විදූහල්පතිවරයෙකු, 12 හැවිරිදි පාසල් සිසුවෙකුට පහරදීමේන් ශුසුම්නාවට බරපතල  හානි

A 12-year-old school student was assaulted by a principal.

මාස 03ක් ඇද විවේක ගන්නයි වෛද්‍යවරු සිසුවාට උපදෙස් දෙයි. මිද්දෙනිය පොලීසිය සිද්ධිය සමථමණ්ඩලයට යොමුකර ඇත.

පන්ති කාමරයේ කුණු අස්කිරීම සිදූ නොකළ වරදට, හ /දෙබොක්කාව මහා විද්‍යාලයේ විදූහල්පති මාලක වීරවර්ණකුල මහතා විසින්  එම පන්තියේ පන්ති නායකයාව පන්තියේ සිට කනෙන් අල්ලා පන්ති කාමරයෙන් එලියට ඇද දමා,  සිසුවාගේ ගෙළ හරහා එල්ලකර මිටි මොළවාගත් අත් පහරවල් දෙකෙන් සිසුවාගේ ගෙලෙහි අස්ථිවලට  බරපතල හානි සිදූව ඇත.

පහර කෑමට ලක්වූ මෙම 12 හැවරිදි පාසල්  සිසුවා ඇඹිලිපිටිය මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එහි කාර්ය්‍ය මන්ඩලය විසින් මෙම පාසල් සිසුවා විදුහල්පතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවා ගැණිමට බොරුවට රෝහලේ ලැග සිටින බවට  චෝදනා කරමින් සිසුවාට හා එහි භාරකරුවන්ට චෝදනා කරමින් බලපෑම් කර ඇත.

විදුහල්පතිගේ පහරදීමට එරෙහිව මිද්දෙනිය පොලීසිය වෙත කල පැමිණිල්ලට අනුව සිසුවා ඉතාමත් ලෙස අසාධ්‍ය තත්වයෙන් ගෙළට කොළර් දමා රෝහලේ පසුවෙද්දීද පොලීසිය විසින් මෙම පැමිණිල්ල සුළු සිද්ධියක් සේ සලකා සමථ මූල මණ්ඩලය වෙත යොමු කර ඇත.

මෙලෙස විදූහල්පතිගෙන් පහර කෑමට ලක්ව ඇත්තෙ කාරියමඩිත්ත, දෙබොක්කාව බටහිර, ලිදගාව වත්ත දරණ ලිපිණයේ පදිංචි ඒ.ජී. ලලනි චම්පිකා මියගේ පුත්‍රයා වූ හ/ දෙබොක්කාව  මහා විද්‍යාලයේ 07 වන ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරණ, එම පන්තියේ නායකයා ලෙස කටයුතු කරන  ජාසිං ආරච්චිගේ ඉමාල් අමීෂ්ක යන අයයි. මෙම අමාණුෂික පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්, මිද්දෙනිය පොලීසිය, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා/තුමිය තංගල්ල, ළමාරක්ෂන අධීකාරිය, ළමා හා කාන්තා කාර්යාංශය, පොලිස් මූලස්ථානය හා මානව හිමිකම් කොමිෂන් සභාව මාතර යන ආයථන වෙත සිසුවාගේ මව විසින් පැමිණිලි කර ඇත.

  • සිද්ධීයට මුහුණ දූන් පාසල් සිසුවා වූ ජාසිංහ ආරච්චිගේ ඉමාල් අමීෂ්ක

මම 07 පන්තියෙ ඉගෙන ගන්නෙ. අපේ පන්තියෙ නායකය මම, අපේ පන්තිය පිරිසිදූ කිරීම සදහා ළමයින්ගේ නාම ලේඛනයක් හදල තියෙන්නෙ. 2024.05 02 දා පන්තිය අතුගාන්න හිටිය කට්ටිය පරක්කු වෙලා ආවේ ඒ නිසා පන්තිය අගුගාල තිබුනෙ නැහැ. එදා අපට පළමු පීරියඩ් එකේ ආගම තිබුනෙ, ටීචර් ඇවිත් පන්තියේ ආගම විෂය උගන්වමින් සිටියදී ප්‍රින්සිපල් සර් පන්තියේ දොරකඩ ලගට ඇවිත්, මේ පන්තිය අතුගාල නෑ නේ. කෝ පන්ති නායකයා කියා ඇහුව. මම පන්ති නායකයා නිසා නැගිට්ට, ප්‍රින්සිපල් සර් මට කථා කරල අරගෙන, තමුන් පන්ති නායකය නේ මේව පිරිසිදූ කරවන්න ඔින තමුන්නේ කියා මගේ කනෙන් අල්ලාගෙන පන්ති කාමරයෙන් එළියට දමල, අත මිටි මොලවල මගේ බෙල්ලට දෙකක් ගැහුව. මට ඒ වෙලාවෙ හරියට රිදූන, ඊට පස්සෙ ප්‍රින්සිපල් සර් මට කියා ඒ වෙලාවෙ අපේ පන්තිය සම්පූර්ණයෙන්ම අතුගෑවෙව්ව. ඊට පස්සෙ මම වේදනාව ඉවසාගෙන පන්තියෙ අමාරුවෙන් ඉදල ඉස්කොලෙ ඇරුනම මම ගෙනියන්න අම්ම ආව, අම්මත් ඒක්ක ගෙදර යන ගමන් මම කීව මගේ අම්මට මට ප්‍රින්සිපල් සර් ගැහුව බෙල්ලට හරිම අමාරුයි කියා ,

  • අදාල සිසුවාගෙ මවඅබේසිංහ ගමාච්චිගේ ලලනි චම්පිකා

මගේ පුතා හරිම අහිංසක දරුවෙක්, එයා දග වැඩ කරන්නෙ නැහැ. හරිම කීකරුයි. 2024.05.02 දින මගේ පුතා සුපුරුදූ පරිදි පාසල් ගියා, එදා මම පාසල ඇරියාට  පසු දවල් පුතාව රැගෙන එන අතර තුරු මගේ පුතා මට කීවා කුණූ අස්කරල නැහැ කියා, එයාට ප්‍රින්සිපල් සර් බෙල්ලට ගැහුව, බෙල්ල කකියනව කියා, ඊට පසු මා විසින් පුතා සමග ගෙදර ගොස් මගේ පුතාගේ බෙල්ලෙ ‌තෙල් ටිකක් ගාල හිටිය. පුතාට රෑ අමාරු වුනා, බෙල්ල ඉදිමිලා තිබුණා. පසුදා  (03දා) උදේ මම හ/ දෙබොක්කාව පාසල වෙත ගොස් විදූහල්පති හමුවී මාගේ දරුවාට අමාණුසික අන්ධමින් පහර දූන්නෙ ඇයි කියා විමසා සිටි අතර, විදූහල්පති විසින් මාහට ඉතාමත් පහත් නීච අන්ධමින් බැන වැදි මාව පලවා හැරිය. අනතුරුව මා මගේ පුතාව ගෝණදෙනිය ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන ගොස් බෙහෙත් රැගෙන ආවත් ඒවායෙන් ගුණයක් නොමැති නිසා මාව නැවතත් එම රෝහලට යෑමෙන් අනතුරුව එම රෝහලේ වෛද්‍යාවරයා විසින් මාගේ දරුවා නේවාසික ප්‍රථිකාර සදහා එහි නතර කරගත් අතර. ඉන් අනතුරුව මාගේ පුතාව ඇඹිලිපිටිය මහ රෝහල වෙත මාරුකර යවා තිබුණි, එම රෝහල විසින් පරික්ෂණ අරබා ප්‍රකාශකර සිටියේ ඒ තරම් බරපතල නොමැති බවයි, එපමණක් නොව ඒ රෝහලේ 09 වාට්ටුවේ වෛද්‍යාවරයා හා නර්ස්ල විසින් මා සහ මාගේ දරුවා බොරු කරන බවත්. දරුවාට කිසිම අසනීපයක් නැති  බවත්, විදුහල්පතිගෙන් පලි ගන්න ඔින නිසා මෙතන රගපාන බව කියා අපහට දැඩි චෝදනා එල්ල කරමින් පසු වුනා, ඒ රෝහල විසින් මාගේ දරුවාගේ ටිකට් කැපුවත් මාගේ දරුවාට ගුණයක් තිබුනේ නැත.අනතුරුව කරාපිටිය වෙත ගොස් විශේශඥ වෛද්‍යවරයකු මගින් මගේ දරුවාව පරික්ෂාකර බලා, මාගේ දරුවාගේ ගෙලෙහි අස්ථි දෙකක් ඇදී ඇති බවත්, එය අවධානම් තත්වයක් බවත්, ඔළුව දෙපැත්තෙන් සිදූරුකර ඔළුවේ වැලි කොට්ටයක් එල්ලා තබා කොලරයක් දමා ඇති බවත්, මාස තුනක ඇද විවේකයක් හා වසරක් යනකම් මහන්සි නොවන ලෙසට වෛද්‍යවරයා විසින් මාහට උපදෙස් ලබා දූන්නහ, මේ වනවිට මාගේ දරුවා  නිවසේ ප්‍රථිකාර ලබමින් පසු වෙනව.

මාගේ පුතාට පහරදූන්, විදූහල්පති මාලක වීරවර්ණකුල යන අයට එරෙහිව මිද්දෙනිය පොලීසියට කළ පැමිනිල්ලට අනුව මිද්දෙනිය පොලීසිය විසින් මෙම සිද්ධිය සුළු සිද්ධීයක් ලෙස සලකා සමථමූල මණ්ඩලය වෙත යොමුකර ඇත. ඉන් අනතරුව කලාප අධ්‍යාපන කාර්යාලය තංගල්ල, ළමාරක්ෂන අධිකාරිය, ළමා හා කාන්තා කාර්යාංශය, පොලිස්පති හා මානව හිමිකම් කොමිෂම වෙත පැමිණිලි කර ඇතත් කිසිදූ ආයථනයකින් මෙතෙක් නීතිය ක්‍රියාත්මක කර නැත. පසුගියදා මා කලාප කාර්යාලය තංගල්ලට  ගිය විට එහි මැඩම් මාගෙන් විමසා සිටියේ තාම ඔික ඉවර නැද්ද කියාය. ඉතිං මේ සිද්ධිය රජයේ සියළුම බලධාරින් සුළු දෙයක් කියල හිතන්නෙ, මගේ දරුව විදින දූක මම නේ දන්නෙ යනුවෙන් ප්‍රකාශ කරමින් ඇය නිහඩවිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් විග්‍රහ වන තුන්වන පරිච්ඡේදයේ 12 වන ව්‍යවස්ථාවේ, කිසිම තැනැත්තෙකු වධ හිංසාවලට හෝ කෘාර අමාණුසික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් නොකල යුතුය යනුවෙන්  සදහන් වේ. ගුරුවරයා යනු අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන රජයේ සේවකයෙක්, ඔහු රාජ්‍ය බලය අනුව ක්‍රියාත්මක පරිපාලන විධායකයේ කොටසක්, අදාල විදූහල්පති විසින් මෙම සුසුවාට කෲර වධ හිංසාවකට හෝ දඩුවමකට යටත් කල තිබියදීද මෙම පහරදීමට එරෙහිව අදාල වගකිවයුතු ආයථනවලට සිසුවාගේ දෙමාපියන් විසින් සිදුකල පැමිණීලි විධීමත් පරිදි විමර්ශණය නොකිරීමද යම් දේශපාලන හස්තයක් විසින් මෙය යටපත් කිරීමට උත්සාහයක නිරත වන බවටද දෙමාපියන් සැක පහළකර සිටී.

Tharanga L Patabenadi
සටහන – තරංග එල්. පටබැදි.
හම්බන්තොට
Social Sharing
අවකාශය නවතම