකාවේ සිටින මේජර් ජෙනරාල්වරු සංඛ්‍යාව අඩු කළහොත් විශාල වියදමක් අඩු කළ හැකි වනු ඇත. එක් මේජර් ජෙනරාල්වරයෙක් සඳහා රජය විසින් විශාල වියදමක් වාර්ශිකව දරුණු ලබයි. නමුත් ඊට ඉක්මනින් කිරීමෙන් ජනතාවගේ ප්‍රතිචාරය සංකීර්ණ විය හැකිය. ආණ්ඩුව එය ක්‍රමයෙන් අඩු කරමින් යයි.

රජයට ඇති අනික් ගැටළුව නම් පුනරාවර්තන වියදම් ය. පුනරාවර්තන වියදම් වලින් වැටුප් සඳහා යන වියදම් ය. පුනරාවර්තන වියදම් අඩු කිරීම එතරම් පහසු නැත. මිනිසුන් රැකියා වලින් ඉවත් කිරීමට රජය කැමැත්තක් නොදක්වයි. ඒ නිසා ලංකාවේ රජයට වියදම් අඩු කර ගැනීමේ විශාල සංකීර්ණ ගැටළුවක් ඇත. ආකාර්යක්ෂම රාජ්‍ය සේවයට දොළ පිදේනි දෙමින් සිටීමට සිදුව ඇත.

ඉදිරියට රජයට සැහැල්ලු ලෙස වියදම් කිරීම අපහසු වෙනු ඇත. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ට ලංකාවේ විශ්වාසනීයම බැංකුවක් වන ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් බිලියන 35 ක් ණයක් ආණ්ඩුවේ ඇපය යටතේ ලබා දී ඇත. දැනට එහි පොලිය රජය විසින් ගෙවනු ලබයි. මෙම ගනුදෙනුවත් ඇයවැය තුළ ඇතුළත් වී නොමැත. පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූයේ ද, සාකච්ඡා කර, විවාද කරේ ද නැත. විශ්ව විද්‍යාලය විසින් මාසකට මිලියන 369 ක් ගෙවිය යුතුයි. නමුත් දැනට ඔවුන් මාසයකට ජාතික ඉතිරි කිරීමේ බැංකුවට ගෙවිය හැක්කේ මිලියන 50 ක් පමණ ගෙවිය හැකියි. මිලියන 300 කට වැඩි හිඟයක් තිබේ. මෙම හිඟයත් ගෙවිය යුතු වන්නේ ජනතාවයි. ගෙවිය නොහැකි නම් ණය ගැනීමටත් හැකියාවක් නැතිනම් කුමක් කළ හැකිද? කළ හැකි එකම දේ බදු වැඩි කිරීමයි.

මේ රටේ යථාර්ථය. එය ගැඹුරු අර්බුදයකට රට පත්ව තිබෙනවා. ඒ අතරේ තමයි සංක්‍රාන්ති යුක්තිය යටතේ අතුරුදහන්වූවන් සම්බන්ධයෙන්  සඳහා කාර්යාලයක් පිහිටුවා, අදාල වින්දිතයන්ට හානිපූර්ණ ලබාදීමට තීරණය වී තිබෙනවා. “හානිපූර්ණය කියන්නේ” අතුරුදහන්වූ පුද්ගලයන් වෙනුවෙන්, නිවාස දේපල අත්පත් කර ගැනීම් වෙනුවෙන් අපි අඩුම තරමේ “සමාව” ඉල්ලීමවත් කළ යුතුයි. හානිපූරණයේ මානසික මුහුණුවරක් තිබේ. හානිපූරණය වෙනුවෙන් මුදල් වන්දියක් ලෙස ලබාදීම ද කළ යුතුය. රජයට ඒ සඳහා අරමුදල් සපයා ගැනීමට හැකියාවක් තිබේද? අප විසින් රටක් වශයෙන් කළ යුතුයයි සිතෙන හොඳ දේවල් කිරීමට අරමුදල් නැත. තමන්ගේ පවුලේ කෙනෙක් අතුරුදහන්වීම නිසා, ඝාතනයට ලක්වීම නිසා හෝ  පවුලේ අයට ඇතිවන පීඩනය ඉතා ගැනීමට නොහැකි තරම් බරපතල ය. එය උතුරේ හා දකුණේ කියා වෙනසක් නැත. ආර්ථික ප්‍රශ්නය විසඳාගත නොහැකි වුවහොත් හානිපූරණය වැනි ඉතා යහපත් ක්‍රියාවන් වුවත් කිරීමට අපට අරමුදල් සොයාගැනීමට නොහැකි වනු ඇත. ඒවා යථාර්ථයක් නොවනු ඇත. 2023 පොලී ආදායම ඉහළ ගිය නිසා රජයට අදායමක් ලැබුණි. ආර්ථික වර්ධන වේගය 3% වැඩි වුවහොත් තවත් රජයේ ආදායම වැඩි කළ හැකිය. ආර්ථික වර්ධනය සඳහා ලංකාවේ ආර්ථික තුළ යම් විභවතාවයන් තිබේ. එය ප්‍රතික්ෂේප කළ නොහැකි වනු ඇත. එම නිසා රට තුළ සංක්‍රාන්ති යුක්තිය ඇති කිරීමටත්, වඩා යහපත් සමාජයක් ගොඩනැගීමටත් යහපත් ආර්ථිකයක් ගොඩනැගීමට සිදුවනු ඇත. කවුරු බලයට ආවාත් අපිට යන්න වෙන්නේ “වැල් පාලමේ”, කවුරු ආවත් අපිට යන්න වෙන්නේ “කඩු තුඩේ..

    Sudesh De Silva
Social Sharing
අවකාශය නවතම විශේෂාංග